Colombo Today Local News

සමගිජනබලවේගය “ඩයනාගේ” පක්ෂ සාමාජිකත්වය තහනම් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.

සමගි ජන බලවේගය ව්‍යවස්ථාවේ 15 I ( ඇ) වගන්තිය යටතේ තමන් වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඩයනා ගමගේ මහත්මියගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමට කටයුතු කර ඇති බව සජිත් ප්‍රේමදාස මහතා ඇය වෙත ලිපියක් යොමුකරමින් සදහන් කරයි.

එම ලිපියේ තවදුරටත් මෙසේද දැක්වේ.

“ප්‍රජාතන්ත්‍රවාදය සුරක්‍ෂිත කිරීම සඳහාත්, ඒකාධිපතිවාදය පරාජය කිරීම සඳහාත්, පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරමින් එකී පනත් කෙටුම්පත පරාජය කිරීම සඳහා කටයුතු කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානගත සියළු පක්ෂවල මන්ත්‍රි කණ්ඩායම විසින් 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඒකමතිකව තීරණය කරන ලදි. ඒ අනුව එකී ඒකමතික තීරණය ප්‍රකාරව කටයුතු කරන ලෙසට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක තුමා විසින් “ත්‍රිත්ව ඉරි විධානයක්” ද නිකුත් කිරීමට කටයුතු කරන ලදි.

එහෙත් 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළව පාර්ලිමේන්තුවේ දෙවනවර හා තෙවනවර ඡන්දය විමසන අවස්ථාවේදී, සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ එකී ඒකමතික තීරණයද, ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් නිකුත් කරන ලද ත්‍රිත්ව ඉරි විධානයද උල්ලංඝණය කරමින් සහ/හෝ ඊට අකීකරුව සහ/හෝ ඒවාට අවනත නොවී 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඔබ විසින් කටයුතු කිරීම හේතුවෙන් ඉතා පහසුවෙන් ආණ්ඩු පක්ෂයට විනාශකාරී 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට හැකි විය. ඒ අනුව ඔබ විසින් 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් ගන්නා තීරණය ද, ඒ අනුව කටයුතු කරන ලෙසට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් දෙන ලද එකී විධානයන්ට ද එරෙහිව සහ/හෝ අවනත නොවී සහ/හෝ ඒවා උල්ලංඝණය කරමින් බරපතල ලෙස පක්ෂයේ විනය කඩකිරීමක් සිදු කොට ඇත.

ඒ අනුව සමගි ජන බලවේගය පක්‍ෂයේ කීර්ති නාමය හෝ යහපැවැත්ම හා උන්නතිය තකා ඔබගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමට අවශ්‍ය බව මා තීරණය කළ අතර, ඒ අනුව ඔබගේ සමගි ජන බලවේගය පක්‍ෂයේ සාමාජිකත්වය සමගි ජන බලවේගය පක්‍ෂ ව්‍යවස්ථාවේ 15 I (

ඇ) වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව වහාම තහනම් කරන බව මෙයින් දැනුම් දෙමි.

15 I (ඇ) – පක්‍ෂයේ කීර්ති නාමයට හෝ යහපැවැත්මට හා උන්නතිය තකා අවශ්‍ය නම් සාමාජිකයෙකුගේ සාමාජිකත්වය තහනම් කිරීමටත්, සංවිධානයක් නම් එහි වැඩකටයුතු තහනම් කිරීමටත් පක්ෂයේ සභාපතිවරයාට බලය ඇත

Related posts

නියෝජ්‍ය ඇමතිකමින් ඉවත් කළ දුලිප් ඒකාබද්ධ විපක්ෂයට

colombotoday

නිහාල් ෆොන්සේකා මුදල් මණ්ඩලයට

colombotoday

කබ්රාල්ට එරෙහි චෝදනා විභාගයට නොගෙනම ප්‍රතික්‍ෂේප කරන්න – ජනාධිපති නීතිඥ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලෙන් ඉල්ලයි

colombotoday

ඥානසාර හිමියන්ගේ මැදිහත්වීමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වෛරස් ප්‍රභේද හඳුනාගැනීමේ යන්ත්‍රයක් සඳහා ලක්ෂ 70 ක පරිත්‍යාගයක්

colombotoday

‘සර්‘ එක්ක නීතිය නැමුවාද? අහන්න පොලිස්පති අද පාර්ලිමේන්තුවට කැදවයි

colombotoday

ඉන්දියාවෙන් ගෙන ආ ලක්ෂ 70ක බීඩි කොළ තොගයක් වෙරළේ දමාගිහින්

colombotoday