Colombo Today Local Newsextremism & terrorism activities

මුස්ලිම් දේහ ආදාහනය නොකරන ලෙසට අන්තවාදී දේශක සකීර් නායික්ගෙන් ශ්‍රී ලංකාවට තර්ජන.

ඉන්දියාවේ සිට දැනට මැලේසියාවට පැනගොස් ජීවත්වෙන ඉස්ලාමීය අන්තවාදී පූජකයෙකු වන සකීර් නායික්, ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය හේතුවෙන් මිය යන මුස්ලිම්වරුන්ගේ සිරුරු රජය බලහත්කාරයෙන් ආදාහනය කරන බවත්, ඉක්මනින්ම එය ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය (Organization Islamic Cooperation) වෙත ගෙන යන බවටත් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

මුස්ලිම්වරුන් පමණක් නොව කිතුනුවන් ද මළ සිරුරු ආදාහනය නොකරන බවත්, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීම සඳහා ක්‍රිස්තියානි රටවල් ද එක්ව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු පවසා ඇත.

මේ අතර සකීර් නායික් වැඩිදුරටත් පවසා ඇත්තේ අවාසනාවකට මෙන් ලෝකයේ මුස්ලිම්වරුන් එක්සත් වී නොමැති බවයි.

“ලෝකයේ රටවල් 57 ක මුස්ලිම්වරු බහුතරයක් සිටිති. ලොව බිලියන 2 ක් මුස්ලිම්වරු ජීවත් වෙති. මුස්ලිම්වරු ලෝක ජනගහනයෙන් සියයට 25 ක් වෙති. එහෙත් අවාසනාවකට මුස්ලිම්වරු එක්සත් නොවෙති.”

“මුස්ලිම් රටවල් ආත්මාර්ථකාමිත්වය වෙනුවෙන් එකිනෙකා අතර සටන් වදිති. අතීතයේ දී මෙන් මුස්ලිම් ප්‍රජාව එක්සත් වුවහොත් තත්වය වෙනස් වනු ඇත,” ඔහු පැවසීය.

“මුස්ලිම්වරු එක ශරීරයක් හා සමානයි, ශරීරයේ එක් කොටසක් රිදෙනවා නම්, එම වේදනාව මුළු ශරීරයටම පැතිරෙනු ඇත” යනුවෙන් මුහම්මද් නබිතුමාගේ අවවාදය සිහිපත් කරමින් සකීර් නායික්; “ශ්‍රී ලංකාවේ මුස්ලිම් හා ක්‍රිස්තියානි සුළු ජාතීන්ට සිදුවන අසාධාරණයට එරෙහිව මුස්ලිම්වරු ජාත්‍යන්තරව එක්සත් වුවහොත්, ශ්‍රී ලංකා රජයට සිය නීතිය වෙනස් කිරීමට සිදුවේවි,” යැයි හෙතෙම පැවසීය.

කොයෝට් ආසාදනය හේතුවෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය නිලධාරීන්ගේ ආදාහනය කළ යුතු බවට විද්‍යාත්මක සාක්ෂි නොමැති බව ඔහු පැවසීය.

“ඉස්ලාමය සහ ක්‍රිස්තියානි ධර්මය පවසන්නේ මළවුන්ගේ දේහයන් භූමදාන කළ යුතු බවයි. එබැවින් ශ්‍රී ලංකාවේ මෙම අසාධාරණ නීතිය වෙනස් කිරීම සඳහා ලෝකයේ ක්‍රිස්තියානි ජාතීන් එක්ව කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.”

වෛද්‍ය සකීර් නායික් මේ බව කියා සිටියේ තම ෆේස්බුක් පිටුවේ පළ කර ඇති වීඩියෝවක පෙනී සිටිමිනි.

වීඩියෝව ආරම්භයේදී සකීර් නායික් පණිවුඩ දෙකක් කියවන අතර ඒවා ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් දෙදෙනෙකු විසින් තමා වෙත යවා ඇති බව සඳහන් කරයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගෙන් බහුතරය මුස්ලිම් ජාතිකයන් වන අතර මුස්ලිම් සමාජය තුල වෛරස ව්‍යාප්තිය අවම කිරීම සඳහා කිසිදු මුස්ලිම් සංවිධානයක් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති අතර මිය යන පුද්ගලයින් ආදාහනය කිරීමට විරුද්ධව ඔවුන් කටයුතු කරමින් සිටියි.

“ලෝකයේ රටවල් 200 කට වඩා වැඩි සංඛ්‍යාවක් අතරින්, කොරෝනා ආසාධිත සිරුරු ආදාහනය කිරීමේ විකාර නීතිය ක්‍රියාත්මක කරන එකම එක ශ්‍රී ලංකාවයි” සකීර් නායික් අසත්‍ය ප්‍රකාශයක් ද සිදුකර ඇත.

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය හේතුවෙන් මියගිය මුස්ලිම්වරුන්ගේ සිරුරු ආදාහනය කිරීම පිළිබඳව අවධානය යොමු කරවන බව කියන ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය (Organization Islamic Cooperation) මුස්ලිම් රටවල් 57 ක් සාමාජිකයන් සමන්විත වීම වීම විශේෂත්වයකි.

Related posts

පාසල් දරුවන් මත් කරන්න ගෙනා මත්දුම් කුඩු කුප්පි 70000ක් රේගුවෙන් පන්නයි !

colombotoday

මහියංගන ප්‍රා. සභාවේ එජාප පොහොට්ටු මන්ත්‍රීවරු පොලිසිය ඉදිරිපිටදී ගැටෙති. 12ක් රෝහල්ගත කෙරේ.

colombotoday

පිරිසිදුභාවය තහවුරු කරන තෙක්, කොළඹ ලිං වතුර බොන්න එපා

colombotoday

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

colombotoday

රන්ජන් ජානකී විජේරත්නට ඉගැන්වූ ශුක්‍රාණු පාඩම (Voice)

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

Admin