Colombo Today Local News

බණ්ඩාරගම මුස්ලිම් කාන්තාවකට ෂරියා නීතිය යටතේ දඬුවම් කළ පුද්ගලයන් 6 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

බණ්ඩාරගම ප්‍රදේශයේ සිංහල ජාතික පුද්ගලයෙකු හා විවාහ වී සිටින මුස්ලිම් කාන්තාවකගේ නිවසට “බලහත්කාරයෙන් පැමිණ ලිංගික හිරිහැර හා නිවසට දැඩි අලාභ හානි සිදුකරමින් තර්ජනය කිරීම් හා බියවද්දවිම” පිළිබඳව චෝදනා එල්ලවූ ඊයේ (20 දින) බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනෙකු මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර අධිකරණය අද(21) නියෝග කරන ලදි.

අදාළ කාන්තාව මෙම සිද්ධිය පිළිබඳව පවසන්නේ “ෂරියා නීතිය යටතේ මට වද දීලා, ඇඳුම් ඉරලා, සෙනග පිරුණු පාරේ ඇදගෙන ගියා” යනුවෙනි.

සිංහල ජාතික පුද්ගලයෙකු සමග විවාහ වූ බැවින් දිගින් දිගටම තමාට ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියෙ පිරිස්වලින් බලපෑම් එල්ල වූ බවත්, මේ සම්බන්දයෙන් 2019/03/03 වන දින CIB 2 22/327, 2019/03/25 දින CIB 128/19, 2019/03/26 දින CIB 3 162/146, 2019/03/30 දින CIB 1 340/358 සහ 2019/03/29 දින CIB 2 21/324 දරණ පැමිණිලි බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත තමන් ඉදිරිපත් කළ බවත් ඇය පවසයි.

කෙසේ වෙතත් මෙම පැමිණිලි සම්බන්ධයෙන් විදිමත් විමර්ශනයක් සිදු කර නොමැති අතර පසුගිය සතියේ පෞද්ගලික රුපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්චාවකදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ සිද්ධිය පිළිබඳව රටට හෙළිකිරීමත් සමගම ලහි ලහියේ පරීක්ෂණ සිදුකර මෙම සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරගම පොලීසිය කටයුතු කර ඇත. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් තවමත් පොලීසිය අත්අඩංගුවට ගෙන නොමැති අතර තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින බව බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා ඇත.

අගතියට පත් කාන්තාව වෙනුවෙන් නීතිඥ සංජය ආරියදාස මහතා පෙනීසිටියේය.

Related posts

යාපනයේ දූපත් තුනකට විදුලිය

Admin

රංජන් නිදහස් කර ගන්න සාකච්ඡා

colombotoday

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක් විය යුතයි.. – හේෂා විතානගේ

colombotoday

ඔව්.. අනුර අයර්ලන්තයට ගියා.. සති තුනක්ම ඔහු එහෙ ඉදන් පක්ෂයේ ශාකා සමිති හැදුවා

colombotoday

පානම වනජීවි කාර්යාලයට පහරදීමක්

colombotoday

අදත් ඇතැම් ප්‍රදේශවලට විදුලිය විසන්ධි විය හැකියි – CEB කියයි

colombotoday