World

පකිස්ථානයේ පැවැත්වෙන 20 වැනි සාක් සමුළුවට ඉන්දියාව සඳහා සහභාගී නොවෙයි

පකිස්ථානයේ පැවැත්වෙන 20 වැනි සාක් සමුළුව සඳහා සහභාගී නොවීමට ඉන්දියාව තීරණය කර ඇතැයි  ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය පැවසුවාය.

ඉන්දියාව – පාකිස්ථානය සම්බන්ධ කෙරෙන කර්තාර්පූර් තීරයට මුල්ගල තැබීම සම්බන්ධයෙන් ඇති වූ  මතභේදාත්මක තත්ත්වය  හේතුවෙන් මෙම තීරණය ගත් බව ඇය පැවසුවාය.

“පාකිස්ථානය ත්‍රස්තවාදී ක්‍රියා නවත්වන තුරු  කිසිදු සංවාදයක් නොපවත්වන බවත් සාක් සමුළුවට සහභාගී නොවීටමද අපි තීරණය කර ඇතැයි”  ඇය පැවසුවාය.

හැකි ඉක්මණින් සාර්ක් සමුළුව සාර්ථකව පැවැත්වීමට කටයුතු කරන බව පකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය.

2016 දී ඉස්ලාමාබාද් අගනුවර පැවැවූණු  19 වැනි සාක් සමුළුවටද ඉන්දියාව සහභාගී වී නැත.

Related posts

තුර්කි ජනපතිවරණයෙන් හිටපු ජනපති රිසෙප් තායිප් දිනයි

Admin

චීනයේ හිටපු අගමැති Li Keqiang මිය යයි

Admin

සුමාත්‍රා දූපතට රික්ටර් මාපකයේ ඒකක 6.4ක ප්‍රබල භූ කම්පනයක්

colombotoday

රුසියාවෙන් යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකට මිසයිල ප්‍රහාර

Admin

ඉන්දීය රංගන ශිල්පී මනෝ බාලා අභාවප්‍රාප්ත වෙයි

Admin

ඉන්දියාවෙන් ලංකාවට පන්නන්න ගිය ගංජා කිලෝ 2090ක් මාට්ටු

Admin