Colombo Today Local News

ඡන්දයක් පැවැත්වූවොත් පරාජයට පත්වන බව ශෂීන්ද්‍ර රාජපක්‍ෂ කියයි.

හෙට ඡන්දයක් පැවැත්වූවොත් රජය ඉන් පරාජයට පත්වන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පැවසීය.

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගත් තීරණය ‘මිනිසුන් වස විෂ කාලා මිනිස්සු මැරුනත් කමක් නෑ මගේ ඡන්දය මම දිනනවා’ කියන මතයේ සිට ගත් තීරණයක් නොවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

එය මැතිවරණයකට ඉදිරිපත් වන කිසිම දේශපාලන නායකයෙක් නොගන්න ආකාරයේ තීන්දුවත් බව ද ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කීවේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ වී වගාව සඳහා ලබාදෙන පළමු කාබනික පොහොර තොගය නිකුත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. කුඹුරු හෙක්ටයාර 2000 ක් සඳහා මෙහිදී කාබනික පොහොර ලබාදීම සිදුකෙරිණි.

මෙවැනි තීරණයක් ගැනීමට හැකි නායකයන් අඩු බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. එහෙත් හදවතින් නිවැරදි කාර්යයක් කරන්නේ නම් මොනතරම් අවලාද ආවත් අනිවාර්යයෙන්ම එම ගමන යන බව ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

Related posts

ලේඛනාරක්ෂක දෙ‍පාර්තමේන්තුවේ නීතිමය තැන්පතුව හොරු බිඳිති

colombotoday

“අර්ජුන් මහෙන්ද්‍රන් පොඩි හොරෙක්.. ලොකුම හොරා කබ්රාල්” – විජයමුණි සොයිසා

colombotoday

අලි ගහන්න ආවොත් 1992 අංකයට කතා කරන්න

colombotoday

මේ තත්ත්වය යටතේ කවදාවත් ක්‍රිකට් හදන්න වෙන්නේ නෑ

colombotoday

මහනායක හිමිවරුන්ගේ අනුමැතිය නැතිව භික්ෂු විනය නීති පනවන්න ආණ්ඩුවට අයිතියක් නෑ

colombotoday

රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය

Admin