Colombo Today Local News

රිෂාඩ් බදුර්දීන් බේරාගන්න තවත් උත්සහයක්. | සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු හතළිහක් අත්සන් තබති.

රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා මොනවාදැයි මැතිසබයට වහාම දැනුම් දෙන්නැයි සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු හතළිස් දෙනෙක් සිය අත්සන් සහිත ලිපියක් බාර දෙමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළහ.

ඔහුට විරුද්ධව චෝදනා ඇති නම් වහාම නඩු පවරන්නැයිද එසේ නැතිනම් වහාම නිදහස් කිරීමට කටයුතු කරන්නැයිද එම ලිපිය මගින් ඉල්ලා සිටි බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පැවැසීය.

මේ අතර රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ඇති නම් වහාම ඒවා මැතිසබයට ඉදිරිපත් කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ද පාර්ලිමේන්තුවේදී පසුගියදා ඉල්ලා සිටියහ.

Related posts

මොහාන් ලාල් ග්‍රේරු නව රජයට එක්වේ.

colombotoday

මිලියන 1.5ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග තිදෙනෙක් අල්ලයි

colombotoday

වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාවය ගැන මැතිසබා විවාදයක්

Admin

අවසන් නිල ප්‍රතිඵලය තවම නෑ.. මැකො ජනතාවගෙන් සමාව අයදී

colombotoday

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 17ක් අත්අඩංගුවට

Admin

හඩ්සන් සමරසිංහ යලි ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිධූරයට

colombotoday