ArticlesColombo Today Local News

මුස්ලිම් වෙළෙන්ඳන්, ෂරියා / ඉහ්වාන් මිණීමරුවන් කරගැනීම – 2

මැකියාවේලි ශාස්ත්‍රය අනුගමනය කල මුවර් නායකයින්

ලෝනා ශ්‍රීමතී දේවරාජා විසින් 1994 දී ලියූ මුස්ලිම් ශාන්ත-දාන්ත තීන්ත කූඩු පිළිඹඳ සාම-සමාදාන පොතේ කතාව සසැඳිය යුත්තේ, ඊට පෙර 1987 දී වසුන්‌ධරා මෝහන් විසින් කල අචාර්ය උපාධි නිබන්ධනයේ පෙන්වන කරුණු සමඟය. “අයිඩන්ටිටි ක්‍රයිසිස් ඔෆ් ශ්‍රී ලංකා මුස්ලිම්” මෙය ඉන්දියාවේ රාජස්ථාන් සරසවියේදී කරණ ලද්දකි. මෙම පර්යේෂණයේදී ඇය විසින් සහිරා විද්‍යාලයේ විදුහල්පති, කතානායක / ගමනා ගමන ඇමති එම්. එච්.මොහමඩ්, සර් රෂීක් ෆරීඩ්, අධ්‍යාපන ඇමතිව සිටි බදිුද්දීන් මොහමඩ්, කතානායකව සිටි බකීර් මාකර් යන අය හා සාකච්චා කර තිබීම වැදගත් වන්නේ, ඇය ලියන අදහස් මේ අයගේ අදහස් මත පදනම් වී තිබිය යුතු වීම නිසාය. මේ අය කර තිබෙන්නේ කලින් පරම්පරාව දමා දුන් අත්තිවාරම උඩ ගොඩනැඟිල්ලට දොර, ජනේල දමා ගැනීමය. ඔවුන්ගේ ඊලඟ අළුත් පරම්පරාව කල පාපය නම්, අරාබි ලෝකයේ ශාරියාවාදයට යටවී, සිංහල බෞද්‌ධයාට ද්‍රෝහී වීමය. කන්න දුන් අත සපාකෑමය. කල දුටු කල වල ඉහගැනීම හෙවත් මැකියාවේලී න්‍යාය දෙමළ බෙදුම්වාදීන්ට වඩා දක්‍ෂ ලෙස මුවර්‍වරුන් විසින් භාවිතා කර ඇති බව පෙනේ.

ලෝනාගේ පොතට කලින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හැදෑරූ විජය සමරවීර විසින්, මුස්ලිම් රිවිවලිස්ට් මූව්මන්ට්, 1880-1914 යනුවෙන් ලිපියක් 1978 දී ලියන ලදී. ඔහුගේ ඔක්‍ෂ්ෆර්ඩ් ආචාර්ය උපාධිය සමහර විට මේ විෂය සම්බන්‌ධව වූවා විය හැකිය කියා සිතෙන්නේ ඔහු ඇෆ්ඝනිස්ථානයේ විශේෂඥයෙක් වශයෙන් යූ. එන්. ඕ. හා ඇමෙරිකන් රාජ්‍ය ආයතන සමඟ කටයුතු කල නිසාය. බෞද්‌ධ හා හින්දු පුනරුද සමඟ සැසඳීමක් මෙහිදී ඔහු විසින් කලා විය හැකිය. සිංහලයෙකු විසින් මුස්ලිම් ඉතිහාසය ගැන කල සවිස්තර විස්තරයක් වන්නේ ජාතික හෙළ උරුමයේ, පාඨලී චම්පික රණවක විසින් 2003 දී ලියා, 2013 දී අළුත්කල, “අල් ජිහාද්, අල්කයිඩා: අතීතය, වර්‌තමානය සහ ඉස්ලාම් අන්තවාදය” යන වැදගත් පොතය. මේ පිළිඹදව පසුව සළකා බලනු ලැබේ.

වසුන්ද්‌ධරාගේ පොතේ කොටස් කීපයක් හෝ මෙහි උපුටා දැක්‌විය යුතු වන්නේ සිංහල ජනයාට, මායාවකින් තොරව මෙම යථා‌ර්‌ථය අවභොධ කර ගැනීමට උපකාර වීම පිණිසය. සෙනරත් රජුගේ කාලයේදී සිද්‌ධීන් කෙසේ වෙතත්, ඉංග්‍රීසි කාලයේදී, සිංහලයා දමණය කිරීමේදී, බ‌ර්‌ග‌ර් ජනයා මෙන්, මුවර් හා ඉන්දියන් මුවර් වරු හා මැලේවරු විසින්, භට සේනා හා ඔත්තු සැපයීම් කලේය. ඒ හැර වෙන කලහැකි දෙයක්ද ඔවුන්ට නොවීය. 1946 සිට එතෙක් පැවති “මුහම්මදන් ආගම අදහන අය” යන නිර්‌වචනය වෙනුවට, සිලෝන් මුවර්, ඉන්දියන් මුවර් හා මැලේවරු යන තුන් කොටසම “මුස්ලිම්” යන පොදු නමකින් ජන සංඛ්‍යා ලේඛනයේ සඳහන් කරණ ලෙස ඔවුන් විසින් බලකර සිටියේය (මෙය මලබාර් වැසියන් යන්න දෙමළ කියා වෙනස් කිරීමට සමානය). ඔවුන් රටේ පොකුරු වශයෙන් විසිරී සිටීම නිසා උතුරු-නැඟෙනහිරදී දෙමළ මව්භාෂාව ලෙසත්, සෙසු ප්‍රදේශ වලදී, පොකුරු (ඒක රාසීවූ ජනාවාස/නිවාස) වශයෙන් සිටිමින් දෙමළ-සිංහල කතා කිරීමටත් සිදුවිය. පොන්නම්බලම්ලාගේ, චෙල්වනායගම්ලාගේ බෙදුම්වාදයට ඔවුන් එකතු නොවූයේ ඉන් ඔවුන්ට සිදුවන්නේ දෙමළීකරණය වීමක් පමණක් නිසාය. ඔවුන් යොදාගත් ඥානාන්‌විත උපක්‍රම කදිමය. මේ ගැන වසුන්‌ධරා කියන්නේ මෙසේය:

මුස්ලිම් නායකයින් සිංහල රාජ්‍ය භාෂාව කිරීම අනුමත කලේ මහ ජාතිය හා බද්‌ධ වීමට නොව, තමන් දෙමළ ජාතියෙන් වෙනස් බව පෙන්‌වීමටය. 1948 වන විට ගොවිතැනේ යෙදුණ නැඟෙනහිර පලාතේ (දෙමළ මව් බස‌වූ) හා වෙළදාමේ යෙදුණ (බස්නාහිර මුහුදු තීරයේ, ඉංග්‍රීසි කතාකරණ) කොටස් දෙක භාෂාව වෙනුවට ආගමට මුල්තැනක් දීමට තීරණය කලේය. අරාබි සම්භවය නමැති මිථ්‍යාව ගොඩනගන්නට ක්‍රියාකලේය. සුළු ජනවර්‌ගයක් වශයෙන් තම අනන්‍යතාවය රැක ගැනීමට බස්නාහිර නාගරික මුස්ලිම් නායකයින් කලේ දෙමළ ආභාෂයෙන් ගැලවීමට ක්‍රියාකිරීමය. දෙමළ දේශපාලනය හා එකතු නොවුනොත් දේශපාලන වශයෙන් ඔවුන්ට බලයක් නැති බව ඔවුන් දැන සිටියේය. එහෙත් එසේ කිරීමෙන් වෙන්නේ දෙමළවී යාමය. මේ නිසා ඔවුන් අරාබි අධ්‍යාපනය ආරම්භ කලේය. 1916 දී අරාබි මව් භාෂාව ලෙස සඳහන් කලේ සියේට 0.33 පමණය. අරාබි අධ්‍යාපනය මඟින් ඔවුන්ට තම අනන්‍යතාවය රැකගත හැකිවිය. හිසට වේල් එක දැමීම, මැදපෙරදිග මුස්ලිම් සටන් වලට සහාය දීමද ඊට ඇතුලත් විය.

දෙමළ පුරුදු හා බලපෑම් වලින් මුස්ලිම් ජනයා පිරිසිදු කර ගැනීම මෙම අනන්‍යතාවය ගොඩනැඟීමේ ක්‍රියාවලියේ කොටසක් විය. මුවර් ඉස්ලාමික් කල්චරල් හෝම් හා ඕල් සිලෝන් මුවර් ඇසෝසියේෂන් මේ සඳහා පිහිටුවා ගත් ආයතනය. විවාහ, දික්කසාද, දේපල උරුමය පිළිඹඳව ශාරියා නීතියට අනුව රටේ නීතිය වෙනස් කර ගැනීමට ගත් උත්සාහ ඉතාමත් අර්‌ථවත් විය (මීනින්ෆුල්), ප්‍රඥාගෝචර විය. ක්වාසි වල කාර්යභාරය නීතීගත කිරීම, විවාහ හා දික්කසාද සිවිල් උසාවි වලින් ඉවත් කිරීම හා වාෆ් බෝඩ් පිහිටුවීම, මුවර් මිනිසුන් ඉස්ලාම්කරණය කිරීමේලා ලබාගත් විශාල පියවරවල් විය

සිංහල බෞද්‌ධ පුනරුදය හා මුස්ලිම් පුනරුදය

1880 දී ඕල්කොට් ආගමනයට පෙර, 1873 පානදුරා මහාවාදයෙන්, 1840 ස් ගණන් වල සිට බෞද්‌ධයින්ට මුහුණ දීමට සිදුවූ ක්‍රිස්තියානි හිරිහැර (බුද්‌ධාගම කියන්නේ බොරුවක් යන මතවාදය), නිට්ටාවටම පරාජය කරණ ලදී. තමන්ට එල්ලවූ තර්‍ජන වලට මුහුණ දුන්නා මිස (1883 කොටහේන බෞද්‌ධ-ක්‍රිස්තියානි ගැටුම, 1915 බෞද්‌ධ-මුස්ලිම් ගැටුම), වෙසක් නිවාඩු දිනය ඉල්ලා සිටියා වැනි දේ මිස, සෙසු ජනව‌ර්‍ග වල කඩා වැදීමේ අභිප්‍රායක් සිංහල බෞද්‌ධ භික්‍ෂූන්ට නොවීය. ඔවුන්ට සිදුවූ අසාධාරණකම්, වෙනස්කම් හා හිරිහැර සුද්දා හා ඕ මයි ගෝඩ් සිංහලයා විසින් කල හා කරගත් දේ මිස දෙමළ හෝ මුස්ලිම් ජනයා කල දෙයක් නොවීය. දෙමළ නායකයින් 1923 සිට දෙමළීකරණයක් කෙරෙහි යොමුවුනේ චන්දය බලය පැතිරීයාමත් සමඟ, එතෙක් සුද්දා විසින් ලබාදී තිබූ රටේ කෘතිම නායකත්‌ව බලය ඔවුන්ගෙන් ගිලිහී යන බව ඔවුන්ට වැටහී යාමත් සමඟය.

කැමැත්තෙන් හුදකලාවීමේ උපායඥානය (self-imposed isolation)

සුළු ජනවර්‌ගයක් තුල, සුළු ජනවර්‌ගයක් වූ මුවර් ජනයාගේ භූමීය වශයෙන් පැවති විසීරී යෑම වටහාගත් මුවර් නායකයින් සෙසු ජනයාගෙන් වෙන්‌වීමෙන් තම අනන්‍යතාවය ගොඩ නඟා ගැනීමට තීරණය කලේය. වසුන්‌ධරාට මෙය පෙණුනේ දෙමළ ජනයාගෙන් ගැලවීමේ උත්සාහයක් ලෙසය. නමුත් අරාබි භාෂාව, ආගම හා මැඩ්‍රසා අධ්‍යාපනය මුල් කරගෙන ඔවුන් ලබාගත් අහිංසක සේ පෙනෙන ඉල්ලිම් වල අරමුණ දෙමළ හා සිංහල යන දෙගොල්ලන්ගෙන්ම ගැලවුණ සමාජීය-පුරවැසි වෙන්‌වීමක් කරා යෑමය (social-personal separation). මද්‍රසා වලින් බාහිර ඉංග්‍රීසි පාසැල් යනු ක්‍රිස්තියානිකරණය වීමක්‌ය යන මතයෙන් ගැලවීමට කල් ගියේද මේ නිසාය. නුවර සිටි පෙරකදෝරු සිද්දි ලෙබ්බේ, වප්ෂෙ මරික්කාර් (සර් රෂීක් ෆරීඩ්ගේ සීයා), අබ්දුල් අසීස්, අරාබි පාෂා (ඊජිප්තුවෙන් පැන ආ), මුස්ලිම් ඉංග්‍රීසි පසැල් ආරම්භ කිරීමට ක්‍රියාකලේය. 1892 දී සහිරා විද්‍යාලය ඇරඹිණ. 1921 සිට 48 ද‌ක්වා එහි විදුහල්පතිවූ මැලේ ජාතික ටී. බී. ජයා, 1951 දී කාති උසාවි ලබාගත්තේය.

එහෙත් බෞද්‌ධ ඉංග්‍රීසි පාසැල්වල ඕල්කොට් බෞද්‌ධයින් (ඕ මයි ගෝඩ් බෞද්‌ධයින්) මෙන් නොව මුස්ලිම් අධ්‍යාපනය මැඩ්‍රසා රේල්පාරේම ගියේය. දැන් 2020 සිට ආපසු බලන විට මුස්ලිම් පුනරුදය කිරි ගහට ඇන්නා මෙන් බලාපොරොත්තුවූ ඉලක්කයට ලඟාවී සිටින්නේ සිංහල දේශපාලකයින්ගේ කර පිටින්‌ය! ලංකාව ආරක්‍ෂාකරණා යම් අදෘෂ්‍යමාන බලවේගයක් විසින් රට බේරා දෙනවා යයි සිතෙන්නේ, පාස්කු ප්‍රහාරය, ඊට පෙර ප්‍රභාකරන්ගේ නැණ විකල් හැසිරීම මෙන්ම, සිංහල ජනතාවගේ දෑස් පෑදවූ නිසාය. ප්‍රේමදාස හෝ රනිල් හෝ චන්ද්‍රිකා බන්දේසිවල දමා පූජාකල උතුරු පලාත භාරගත්තා නම් අද ප්‍රභාකරන් ඊළම් රජුය. එපමණක් නොව මහින්ද රාජපක්‍ෂ විසින් විග්නේෂ්වරන්ට දුන් චන්ද තෑග්ග, මහත්මා ගුණයෙන් පාවිච්චිකලා නම් උතුරේ දෙමළ ජනයාගේ ජීවිත කෙතරම් ප්‍රීති ජනක වන්නට තිබුණාද? ඔහුව බුදු පිළිම වලට භය, දේවානම්-පිය-තීෂන් උන්මත්තකයෙකු කලේ විෂ්ණු දෙවියන්ද? ශිව දේවාලයද?

මුස්ලිම් කරත්ත පාර

තම ජනාවාස පොකුරුවල ඒකරාශීවී ජීවත්‌වන මුස්ලිම් ප්‍රජාවට ඉන් පිටතට ආ විට දකුණේ සිංහල ජනයා සමඟ මිශ්‍රව හැසිරීමට සිදුවූයේ ඔවුන් වෙළෙන්ඳන් වූ නිසාය. ලංකාවේ දුංකොළ වෙළඳාම පමණක් නොව සිවුරු වෙළඳාම පවා ඔවුන් සතුය! එහෙත් සිකුරාදාට පල්ලියේ අරාබි භාෂාවෙන් යාඥා කිරීම, දිනකට පස් වරක් මක්කම පැත්තට හැරී වැඳීම යන නීති නිසා, නාස් ලණුව දැමූ ගවයා මෙන් ඔවුන් ඉස්ලාම් කරත්තය ඇදගෙන ගියේය. ඒහි පස්සිකෝ ඉඩක් එහි නැත. එහෙත්, සිංහල ජාතියේ කඳ පණුවන්සේ හැසුරුණු (ට්‍රැජඩි ඔෆ් ද කොමන්ස්) පක්‍ෂ දේශපාලකයින්ගේ අන්‌ධ හැසිරීම ප්‍රයෝජනයට ගනිමින්, මුස්ලිම් නායක පරම්පරා තුනක් විසින් හෙමින් හෙමින් ගිය සාර්‌ථක ගමන, ලෝක මට්ටමෙන් ඔවුන් පාත්‍රවූ හීනමානයත්, ඒ වෙනුවට ලංකාවේදී ඔවුන්ට ඉබේම පාත්‌වූ අධිමානයත් නිසා, ඉක්මන් රේල් පාරකට නොදැනම වාගේ පතිත විය. අරාබි ඩොලර් හා ශාරියා බලපෑම් ඉදිරියේ මේ තන්හාභරිත නායකයින්ට වෙන කල හැකි දෙයක්ද නොවීය. මේ නිසා <අවර් බෝයිස්ලා> අමිර්‌තලිංගම්ලාට කලදේ මෙන්, ප්‍රචන්ඩ ශාරියා තරුණයින්ට යටවී, ඔවුන් සමඟ රේල් පාරේ දෙබිඩි ගමනක් යාම හැර අෂ්‍රාෆ්ට, හිස්බුල්ලාට, හකීම්ට, කබීර් හෂීම්ට ගැලවීමක් නොවීය. මේ දෙකොටස මැද තවමත් ජාම් බේරාගෙන, පණ බේරා ගෙන ඉන්නේ රිෂාඩ් බතියුර්දීන් හා අසාද් සාලිය. ඒ අතරතුර, කෝච්චිය පීලි පැන්නේ (පාස්කු ප්‍රහාරය) සිංහලයාගේ හා දෙමළ හින්දූන්ගේ වාසනාවටය. හැම මුස්ලිම් පල්ලියකම, සංවිධානයකම, තණකොළ කපන්නට කඩු එකතුකර ගත්තා නම් සිවුරු පොරවා ගත් තම්බි ත්‍රස්තවාදීන්ගෙන් පන්සල් වලට වන්නේ කුමක්ද?

ශිෂ්ටාචාර අතර ගැටුම

සැමුවෙල් හන්ටින්ටංගේ ශිෂ්ටාචාර අතර ගැටුමේදී, ඇමෙරිකන් බලයට විරුද්‌ධව සටන් කල හැකි ශක්තියක් තිබුණේ ඉස්ලාම්වාදයටය. චීනය පෙරට එන්නට සදන්නේ මෑතක සිටය. එසේ වුවත්, බර්ලින් තාප්පය වැටීමේ සිට ඇමෙරිකාව විසින් රුසියාවට හීනමානයක් දුන්නා මෙන්, සවුදි අරාබිය අල්ලාගෙන සෙසු අරාබි (ෂියා රටවල්) වලට හීනමානයක් පැටවීම ගැන, ද වර්ල්ඩ් ඊස් ෆ්ලැට්, යන පොතේ තෝමස් ෆ්රීඩ්මන් විසින් විස්තර කර ඇත. කන්ෆෙෂන්ස් ඔෆ් ඇන් ඉකොනොමික් හිට්මෑන් යන පොතේ ජෝන් පර්කින්ස් විසින් ඇමෙරිකාව සෞදි අරාබිය අල්ලාගත් ආකාරය සඳහන්වේ. ඇමෙරිකන් ජනාධිපති බුෂ්ලා දෙන්නා, ඉස්ලාම් වනාහි සාමකාමි ආගමක් යයි කියා සිටියේ අරාබි තෙල් පයිප්ප හේතුවෙනි (ක්‍රිස්තියානී මූලධ‌ර්‌මවාදී පූජක පැට් රොබට්සන් මෙය දේශපාලන කියමනක් මිස සත්‍යයක් නොවේ යයි කියා සිටියේ ඔහු කෝරානය කියවූ බව පවසමිනි. මේ නිසාම, මාද කෝරානය කියවීමට අරඹා 70 පිටුවට ආපසු එය නතර කලේ, ඉස්ලාම් අදහන දුප්පතුන්ට උපකාර කරන්න, යන්නට අමතරව යමක් මා එහි නොදුටු නිසාය). ඉරාකයේ රන් මාවත, ඇමෙරිකන් යුද ටැංකිවලින් විනාශ වන විට මුළු ඉස්ලාම් ලෝකයම සුසුම් හෙළුවේය. වෛරයක් ජනිත කලේය. එසේ වුවත් අරාබිකරයේ සාමාන්‍ය අරාබි ජනයා තුල ඇමෙරිකන් සුදු හමට ඇත්තේ පුදුම භක්තියක් බව ඒ රටවල සේවය කරණ ඉංජිනේරුවන් වැනි සිංහලයින්ගේ (පාරවල් අතුගාන අය නොව) අත්දැකීමය. ලංකාවේ මුස්ලිම් නායකයින්ට මේ රශ්ණය වැදී ඇත්තේ, සිංහල ගෑණු වහල් සේවයට අරාබිකරයට යෑම පමණක් නොවේ. අරාබි තෙල් හා ඩොලර් මඟින් සිංහල දේශපාලකයින් ග්‍රහණයට ගෙන ඇති නිසාදය. ග්‍රාම සේවකගේ සිට ඉහළට පගා දීමට, අධික මිල ගෙවා ඉඩම් අල්ලාගැනීමට මෙන්ම රාජ්‍ය මට්ටමෙන් ණය දීමටද අරාබි පාලකයින්ට අවස්ථාව උදාවී ඇත. මානව හිමිකම් සිංදුව ඔස්සේ විදේශ බලපෑම් කිරීමට රාජ්‍ය නොවන සංවිධාන යොදවා ගන්නේද මේ ඩොලර් බලය නිසාය. රිෂාද් ගේ මල්ලී හා නීතිඥ හිජාස් හිස්බුල්ලා පාස්කු ප්‍රහාරයට අදාලව හිරභාරයට ගත් විට ලෝක මට්ටමෙන් බලපෑම් ආවා පමණක් නොව, ලංකා නීතීඥ සංගමයේ සභාපති පවා වලිගය පාගා ගත්තේය.

ඉල්ලන් කන සිංහල දේශපාලකයා

මෙවැනි පසුබිමක් යටතේ, ඓතිහාසිකව බලන විට ලංකාවේ මුවර් ජාතික නායකයින් හැසිරී ඇති අන්දම පිළිඹඳව ඊර්ෂ්‍යා කිරීමට හේතුවක් නැත. සිද්දි ලෙබ්බේගේ සිටම ඔවුන් ක්‍රියාකර ඇත්තේ ඔවුන්ගේ වර්‌ගයාගේ ශුභසිද්‌ධිය උදෙසාය. සෑම පියවරක්ම ගෙන ඇත්තේ එක්තරා දිගුකාලීන ප්ලෑනකට අනුව හෙමින් සීරුවේය. සෞම්‍යමුර්ති තොන්ඩමන් ඔහුගේ ටී ඇන්ඩ් පොලිටික්ස් ජීවිත කතාවේ කියා ඇති පරිදි, දෙමළ බෙදුම්වාදීන් මෙන් නොව, සිය සාමකාමී ක්‍රියාවලිය නිසා ඔවුන් ආර්ථික හා සාමාජීය වශයෙන් දෙමළ ජනයා පරදවා ඉහළට ගියේය. එහෙත් සෝම හාමුදුරුවන් දශක 3 කට කලින් පෙන්වා දුන් අන්දමට, ඒ වන විටත්, මුස්ලිම්-සිංහල අයුතු බල අසමමිතිකතාවයක් බිහිවී ඇත. දැන් තිබෙන්නේ දරා ගත නොහැකි තරමේ බලයක් ලැබුණු නිසා එය පුපුරා යාමය. රිෂාඩ්ට, ආණ්ඩුවේ වාහන වලින් සහරාන්ලාගේ බෝම්බ ප්‍රවාහනය කරන්නට, මංගල හරහා පුත්තලමේ ජනයා මන්නාරමට චන්දය දාන්නට ලංගම බස් යොදාගන්නට කොටින්ම කියනවා නම් වැදගත් අමාත්‍යාංශ දුසිම් ගණනින් අල්ලා ගන්නට වීම මේ බලයය. එය පුපුරා යාම පාස්කු ප්‍රහාරයය. නොබෝදා ‌‌ඥානසාර හිමියන් පෙන්‌වා දුන්නේ බේරුවල උස්තාද් මන්සූර් මූලිකව ජාමියා නලීම්වරු හරහා, දිරාර් පල්ලි හරහා, පැතිරෙන චින්තන ජිහාදය පිළිඹඳවය. ඉකුවාන් මුස්ලිම් මතවාදයේ භයානක කමය. රාජ්‍ය සේවයේ, මර්‌මස්ථාන වල, ඉකුවාන්-ජාමියා නලීවරු ස්ථානගත වෙමින් සිටීමය. මධ්‍යස්ථ පුදගලයෙකු පෙනී සිටින අමීන්ගේ පුත් අෂාම් අමීන්, බී.බී.සි. වාර්තාකරුව සිටිමින් රංජන් රාමනායක හා අප්පච්චි මළෝ සමඟ කල ජනාධිපති චන්ද කුමණ්ත්‍රණය මෙම තුවාලය උඩුදුවා ඇති තරම පන්වන්නේය.

මේ නිසාවෙන් දැන් 2020 මැද සිටවත් සිදුවිය යුත්තේ සිංහල නායකයෙක් විසින් රටට යුක්තිය ඉෂ්ට කිරීමය. අතීත ඇමතිලා, මන්ත්‍රීලා, අගමැතිලා, ජනාධිපතිලා කල සිය දිවි නසාගැනීම් වලින්, වෙස්සන්තර/සිරි සංඝබෝ රඟපෑම් වලින් ගොඩ ඒමය. එය දයාන් ජයතිලක වැන්නන් විසින් කියන (කලම්බු ටෙලිග්‍රාෆ්, 2013, පෙබරවාරි 13), ආකාරයේ මුස්ලිම් ජනයාට කරණ හානියක්, වෙනස්කමක් නොව සිංහල රට බේරා ගැනීමේ ව්‍යායාමයකි. උදාහරණයක් වශයෙන්, දෙවනගල අක්කර 100 ආපසු පන්සලට දීම, තුවක්කු පෙන්‌වා පුරාවිද්‍යා නිලධාරීන් එය මැණීමට යෑම වැලැක්‌වූ එහි පදිංචිව ඉන්නා මුස්ලිම්වරුන්ට කරණ වෙනස් කමක්දැයි දයාන් රටට දැන්‌විය යුතුය. බෞද්‌ධයා කවදාවත් සුළු ජනවර්‍ග වලට හානි කලේ නැත.

මුස්ලිම් ජයග්‍රහණ ලැයිස්තුව

පසුගිය අවුරුදු 100 ක පමණ කාලයක් තුල මුවර් ජනයා ලබාගත් ජයග්‍රහණ, ඊට සම්බන්‌ධවූ සිංහල දේශපාලකයාගේ නමද සමඟ මෙහි පහතින් දැක්‌වීමට සිතුනේ, චම්පික රණවකගේ ඉහත සඳහන් කල ජිහාද් කෘතිය කියවීමෙන් පසුය. මේ ලැයිස්තුව ඔහුගේ පොතෙන් කොපිකරණ ලදී. එහි ලින්ක් එක මෙහි කොපිකර ඇත.
(https://jdorg.blogspot.com/p/view-al-jihad-and-al-qaeda-of-patali.html)
මේවා ජයග්‍රහණ වන්නේ, ඒ එකක් වත් කලින් ඔවුන්ට හිමිව තිබී නැතිවූ දේ ආපසු ලබාගත් දේ නොව, හුදෙක් සිංහල හිත හොඳකම හෙවත් ගොන්කම හේතුවෙන් දිනා ගත් ස්වීප් ටිකට් නිසාය.

ඩොනමෝර් යුගය

  1. 1929 දී මුස්ලිම් ශාරියා නීතිය විවාහ නීතිය හඳුන්‌වා දීම, 1937 සිට එය ක්‍රියාත්මක වීම
    (1931 දී ස්ත්‍රීන්ට චන්ද බලය දීමට මුස්ලිම් නායකයින්ද සෙසු නායක කොටස් සමඟ විරුද්‌ධ විය. කම්කරුනායක ඒ. ඊ. ගුණසිංහ හැර);

ඩී. එස්. සේනානායක පාලනය
2.1951 කාති උසාවි ක්‍රමය පිහිටුවීම (ටී. බී. ජයා මූලිකව);

අගමැති බණ්ඩාරනායක
සිංහල මරික්කාර් හා උපතැපැල් කාර්‌යාල ව්‍යාප්තිය

  1. 1957 බණ්ඩාර-චෙල්වා ගිවිසුම අනුව නැඟෙනහිර පලාතේ රීජනල් කවුන්සිල් දෙකක් හෝ වැඩි ගණනක් පිහිටුවීමට එකඟවීම;
    1986 දී මෙය ව‌ර්‌ග සැතපුම් 1,267 ක මුස්ලිම් විසිරුණු ප්‍රදේශයක් (මන්නාරම් දිස්ත්‍රික්කයේ මුසාලි, එරුක්කලම්පිටි ප්‍රාදේශීය ලේකම් ප්‍රදේශද ඇතුලත්) සේ විශාල විය.
    2006 දී එය පැහැදිලි ඉල්ලීමක් විය
    2003 ඔළුවිල් ප්‍රකාශණය (1976 වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රකාශය කොපි කිරීම)

සිරිමා බණ්ඩාරනායක පාලනය

  1. 1960-> ඉතිහාසය ඉගැන්‌වීම ඉවත්කිරීම;
    (ඉස්ලාම් සමාජවාදී පෙරමුණේ අධ්‍යාපන ඇමති බදිුද්දීන් මොහමඩ්, මුස්ලිම් අධ්‍යාපන වර්‌ධනය)
    නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරය හරහා රැඩිකල් අරාබි ලෝකයට මාට්ටුවීම 1976 ගඩාෆි පාරවල සල්ලි විසිකිරීම;

ජේ. ආර් පාලනය
මුස්ලිම් මූලධ‌ර්‍මවාදය තම යටත්ට ගත්තා යයි සිතූ ජේ ආර් එය බලවත් කර දීම

  1. 1977 චන්දයෙන් පසු, එම්. එච්. මොහමඩ්, බකීර් මාකර්, මන්සූර්, හමීඩ්, අබ්දුල් මජීඩ්,යන අය පල්ලි හා ස්වෙච්චා සංවිධාන ජාලයක් ගොඩ නැඟීම;
    ශාරියා නීති ක්‍රියාවට නැංවීම-මුස්ලිම් ඇඳුම (පර්දාව, හිස්වැසුම), පැරණි ඉස්ලාම් භූමි පුත්‍ර නීතිය (දෙමළ තේසවලාමේ ද මේ මුස්ලිම් නීතියේ දිගුවකි, මුස්ලිම් දේපල අන් අයට යාම වැලකීම);

මුස්ලිම් ජාතිවාදී පක්‍ෂය බිහිවීම-1988 පලාත් සභා චන්දය
අෂ්‍රාෆ් බලයට ඒම- ඉන්දියන් රෝ, පකිස්ථාන්, සෞදි මුදල් ආධාර

  1. 1988 ජනාධිපතිවරණයේදී සිරිමා බණ්ඩාරනායක නැඟෙනහිරට වෙනම මුස්ලිම් කලාපයක් දීමට ප්‍රතිපත්ති ප්‍රකාශණයෙන් එකඟවීම. එම්.ඊ.පී, ජේවීපී ඊට එකඟවීම;

ආර්. ප්‍රේමදාස පාලනය
1989-93 ප්‍රේමදාස යුගය මුස්ලිම් මූලධ‌ර්‍මවාදයේ සාරවත්ම අවධිය විය.

  1. දිස්ත්‍රික් අවම මන්ත්‍රී චන්ද ප්‍රමාණය සියේට 12.5 සිට 5.0 ට අඩුකිරීම මුස්ලිම් ජනයාට අෂ්‍රාෆ් ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහණයක් වන්නේ පවතින චන්ද ක්‍රමයට කල සුළු වෙනසකින්, ලංකාවේ රජුන් තනන්නා නොව රජුන් බවට සියේට 10 ක් වන මුස්ලිම් ජනයා පත්‌වූයේ ඒ නිසා වීමය. ප්‍රභාකරන් හා අෂ්‍රාෆ් දෙන්නා ඉදිරියේම හිට්ලර් ඇදහූ, ප්‍රේමදාස අන්ත මෝඩයෙක් ලෙස රට-ජාතිය පාවා දුන්නේය.
  2. 1990 දී ගැෂට් නිවේදනයකින් පර්‌දාව හා තොප්පිය විශ්ව විද්‍යාලවල සිසුන්ට අනිවාර්‌ය කිරීම (තුර්කිය වැනි මුස්ලිම් රටවල පවා මෙය තහනම්‌ය)

වික්‍රමසිංහ ආණ්ඩුව
සාම විරාමය, ඔස්ලෝ ගිවිසුම, අයි.එස්.ජී.ඒ, පීටොම්, යනාදියෙන් සිදුවූයේ මුස්ලිම් අන්තවාදීන් අරාබි ඉස්ලාම් මූලධ‌ර්‍මවාදයේ ඔඩොක්කුවට පැනීමය. ඒ සඳහා ඔවුන්ට කිසිදු භාධාවක් නොවීය. බින් ලාදන්ලාට ලංකාව ගොදුරක් විය.

චන්ද්‍රිකා පාලනය
1994 පාර්ලිමේන්තු චන්දයේදී අෂ්‍රාෆ්-චන්ද්‍රිකා ගිවිසුම

  1. සිය මෑණියන් පොරොන්‌දුවූ වෙනම මුස්ලිම් කලාපය චන්ද්‍රිකාගේ නීලන්-ජිිෙල් පැකේජ් ඩීල් යටතේ මායිම් සහිතව, ව්‍යවස්ථාවේ කොටසක් වශයෙන් ලේඛණ ගත කරන ලදී;
    අෂ්‍රාෆ් ඇමති වශයෙන් කොළඹ වරායට 12,000 ක් සේවකයින් බඳවා ගැනීම.
  2. 1995 ඔළුවිල් (නොගැලපෙන තැනක) ජාත්‍යන්තර වරායක් සැදීමට පියවර ගැනීම;
  3. 1995 ඔළුවිල් (අග්නිදිග)මුස්ලිම් විශ්ව විද්‍යාලය, මුස්ලිම් මූලධර්‌මවාදයේ තෝතැන්නක් වීම
  4. ජමියතුල්ලා උලෙමා සංවිධානය පාර්ලිමේන්තු පණතකින් නීතිගත කිරීම;

මහින්ද රාජපක්‍ෂ පාලනය (2004-2014)

  • හලාල් අර්බුදය
  • ස්ත්‍රීන් මුහුණ වසාගෙන පාරේ යාමේ අර්බුදය
  • ස්ත්‍රීන් වහළුන් කල කාති උසාවි විවාහ-දික්කසාද අර්බුදය
  • මුස්ලිම් බහු විවාහ අර්බුදය
  • බාල වයස්කාර විවාහ අර්බුදය
  • මුස්ලිම් ගර්‍භාෂ යුද්‌ධය
  • සිංහල-දෙමළ ස්ත්‍රීන් ඉස්ලාම් කිරීමේ ප්ලෑන
  • පෝය දිනවල හරක් මස් විකිණීමේ අර්බුදය
  • විල්පත්තු වන සංරක්‍ෂණ කැලෑ කැපීමේ අර්බුදය
  • මද්‍රසා විෂයමාලා පාසැල් අර්බුදය
  • ශාරියා බැංකු අර්බුදය
  • කුරගල ප්‍රශ්ණය
  • මුහුදු මහා විහාර ඉඩම් කොල්ලය
  • දෙවනගල/දීඝවාපි අනාගතය

ඉහතින් දක්වා ඇති මුස්ලිම් ජයග්‍රහණ ලැයිස්තුව අසම්පූර්‌ණ ය. එසේම රාජපක්‍ෂ පාලන කාලය යනු, ඊට කලින් පාලනවලදී ලබාගත් මුස්ලිම් ජයග්‍රහණ භුක්තිවිඳීමේදී ඇතිවූ ප්‍රශ්ණ වලට ආණ්ඩුව අතරමංවූ කාලයය. මීට හේතුවූයේ 2012 මැයි සිට බොදු බල සේනාව විසින් ආණ්ඩුව නමැති අලියාට හෙන්ඩුවෙන් අනින්නට වීමය. යුරෝපයෙන් ආ බහුජාතික, ඉන්ටර්ෆේත් ජරමරයකට අසුවුණු ආණ්ඩුව බොදු බල සේනාවට දැක්‌වූයේ ලව්-හේට් ආකල්පයකි. ඥානසාර හාමුදුරුවන් හිරේට නොගත්තත්, ආණ්ඩුවේ මුස්ලිම් චන්ද පෙරේතකම නිසාම 2014 චන්දයේදී සිංහල චන්ද අහිමි විය.

යහපාලනකාරයින්ගේ පාලනය (2014-2019)

රාජපක්‍ෂ ආණ්ඩුව වැට උඩ සිටීමේ නැතහොත් මඩේ සිටවූ ඉන්නක ප්‍රතිපත්තියක් අනුගමනය කලත්, යහපාලනකාරයින් කලේ ඒ අර්බුද, සංඝ දඩයමක් හරහා යටපත් කර ඉස්ලාම් අන්තවාදයට ඉඩදීමය. ඔවුන් එහි ප්‍රතිඵල භුක්ති වින්ඳේය, දැන් 2020 දී අගමැති රාජපක්‍ෂ, ඔහු ජනාධිපතිව සිටියදී කල වැරදි, නිවැරදි කිරීමට ජනාධිපති ගෝඨාභයට උපකාර වෙතැයි සිංහල බෞද්‌ධයා විශ්වාස කරමින් සිටී. තුනෙන් දෙකක් ගන්නට දේශපාලන සෙල්ලම් කර ලබා ගන්නා තුනෙන් දෙක, 1956 සිටම සිංහල බෞද්‌ධයාට වින කලේය. මුස්ලිම් හෝ දෙමළ ජනයා නොරවටා, තුනෙන් දෙක ලබා ගැනීමට තාමත් රටේ ඉඩ තිබේ. ඒ සඳහා කල යුතු සත්‍යය ජනතාවට කියාදීමය.

මේ පිළිඹද විග්‍රහයක් 3 කොටසෙන් බලාපොරොත්තු වන්න.

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.,Ph.D.

1 කොටස

Related posts

පොලිස් නිලධාරීන් ඝාතනයට LTTE කන්නන් අත්අඩංගුවට

colombotoday

කොවිඩ් වෛරසය සම්පූර්ණයෙන්ම ජයගැනීමට සූදානම්

colombotoday

විපක්ෂ මන්ත්‍රීන් දඩයටම ආණ්ඩුවෙන් අල්ලස්.. තීරුබදු රහිත වාහනයට අමතරව තව සැප රියක් දෙන්න යයි

colombotoday

DIG සහ කලාකරු දෙපුතුන්ගේ ගංජා ඇල්ලූ OIC ට දඩුවම් මාරුවක්

colombotoday

ටියුෂන් පන්තියට එන්නැයි කියා සිසුන්ට බලපෑම් කරන පාසල් ගුරුවරුන්ට වැඩ වරදී

colombotoday

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ ජාවාරම කරන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන්නැයි උපදෙස්..

Admin