Colombo Today Local NewsHot News

බුද්ධාගමට අපහාස කරන්න, අන්තවාදය වපුරන්න අරාබියෙන් කෝටි ගණන් සල්ලි ලැබෙනවා – අසාද් සාලි මෙතෙක් නොකී රහසක් හෙළි කරයි

ඉතාමත් බරපතල ලෙස ආගමික ජාතික සමගිය විනාශ කරමින් සහ ශ්‍රී ලාංකික සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය තුල අන්තවාදී අදහස් ප්‍රචලිත කරමින් අරාබි රටවල ආධාර ලබන රාජ්‍ය නොවන ඉස්ලාමීය සංවිධාන කිහිපයක් රට තුළ ක්‍රියාත්මක වන බව පසුගිය සමයේ  විවිධ පාර්ශව විසින් හෙළිදරව් කරනු ලැබුවා.  එම හෙළිදරව් කිරීම්වල සත්‍යතාවය තව තවත් තහවුරු කරමින් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා විසින් එවැනි එක් සංවිධානයක් වන තව්හීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් පිළිබදව අප සමග අනාවරණය කර සිටියා.

ශ්‍රී ලංකාව තුළදී බුද්ධාගමට අපහාස කිරීමට සහ ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට අරාබි රටවලින් සහ ප්‍රබල මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙන් කෝටි ගණනින් තව්හීද් ජමාත් සංවිධානයට මුදල් ලැබෙන බවද අසාද් සාලි මහතා හෙළිදරව් කරනවා,  බුද්ධාගමට අපහාස කරන තරමට සහ අන්තවාදය ප්‍රවර්ධනය කරන තරමට ඔවුන්ට වැඩි වැඩියෙන් මුදල් ලැබෙන බවත්, අනවශ්‍ය ආකාරයට රට පුරා නිවාස පල්ලි බවට පරිවර්ථනය කරමින් තමන්ගේ අන්තවාදී මතවාද ප්‍රචාරය කරමින් ජාතික සමගිය විනාශ කරමින් සිටින බවත් ඔහු හෙළිදරව් කරනවා. 

අසාද් සාලි මහතාගේ ප්‍රකාශය පහතින්



 

මීට පෙර තව්හීද් ජමාත් සංවිධානයේ ප්‍රධානී අබ්දුල් රාසික්දීන් බුදුන් වහන්සේ පිළිබද කළ අපහාසාත්මක ප්‍රකාශය ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව හෙළා දකින බවද සාලි මහතා පවසනවා. මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇති තව්හීද් ජමාත් සංවිධානය මගින් ලංකාවට ගෙන්වීමට යන ජයිනුල් ආබ්දීන් නමැත්තාගේ ආගමනයට ජමියතුල් උලමා සංගමය සහ මුස්ලිම් සංවිධාන ගණනාවක් මේ වන විටත් දැඩි විරෝධයක් දක්වමින් සිටින බවත් තව්හීද් සංවිධානයේ හතර දෙනෙකුට අදාල රැස්විමට සහභාගීම තහනම් කරමින් උසාවි නියෝගයක් නිකුත් කර ඇති බවත් ඔහු පවසනවා.

අසාත් සාලි මහතා තව්හීද් ජමාත් සංවිධානය ගැන කරන මේ හෙළිදරව්ව එම සංවිධානයට පමණක් නොව මේ රට තුළ දැනටමත් ක්‍රියාත්මක වන බොහෝ රාජ්‍ය නොව සංවිධානවලට අදාළවන කාරණාවකි. සෞදි අරාබිය, කටාරය, පාකිස්ථානය ඇතුළු අරාබි රටවලින් ලැබෙන අරමුදල් මත ක්‍රියාත්මක වන සංවිධාන හරහා එම රටවලින් පැමිණෙන මුලධර්මවාදී, අන්තවාදී අදහස්වලට ශ්‍රී ලංකාවේ සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය ගොණු කරගැනීමට සැලසුම් සහගත කටයුතු කරන බවට මුස්ලිම් ප්‍රජාව තුළින්ම ප්‍රකාශ වෙති. මීට පෙර මුස්ලිම් සමාජයේ පැවති සාම්ප්‍රධායික ඇවතුම් පැවතුම් සහ ඇදහිලි විකෘති කිරීමටත් අරාබියේ සංස්කෘති ලක්ෂණ බලහත්කාරයෙන් අන්තගාමී ලෙස මුස්ලිම් සමාජයට කාවැද්දීමට කටයුතු කිරීම නිසා මෙතෙක් කලක් මුස්ලිම් ප්‍රජාව තුළ පැවති සහජීවනය දෙදරීමට ලක් වෙමින් තිබෙන අතර මුස්ලිම් නොවන අන්‍ය ජාතීන් සමග තිබූ සමිප සබදතාවයද දුරස් විමට මග පෑදී අති බව ඔවුන් ප්‍රකාශ කරනවා. මෙම තත්වය තවදුරටත් වර්ධනය වූවහොත් පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල මුස්ලිම් ජනතාව මුහුණ දී සිටින ආකාරයේ ඛේදවාචකයකට ලාංකීය මුස්ලිම් සමාජයත් ගමන් කරනු ඇති බවටයි මධ්‍යස්ථ මත දරණ ඉස්ලාම් සහෘදයන් පිරිසක් අප සමග ප්‍රකාශ කළේ. එබැවින් ජයිනුල් ආබ්දීන්ගේ ආගමනයට විරුද්ධ වනවා මෙන්ම ඒ හා සමානවම ඇතැම් වටි ඊටත් වඩා බරපතල ලෙස මෙරට ආගමික සමගියට මෙන්ම මෙරට සාම්ප්‍රධායික මුස්ලිම් සමාජයේ විනාශයට හේතු වෙමින් පවතින අන්තවාදී ඉස්ලාමීය රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරකම් ගැන අවධානය යොමු කිරීම වැදගත් වනු ඇත.

 

 

Related posts

ඉතිහාසයේ ප්‍රථම වරට ජනපතිවරයෙක් බලය කප්පාදු කරගන්නේ මෙන්න මෙහෙමයි

colombotoday

ත්‍රිකුණාමලයේදී සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු මිය යයි

colombotoday

ඇප නෑ.. මහින්දානන්ද නැවතත් රිමාන්ඩ්

colombotoday

මෙරට සංඝ කල්ලියක් ක්‍රියාත්මකයි. මංගල සමරවීරගෙන් සංඝරත්නයට තවත් ප්‍රහාරයක්

colombotoday

සෝභිත හිමි අපවත්වීම සැලසුම්සහගත ලෙස කළ ඝාතනයක් – අභිරහස් තොරතුරු රැසක් හෙළිදරව් කරයි

colombotoday

ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා තවමත් කැබිනට් අනුමැතිය හිමිවී නැ..

colombotoday