26.1 C
Colombo
18 May 2025
extremism & terrorism activitiesfeaturedWorld

ඉස්ලාමය “අර්බුදකාරී” ආගමක් – ප්‍රංශ ජනපති පවසයි. ලොව පුරා මුස්ලිම් රටවල් ප්‍රංශ භාණ්ඩ වර්ජනයක

මොහොමඩ්ගේ නබි තුමාගේ පින්තූර පෙන්වීමෙන් පසු මුස්ලිම් සංක්‍රමණික ත්‍රස්තවාදීන් විසින් සැමුවෙල් පැටි නැමති පාසල් ගුරුවරයෙකු බෙල්ල කපා ඝාතනය කිරීමෙන් පසු ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් ඉස්ලාමය පිළිබඳව කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙස අරාබි වෙළඳ සංගම් කිහිපයක් ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කරන බව නිවේදනය කර තිබේ.

ඉස්ලාමය ලෝකය පුරා “අර්බුදකාරී” ආගමක් ලෙස ජනාධිපතිවරයා හඳුන්වා දී ඇත.

එම අදහස් දැක්වීමට පසු, අරාබි රටවල සහ තුර්කියේ සුපිරි වෙළඳසැල් වලින් ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කරන ලෙස ඉල්ලා දැවැන්ත සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

BoycottFrenchProducts සහ අරාබි NeverTheProphet වැනි හැෂ් ටැග් කුවේට්, කටාර්, පලස්තීනය, ඊජිප්තුව, ඇල්ජීරියාව, ජෝර්දානය, සවුදි අරාබිය සහ තුර්කිය ඇතුළු රටවල් පුරා ප්‍රචලිත වී ඇත.

කුවේටයේ අල්-නයීම් සමුපකාර සමිතියේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් විසින් සියලු ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කිරීමටත් එම භාණ්ඩ තම සුපිරි වෙළඳසැල්වල රාක්කවලින් ඉවත් කිරීමටත් තීරණය කළහ.

ඩහියාත් අල්-තුර් වෙළඳ සංගමය ද එම පියවරම ගනිමින් සියලුම ප්‍රංශ නිෂ්පාදන වෙළඳපොළෙන් සහ ශාඛා වලින් ඉවත් කිරීමට අපි තීරණය කල බවට ප්‍රකාශයක් නිකුත් කර ඇත.

Empty shelves are seen where French products were displayed, after Kuwaiti supermarkets’ boycott on French goods, in Kuwait City, Kuwait, October 25, 2020. REUTERS/Ahmed Hagagy

කටාර්හි වජ්බා කිරි සමාගම ප්‍රංශ නිෂ්පාදන වර්ජනය කරන බව නිවේදනය කළ අතර විකල්ප ලබා දීමට පොරොන්දු වූ බව ඔවුන්ගේ ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.

කටාරිහි සුප්‍රසිද්ධ සමාගමක් වන අල් මීරා පාරිභෝගික භාණ්ඩ සමාගම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “නැවත දැනුම් දෙන තුරු අපි ප්‍රංශ නිෂ්පාදන අපගේ රාක්කවලින් ඉවත් කර ගත්තා.” යනුවෙනි

කටාර් විශ්ව විද්‍යාලය ද මේ සඳහා සම්බන්ධ වී ඇත. විශ්වවිද්‍යාල පරිපාලනය ප්‍රංශ සංස්කෘතික උත්සවයක් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය (ජීසීසී) මැක්‍රොන්ගේ ප්‍රකාශ “වගකීම් විරහිත” යැයි විස්තර කළ අතර ඒවා ජනතාව අතර වෛරය පතුරුවා හැරීම අරමුණු කරගෙන සිදුකර ඇති බව පෙන්වා දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් කුවේටයේ විදේශ අමාත්‍යංශය ඉස්ලාමය සහ ත්‍රස්තවාදයට සම්බන්ධ කිරීම “යථාර්ථය ව්‍යාජ ලෙස නිරූපණය කිරීමක්” ලෙසත් එය ඉස්ලාමයේ ඉගැන්වීම්වලට සිදුකල අපහාසයක් බවත් ලොව පුරා සිටින මුස්ලිම්වරුන්ගේ හැඟීම් අවුස්සන බව ප්‍රකාශ කර ඇත.

ජෙඩා පදනම් කරගත් ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය (ඕඅයිසී) ලේකම් කාර්යාලය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රංශ-ඉස්ලාමීය සබඳතා අවුල් කරන සහ දේශපාලන වාසි සඳහා වෛරයේ හැඟීම් අවුස්සන ප්‍රකාශ පිළිබඳව ගැන වන බවයි.

Related posts

2022 නොබෙල් සාම ත්‍යාගය මානව හිමිකම් ක්‍රියාධරයෙක්ට

colombotoday

BREAKING : ස්වීඩනයේ පාසලක පිහි ඇනුමකින් කිහිප දෙනෙකුට බරපතලයි

colombotoday

සමලිංගික සමාජ ශාලාවේ වෙඩි තැබීමෙන් 50ක් මරුට.. සමලිංගිකයන් සමූලඝාතනය කරන්නැයි මුස්ලිම් පූජකයෙක් කියලා

colombotoday

ඇෆ්ගනිස්තානයට ලබාදෙන අරමුදල් නවතයි

colombotoday

ඇග, මුහුණ වසාගත් නාදුනන පුද්ගලයෝ කොළඹ රිය ධාවනයේ.. නීති අන පනත් කැළේ.. පොලිසිය නිදි !

colombotoday

ඉන්දියාවෙන් දිනක් තුළ නව කොරෝනා ආසාදිතයින් 57,704 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday