Business

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම මඟින් රටට බදු ආදායම මිලියන 1,600ක් අහිමි වෙනවා

යෝජිත සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවට, ආනයනික බදු ආදායම ලෙස පමණක් රුපියල් මිලියන 1,600ක් අහිමි වන බව, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඒ අනුව අදාළ වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා කරන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍ය බවත්, ඔහු රටට බොරු කරමින් සිංගප්පූරු ගිවිසුම ආරක්ෂා කොට, මේ රට ජාත්‍යන්තරයට බිලි දීමේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන බවත්, ඔහු සඳහන් කළේය.

තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය පෙරේදා (07දා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.මෙම ගිවිසුම නිසා සිංගප්පූරුවට ඇමෙරිකානු ඩොලර් මිලියන දහයක ආනයනික බදු ආදායමක් ඉතිරි වන බව සිංගප්පූරු වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යවරයා විසින් නිකුªත් කළ නිවේදනයක සඳහන් වන බවත්, ඒ අනුව මේ ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට ආනයනික බදු ආදායම ලෙස රුපියල් මිලියන 1600ක ප්‍රමාණයක් වර්ෂයකට අහිමි වන බවත් ඔහු සඳහන් කළේය.

මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවෙන් සිංගප්පූරුවට අපනයනය කරන භාණ්ඩවලින් බදු සහන ලැබෙන එක් භාණ්ඩයක් හෝ නම් කරන ලෙස ඔහු අමාත්‍යවරායාට අභියෝග කළේය.

Related posts

ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් නොවෙයි – මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරයි

colombotoday

ඇමරිකානු MBA උපාධි ශිෂ්‍යත්ව වැඩසටහන ප්‍රථමවරට ශ්‍රී ලාංකික සිසුන්ට

colombotoday

“ආසන්නයේ විශාලතම රටවල් සමග ගිවිසුම්වලට යාමෙන් දියුණු වූ කිසිදු රටක් නෑ” – පාත්ෆයින්ඩර් පදනම

colombotoday

සහල් හිඟය මවාපෑමක් බව මෝල් හිමියෝ කියති

colombotoday

රුවන්පුරේ මැණික් කැටවලට ස්විස් රටෙන් අපමණ අගයක්!

colombotoday

කොටස් වෙළදපොළ මිල දර්ශකයේ වර්ධනයක්

colombotoday