Colombo Today Local News

“හැකි දෙයක් කර පෙන්වනු…” ප්‍රභාකරන්ගේ මන්ත්‍රී මස්සිනා රජයට අභියෝග කරයි…

මේ ජන සංහාර සිද්ධ වෙලා තියෙනවා. මේකට නීතිය අපිට ලැබෙන්න ඕනේ. අපේ පළාත අපිට ඕනේ විදියට පාලනය කරන්න අපිට අයිතිවාසිකම් එන්න ඕනේ. මේක අනිත් පැත්ත රවට්ටලා කරනවා නම් වැරදියි.” යැයි උතුරු පළාත්සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් පවසයි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනය මාධ්‍ය සමාජයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා, උතුරු පලාත්ට අයිති කොඩිය කුමන ආකාරයෙන් භාවිතා කලත් කිසිවෙකුගෙන් අවසර ගත යුතු නොමැති බවටත් එසේ සිදුවීමක් වී ඇත්නම් නීතිමය පියවර ගෙන පෙන්වන ලෙසටත් රජයට අභියෝග කර සිටියේය.

“සමහර ඇමතිවරු කියලා තිබුණාලු උතුරු පළාත් සභා කොඩිය භාගයක් දාපු එක වැරදියි කියලා. පාසල්වල උතුරු පළාත් සභා කොඩිය භාගයක් දාපු එක වැරදියි කියලා.

අපි අහන්න කැමතියි අපේ අයිතිය තියෙන කොඩිය කොයි විදිහට දානවා කියලා ඔබතුමාලාගෙන් අහන්න ඕනෙද? ඒකට ඇක්ෂන් ගන්න ඕනේ නම් පුළුවන්නම් ඇක්ෂන් ගන්න සමහර අය කියනවා උතුරු පළාත් සභාව විසුරුවනවයි කියලා. පුළුවන්නම් විසුරුවලා බලන්න. අපි චැලේන්ජ් කරන්නම්.“ යැයි ඔහු එහිදි කියා සිටියේ ය.

Related posts

ගංගා තුනක් පිටාර මට්ටමේ… අනතුරු ඇගවීම් නිකුත් කෙරේ..

colombotoday

විගණන පනත් කෙටුම්පතට නීතිපති අනුමැතිය දෙයි

colombotoday

විදුලි ඇණහිටීම සිදුව ඇත්තේ කම්කරුවන්ගේ දෝෂයකින් – කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට

colombotoday

සනීපාරක්ෂාව නැති ඌවේ ටියුෂන්වලට වාරණයක්

colombotoday

දේශපාලන අර්බුධය මැද විදෙස් යුධ නැවක් කොළඹට සේන්දු වෙයි

colombotoday

ජාතික ආරක්ෂාව කමිටුවෙන් සරත් ෆොන්සේකා ඉවත් වෙයි

Admin