Colombo Today Local NewsHot News

ෆොන්සේකාත් සරම ගලවා ගන්නයි හදන්නේ. සාක්‍ෂි මා සතුයි – අැවන්ගාඩ් අධිපති (Video)

ඇවන්ගාඩ් ආයතනය මගින් සරත් ෆොන්සේකා මහතා වෙත ලබාදුන් උදව් පිලිබදව සියළු තොරතුරු පටිගතව තමන් සතුව තිබෙනබව ඇවන්ගාඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ColomboToday.com වෙත සදහන් කර සිටියා. ඒ ඊයේ සරත් ෆොන්සේකා මහතා නිශ්ශංක සේනාධිපති මහතාට විරුද්ධව අල්ලස් කොමිසමේ සිදුකල පැමිණිල්ල පිලිබදව අප සිදු කල විමසීමකදී.

සරත් ෆොන්සේකා මහතාට උදව් කලේ කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නොවන බවත් ඔහු රණවිරුවන්ගේ “බඩේ පහර” ගහපු පුද්ගලයෙක් බවත් නිශ්ශංක සේනාධිපති මහතා සදහන් කර සිටියා. සරත් ෆොන්සේකා මහතා ඔහු විසින්ම ඇදන් ඉන්න සරම සමාජය ඉදිරියේ ගලවා නිකරුනේ නිරුවත් වන පුද්ගලයෙක් ලෙස සදහන් කල නිශ්ශංක සේනාධිපති මහතා ඇවන්ගාඩ් සමාගමෙන් ලබාදුන් සියලු පහසුකම් පිලිබදව සාක්‍ෂි අවශ්‍ය වෙලාවට ඉදිරිපත් කරන බවද සදහන් කළා.

අල්ලස් ලබාදුන් බවට එල්ලකරන චෝදනා සම්පුර්නයයෙන්ම ප්‍රතික්ෂේප කරන ඔහු අල්ලස් ලබාදෙන්න තමන් නීති විරෝධී ව්‍යාපාර නොකළ බව අවධාරණය කර සිටියා. මෙවැනි දේවල් සදාචාර සම්පන්න නොවන නමුත් කන්න බොන්න දෙන ගෙදර සිටින බල්ලා උවත් නිතරම පැන පැන සපා කෑමට පැමිණියහොත් පා පහරක් එල්ලකරන බව සදහන් කරමින් අපුරු උදාහරණයක්ද සංවාදයට එකතුකළා.

ඊයේ සරත් ෆොන්සේකා මහතා අල්ලස් කොමිසමට පැමිණ දැක්වූ අදහස් සිරස මාධ්‍ය ආයතනය වාර්තා කල අයුරු. (සිරස හිමිකරු ඇවන්ගාඩ් ආයතනය තමන් වෙත ලබාගැනීමට උත්සහ කරන බවට පසුගිය සමයේ චෝදනා එල්ලවී තිබුනා)

Related posts

මහින්දගේ කාර්යාලය අසල ගැවසුණු සැකකටයුතු පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

බල්ලන්ට ඇද්ද විදුලි රැහැනේ පැටලී පුද්ගලයෙක් මරුට

Admin

“යුධ අපරාධ හොයන්න විදෙස් සහය.. විදේශ විනිසුරන් ගෙන්වීමටත් සලකා බලනවා” – මංගල

colombotoday

අත්තනෝමතිකව රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කිරීම – CID ලොක්කන්ට එරෙහි පරීක්ෂණය ඇරඹේ

colombotoday

වනිඳු ට යලිත් තරග තහනමක්

Admin

වැටලීමකට ගිය කොස්තාපල් අතුරුදන්

Admin