Colombo Today Local News

මල්වානෙ බැසිල් ගෙදර නඩුවට පෙනී ඉන්නවා. – Colombo Telegraph උවිඳුගෙන් නීතිඥ සංගමයේ සභාපතිට ප්‍රහාරයක්

අරගලකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින, උද්ඝෝෂකයන් අතරේ මේ දිනවලදී ඉතාමත්ම ජනප්‍රිය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාට එරෙහිව දැනට රටින් පැනගොස් සිටින Colombo Telegraph නැමති වෙබ් අඩවිය පවත්වාගෙන යන උවිඳු කුරකුලසුරිය නමැති පුද්ගලයා Facebook සටහනක් තබමින් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ඒ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මල්වානේ පිහිටි නිවසක් සම්බන්ධයෙන් විභාගවන නඩුවක් සඳහා තිරුකුමාර් නඩේසන් නැමැත්තා වෙනුවෙන් පෙනී සිටින බවට චෝදනා කරමින්ය.

උවිඳු විසින් තබා ඇති සටහන,

“දැන් ඩොක්ටර් රනිල් ප්‍රසන්නට බෙහෙත් දීම ප්‍රතික්‍ෂේප කීරීම අගය​ කරන අය නීතීඥ සංගමයෙ සභාපති සාලිය පීරිස් ගැන මොකද කියන්නෙ? සාලිය තමා මල්වානෙ බැසිල් ගෙදර නඩුවෙ තිරුකුමාර් නඩේසන් වෙනුවෙන් පෙනී ඉන්නෙ. [ඔය පැන්ඩෝරා කේස් එකේ නම තියෙන නඩේසන්. නිරුපමාගෙ ස්වාමි පුරුෂය​.] නිකමට අහන්නෙ නිකමට​. මොකද ඔය ලෝයර්ස්ලවත් මේකට ඇදගෙන වාදකරනවනෙ.”

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

කුවේටය විවේචනය කල ශ්‍රී ලංකික කාන්තාවක් එරට සයිබර් අපරාධ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

colombotoday

සියතින් වෙඩි තබාගෙන ලුතිනන් මිය යයි.

colombotoday

දියතලාවේ බස් රථයක් ගිනි ගැනීමට හේතුව අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

මාස හයක් සදහා පෞද්ගලික සමාගම් තුනකින් විදුලිය මිළදී ගැනීමට තීරණය කරයි…

colombotoday

TNA විරෝධයෙන්, ඔඩ්ඩුසුඩාන් පොලීසිය විවෘත කිරීම නවතී

colombotoday