Colombo Today Local Newsfeatured

සේරුවිල රජමහා විහාරය කිසි දිනක දෙන්නේ නෑ. – කිරිබත්ගොඩ හිමිගේ අසපුව සම්බුද්ධ ශාසනය විනාශ කරන දිලීරයක්. සහරාන්ට වඩා දරුණුයි.

අසපු භික්ෂුන්වහන්සේලා අපහාස කලාට සේරුවිල රජමහා විහාරය ආරක්ෂා කරනවා. – අමරපුර සංඝසභාවේ උත්තරීතර මහනායක හිමි

ලෝක උරුමයක් බවට පත්ව තිබෙන සේරුවිල රජමහා විහාරය පිළිබඳව මාධ්‍යවේදීන් ඇසුවත් ඒ අවස්ථාවේදී උත්තර දීමට නොහැකි වුවේ අලුදෙනියේ සුභෝධි නමැති භික්ෂුන් වහන්සේ තමන් වහන්සේට විරුද්ධව අධිකරණ තීන්දුවක් ගෙන තිබූ නිසා බව අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක දොඩම්පහල චන්ද්‍රසිරි මහනායක හිමි ඊයේ (26) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.. එම නියෝගය දැන් ඉවත් කර ඇති බවත් එනිසා දැන් කතා කිරීමට හැකියාව තිබෙන බවත් උන්වහන්සේ එහිදී පැවසීය.

සේරුවිල මංගල රජමහා විහාරය කල්‍යාණවංශ නිකායට අයත් ලෝක උරුම විහාරස්ථානයක් බවත් එය ආරක්ෂා කිරීම තමන්වහන්සේගේ යුතුකමක් බවත් සමහර අසපු භික්ෂුන් වහන්සේලා අපහාස කලද ත්‍රයිනිකායික ගරුතර මහා සංඝරත්නය තමන්වහන්සේගේ ක්‍රියාමාර්ගය අනුමත කරන බවත් එම විහාරස්ථානය ආරක්ෂා කර දීමට මහනායක හිමියන් ලෙස අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් මංගල රජමහා විහාරය අසපුවක් බවට පත්කිරීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත් චන්ද්‍රසිරි මහනායක හිමියෝ අවධාරණය කරන ලදි.

සේරුවිල රජමහා විහාරය කිසි දිනක අසපුවාසීන්ට දෙන්නේ නෑ – මහා ලේඛකාධිකාරී වජිරඥාන අනු නායක හිමි

එම මාධ්‍ය හමුවට එක්වෙමින් අමරපුර ශ්‍රී කල්‍යාණවංශ පාර්ශවයේ මහා ලේඛකාධිකාරී වජිරඥාන අනු නායක හිමි, සේරුවිල මංගල රජමහා විහාරය කිසි දිනක අසපුවාසීන්ට පවරා නොදෙන බව අවධාරණය කර සිටියහ. ඒ සඳහා විධායක සභාව දැඩිව ක්‍රියාකරමින් සිටින බවත් උන්වහන්සේ පවසූහ.

කිරිබත්ගොඩ ඥානානන්ද හිමිගේ අසපුව සම්බුද්ධ ශාසනය විනාශ කරන දිලීරයක්. සහරාන්ට වඩා දරුණුයි. – තංගල්ලේ අනුරුද්ධ නා හිමි

කිරිබත්ගොඩ ඥානානන්ද හිමිගේ අසපුව සම්බුද්ධ ශාසනය විනාශ කරන දිලීරයක් බවත් සහරාන්ට වඩා දරුණු බවත් මෙම මාධ්‍ය හමුවට එක්වූ අමරපුර ශ්‍රී කල්‍යාණවංශ පාර්ශවයේ විධායක ලේඛකාධිකාරී තංගල්ලේ අනුරුද්ධ අනු නා හිමියෝ පැවසූහ

Related posts

ජනතා විරෝධය මැද හෙළි පෙහෙළි කල රඹකැන්ඔයේ පිරිසිදු ජල උල්පත් අතුරුදන්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයෙක් කලවානෙන් හමුවේ.. වෙළදසැල් වසා දමයි

colombotoday

“රෝ සංවිධානය”ට එල්ලවූ ජනාධිපති ඝාතන චෝදනා පුවත වෙනුවෙන් පෙනී සිටිනවා. “ද හින්දු” පුවත්පතේ සභාපති කියයි

colombotoday

යුද අධිකරණයට පෙර නව ව්‍යවස්ථාව ගෙන එන බව ජනපති පවසයි !!

colombotoday

ඥාණසාර හිමි සොයා පොලීසිය රට පීරයි.. හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නැයි හකීම් කියයි

colombotoday

ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැන ගිනි අවියක්, ඩොලර් 6,000ක් ඇතුලු කෝටි ගානක් කොල්ල කාලා

Admin