Articles

මහ මොලකරු හා විපක්ෂයේ නිරුවත් දේශපාලනය

මහ මොලකරු සෙවීම මේ දිනවල රටේ ප්‍රසිද්ධ මාතෘකාවක් බවට පත්ව තිබේ.රට වටේ තාප්පවල පෝස්ටර් ගැසීමට සිමා නොවී සමාජ මාධ්‍ය තුල සේම පාර්ලිමේන්තුව ඇතුලේ ගුටිබැට ඇන ගන්නා තරමටම මේ මහ මොලකරු සෙවීමේ මාතෘකාව කතාබහට ලක්ව තිබේ.එනිසාම මේ සම්බන්දයෙන් විපක්ෂය ගෙන යන අවිචාරවත් දේශපාලන උපාය රටට හෙළිදරව් කිරීම කාලින අවශ්‍යතාවක් ලෙස සලකා මෙම විවරණය කිරීමට අදහස් කලෙමි.

මුස්ලිම් මුලධර්මවාදී ත්‍රස්තයන් විසින් කතෝලික පල්ලි සහ කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කොට පසුගිය 21ක් වන දාට වසර දෙකක් සම්පුර්ණ විය.මේ සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේ මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටතදීද විපක්ෂයේ කණ්ඩායම් සහ තවත් සිවිල් සංවිධාන ගණනාවක් විවිධ පන්නයේ සැමරුම් උත්සව සේම විරෝධතාව්‍යන්ද දියත්කොට තිබෙනු අපට දැක ගැනීමට හැකිවිණි.මේ සම්බන්දයෙන් විපක්ෂය නගන ප්‍රධාන චෝදනාව බවට පත්ව ඇත්තේ පාස්කු ප්‍රහාරයට සම්බන්ද අවශේෂ වැරදි කරුවන් නොව මහ මොලකරු තවමත් නිදැල්ලේ සිටින බවයි ඔහු අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව ක්‍රියා නොකරන බවයි.දැන් ජනතාවට විශාල ප්‍රශ්නයක් මතුව තිබේ එනම් කවුද මේ මහ මොළකරු යන්නයි.තවද කතෝලික ආගමිකයන් නියෝජනය කරමින් කාදිනල් මැල්කම් රන්ජිත් හිමියන් විටින් විට කරනු ලබන ප්‍රකාශද මෙහිදී දේශපාලන වශයෙන් ආණ්ඩුව හා විපක්ෂය උණුසුම් කරමින් සිටි.මේ වන විට ජනතාව සිටින්නේ දෙලොවක් අතරය එනම් පාස්කු කොමිසම හරහා යමක් වුනේ නැද්ද පාස්කු ප්‍රහාරයට සම්බන්ද කිසිවෙක් ආණ්ඩුව අත්අඩංගුවට අරගෙන නැද්ද ජනතාවට ඇතිව තිබෙන ගැටළු මේවාය.

පාස්කු ප්‍රහාරය සිදුවන විට මේ රටේ ජනාධිපතිවරයා මෛත්‍රිපාල සිරිසේන මහතාය ඒ වනවිට මේ රටේ අග්‍රාමාත්‍ය ධුරය දරන ලද්දේ රනිල් වික්‍රමසිංහ මහතාය එවකට පොලිස්පති ධුරය හොබවන ලද්දේ පුජිත ජයසුන්දර මහතාය ආරක්ෂක ලේකම්වුයේ හේමසිරි ප්‍රනාන්දු මහතාය දැනට ආණ්ඩුවේ මේ කියන බලතල හොබවන කිසිවෙක් එවකට පවතී යහපාලන ආණ්ඩුවට සම්බන්ද වී සිටියේ නැත.පාස්කු දින ප්‍රහාරය එල්ලවන විට රටේ පවතී ආරක්ෂක තත්වය ඉතා දුරුවල එකක් වූ අතර අගමැතිවරයා හා ජනාධිපතිවරයා විරසක වී සිටියේය. අදාළ සිදුවීමේ වගකීම ජනාධිපති සිරිසේන බාර නොගත් අතර එකී වගකීම බාරගැනීම එවකට අගමැති වික්‍රමසිංහ ද ප්‍රතිෂේප කරන ලදී.ඉන් අපට පෙන්නුම් කරන්නේ රට කොතරම් අරාජිකත්වයක් කරා ගමන් කරමින් සිටියේද යන්නයි.ශ්‍රීනිප ඇමතිවරු වික්‍රමසිංහ අගමැතිවරයා මිට වගකිව යුතු බවට චෝදනා කල අතර එක්සත් ජාතික පක්ෂ ඇමතිවරු මෙහි වගකීම සිරිසේන ජනාධිපතිවරයා විසින් බාරගත යුතු බවට චෝදනා කළේය.මෙකි නග්න දේශපාලන විගඩම රටේ ජනයා දැඩි පිළිකුලෙන් යුතුව බලාසිටි අතර දේශපාලන අරාජිකත්වයක් රටතුල මතුවිය.ඊට රටේ ආරක්ෂාව තහවුරු කල හැකි කෙලින් තීන්දු තීරණ ගත හැකි නායකයෙකු අවශ්‍ය බව සමාජය තුල කතාබහක් ඇතිවිය.මෙකි හිඩැස පිරවීමට කාලය විසින් ඉල්ලා සිටින සුදුස්සා ලෙස බහුතර ජනයා තීරණය කරන ලද්දේ පැවති තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීමට පරිපාලන නායකත්වය දුන් ගෝඨාභය රාජපක්ෂ මහතාය.

පැවැති ජනාධිපතිවරනයෙන් තම පරාජිතයාට වඩා මිලියන එකාමාරක් වැඩි ඡන්ද ලබාගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය ලැබූ අතර එය ජයග්‍රහණයක් නොව අති විශිෂ්ඨ දිනුමකි.ඉන් පෙන්නුම් කරන්නේ රටේ ජනයා තුල හිටපු ජනාධිපති හා ආණ්ඩුව කොතරම් අප්‍රසාදයට පත්වී ඇද්ද යන්නයි.වර්තමාන ජනාධිපතිවරයා බලයට ගෙනඒමට ක්‍රියාකළ අයගේ මුලික අරමුණ වුයේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම බව ඉතා පැහැදිලිය මැතිවරණ සමයේ සමාජ මාධ්‍ය තුල සුලඹව දකින්නට ලැබුණු අදහසක් වුයේ කන්න නැතත් ඉන්න රටක් යන සටන් පාඨයයි.ඒ අනුව ජනතාවගේ පෙළගැස්ම කොයි ආකාරද යන්න ඉතා පැහැදිලිය.නමුත් දැන් සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න අපි පැහැදිව විග්‍රහ කරගත යුතුව තිබේ.මෙය ආණ්ඩුව පැත්තෙන් නිවැරදිව පැහැදිලි කරන බවක් පෙනෙන්නට නැත.ආණ්ඩුව කරන්නේ විපක්ෂය දමන පන්දුවලට පිත්ත දමා නිකරුනේ දැවී යාමයි නැතිනම්.විපක්ෂයට දේශපාලන වශයෙන් පහසු උඩ පන්දු ලබාදීමයි.විපක්ෂයට අවශාවී තිබෙන්නේ ආණ්ඩුව සංවර්ධන ඉලක්ක වෙත ගමන් කරනවා වෙනුවට වෙනත් දිසාවකට යොමුකොට ජනාධිපතිවරයා වසර පහක් වැඩක් නොකළ නායකයෙක් ලෙසට හංවඩු ගසා ජනතාව තුල අප්‍රසාදයට පත්කිරීමටයි.ඒ උගුලට ආණ්ඩුව හසුවන ප්‍රමාණය අනුව ආණ්ඩුවේ හා ජනාධිපතිවරයාගේ සාර්ථක අසාර්ථක බව තීරණය වනු ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් වර්තමාන ආණ්ඩුවට චෝදනා කරන සියලු දෙනාම පැවති යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිකම් සහ විවිධ තනතුරු හොබවා දැන් විපක්ෂයට ගොස් සිටින අයයි.පාස්කු ප්‍රහාරයට පසුවද ආණ්ඩුව යම්කිසි කාලයක් කරන ලද්දේ මේ පිරිස විසිනි.ඔවුන් මේ කියන මහ මොළකරුව ඔවුන්ගේ කාලයේ අත්අඩංගුවට නොගත්තේ මන්ද යන්න අපට නැගෙන සාධාරණ ගැටලුවකි.පාස්කු කොමිසමේ සමහර කරුණු අනුව ඊට එවක රජයේ සමහරුන් පැහැදිලිව වගකිව යුතු බවට චෝදනා එල්ලවී තිබේ.රට වටා පෝස්ටර් ගසමින් ජනතාව මංමුලා කරන ජවිපෙ මැතිවරණ අපේක්ෂකයෙකුගේ පුත්‍රයෙක් මෙකි මරාගෙන මැරුණු එක් බෝම්බ කරුවෙක් බවට සනාත් වී තිබියදී පවා ඔවුන් ආණ්ඩුවට බල කරන්නේ මහ මොළකරුවන් හෙළි කරන්න යනුවෙන් හඩ නගමිනි.මේවා වැටෙන්නේ දේශපාලන විහිළු ගනයට මිස සැබෑ දේශපාලන ක්‍රියාවන් හැටියට නොවේ.පසුගියදා ඥානසාර හිමියන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සජිත් ප්‍රේමදාස මහතා “කටාර් චැරටි” යන මුලධර්මවාදී ත්‍රස්තයන්ට මුදල් සපයන ආයතනක් සමග සම්බන්දතා පවත්වා ඇති ආකාරය වීඩියෝ සාක්ෂි සහිතව පෙන්වා දුන්නේය. මේ අනුව තමන්ගේ කිල්ලොටයේ හුණු කදු ගණන් තබාගෙන විපක්ෂය නටන නාඩගම අපි හදුනාගත යුතුය.

මුලධර්මවාදී ආගමික ඉගැන්වීම් ගුරුකොට ගනිමින් ලෝකය පුරා ඉස්ලාම් ත්‍රස්තවාදීන් එල්ලකරන ප්‍රහාර සදහා මහ මොලකරු වන්නේ එකී ඉගැන්වීම් සහ ඒ සදහා මග පෙන්වන ආගමික අන්තවාදී ගුරුවරුන් බව මේ සිගිති විපක්ෂය තේරුම් ගන්නේ කවදාද ? ප්‍රංශය,මහා බ්‍රිතාන්‍ය,ඇමරිකාව,ඇතුළු ලෝකයේ බොහොමයක් රටවල මෙකි ත්‍රස්ත ප්‍රහාර ජාලයක් පසුගිය කාලය තුල සිදුවූ අතර ලංකාව අපට ඉන් හුදෙකලා කොට ගත හැකි නොවේ.සැබෑ ලෙසම මෙකි ආගමික ත්‍රස්තවාදය තුරන් කිරීමට නම් ඒවා පෝෂණය වන සමාජ ගර්භාෂය විනාශ කල යුතුය.ඒ සදහා ආණ්ඩුව මේ වනවිට ඉතා හොද තීරණ කිහිපයක් ගෙන තිබේ එනම් පාස්කු කොමිසම විසින් නිර්දේෂකොට ඇති ත්‍රස්තවාදය සදහා උඩගෙඩි දෙන සංවිධාන කිහිපයක් තහනම් කිරීමට පියවර ගෙන තිබේ.තවත් තෝරාබේරා ගෙන එසේ තහනම් කලයුතු සංවිධාන ගණනාවක් මේ රටතුල තිබෙන බව ඊට එරෙහි සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දී තිබේ.තවද අන්තවාදී ඉගැන්වීම් සිදු කරන මද්‍රසා පාසල් නියාමය කිරීමටද රජය වැඩපිළිවෙලක් සකස් කරමින් තිබේ එයද ඉතාම හොද සාධනීය ලක්ෂණයක් ලෙස අපට පෙන්වා දිය හැකිය.කාදිනල් තුමන් විපක්ෂයේ දේශපාලන ගොදුරක් වෙමින් මේ සියල්ල අමතක කොට විටින් විට විවිධ උද්වේගකර ප්‍රකාශ නිකුත් කිරීම සිදු නොකොට මේ ක්‍රියාදාමය ඉදිරියට ගෙනයාමට රජයට සහය දිය යුතුය යන්න අපගේ හැගීමයි නැතිනම් සිදුවන්නේ තාරාවගේ බඩ පලා රත්තරං ගැනීමට ගිය ගැමියාට වූ දේ බව කාදිනල් තුමන් වෙත මතක් කර සිටිමට කැමැත්තෙමු.මහ මොළකරුවන් ලෙස බිල්ලෙකු මවමින් නිසි ප්‍රතිකාරය වැලැක්වීමට විපක්ෂය ගන්නා නග්න උත්සාහය ඉතාම උපක්‍රමශීලිව සිදු කරන එකක් බව ඉතා පැහැදිලිව අප හදුනා ගත යුතුය.විපක්ෂයේ කල්ලි කණ්ඩායම් වටා සිටින්නේ කවුද යන්න විමසා බැලීමෙන් ඒ බව ඉතා හොදින් තහවුරු වේ අවසන් වශයෙන් මෙසේ ලියා තැබීමට කැමැත්තෙමි විපක්ෂයට අවශ්‍ය ත්‍රස්තවාදය මුලින්පුටා දැමීමට නොව ජනවරමින් බලයට ඒමට නොහැකි රූකඩයක් බලයට පත්කොට සියලු දෙනාට රට සමග සෙල්ලම් කිරීමටය. එසේ කිරීමට නම් පවතින ස්ථාවර බව නැතිකොට රට අවුල් ජාලයක් බවට පත්කිරීමට අවශ්‍ය වේ. මේ සිදු කරමින් සිටින්නේ 2015දී මෙන් බොරු බිල්ලන් මවා ජනයා තුල අසහනය වර්ධනය කොට රුකඩ රජෙකු සින්හාසනාරුඩ කොට තම සිතැගි ඉටුකරගැනීමේ අවසන් අරමුණෙ අතර මැද අවස්තාවන් බව මේ රටේ සබුද්ධික ජනයා තේරුම් ගත යුතුය.

කිර්ති දුනුවිල
ජාතික සංවිධායක
ජාතික නිදහස සදහා වූ පුරවැසි බලවේගය

Related posts

ලාංකේය තලේබාන් කල්ලියේ සෞදි නාඩගම

colombotoday

චාවාකච්චේරි බෝම්බ සිද්ධිය වසන් කර උතුරේ, දකුණේ දේශපාලකයන්.. මේ ඉටු කරමින් ඉන්නේ කාගේ උවමනාවද?

colombotoday

මුස්ලිම් අන්තවාදය ඊනියා ප‍්‍රවාදයකින් සාධාරණීකරණය කළ නොහැක.

colombotoday

විල්පත්තු මායිමෙන් විජය-කුවේණි කතාවේ අබිරහස මතුවෙයිද?

colombotoday

පියවරෙන් පියවර ඊළම එන්නේ මෙහෙමයි

colombotoday

අද වනවිට තරුණ පරපුර ආගම ධර්මයෙන් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි

colombotoday