Colombo Today Local Newsfeatured

රතන හිමිගේ කුමන්ත්‍රණයට හසුවූ විමල්,වාසු ගම්මන්පිලට අමාත්‍යධුර අහිමි වෙවිද ?

රට වැසීමක් නොකළ යුතු බවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික තීරණයට අත එසවූ ඇමතිවරු එළියට ඇවිත් රට වැසිය යුතු යැයි ජනාධිපතිවරයාට ලිපියක් නිකුත් කිරීම කුමන්ත්‍රණයක් බවට සැක යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා පවසයි.

මෙවැනි සිද්ධීන් පිළිබඳව විශේෂයෙන් සොයාබලන ලෙස ජනාධිපතුමාගෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා කීය.

රට නොවැසිය යුතු බවට පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සියලු කැබිනට් ඇමතිවරුන් ඒකමතික තීරණයක් ගැනීමෙන් පසුව රට වැසීමකට යන්නේ නෑ කියන තීරණයට අත ඔසවපු සමහර ඇමතිවරු එළියට ගිහින් රට වහන්න කියලා රජයට ලියුමක් දුන් බව කී සාගර කාරියවසම් මහතා එවැනි දේවල් කුමන්ත්‍රණ දැයි සැකයක් මතු වන බවත් සඳහන් කළේය.

බත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“මේක මෙවැනි දෙයක් සිදුවූ පළමු අවස්ථාව නොවෙයි. කැබිනට් මණ්ඩලයේ එකඟ වෙලා ජනාධිපතිතුමාට ලියුම් එවන එක රජය අපහසුතාවට පත්කරන වැරදි කියාවක්. සන්ධාගත රජයක ඉන්න පක්‍ෂ මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි.

රට වහන්න කියලා ලිපියක් ලියලා මාධ්‍යයට නිකුත් කිරීම සන්ධානගත පක්‍ෂයක් නොකළ යුතු දෙයක් කියලා මම කියන්නේ.

සන්ධාන රජයක් වෙලා කැබිනට් ඇමතිකම් දරාගෙන එහි සියලු වරප්‍රසාද ලබාගෙන ඒ සියලු දේ කරගෙන ජනතාව ඉදිරියේ බොරුවට වීරයන් වෙන්න හදවා නම් කවුරු හරි කොට්ඨාසයක් ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් දැඩිව ඉල්ලා සිටිනවා.

මේ තත්වය මීට කලිනුත් වුණා. අපි දැක්කා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් අදාල ආයෝජනය සිදුකරන්න සූදානම් වූ අවස්ථාවේත් මෙවැනිම තත්වයක් ඇති වුණා. විවිධ අවස්ථාවලදී මෙවැනි තත්ව ඇති වුණා. මෙය සන්ධාන රජයකට ඉතාමත් අහිතකර තත්වයක්. කැබිනට් මණ්ඩලයේ කතා කරන්න කොන්ද පණ නැතිව එළියට ගිහින් ලියුම් ගහලා ඒ ලියුම ජනාධිපතිතුමා අතට යන්න කලින් මාධ්‍යවලට කවුරු හරි නිකුත් කරනවා නම් එය ඉතාමත් බැරෑරුම් තත්වයක්. ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගන්න ඕන”

Related posts

සති දෙකක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කළ පුද්ගලයින්ට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්.

colombotoday

තුවාල සහිත මළ සිරුරක් නැඳුන්ගමුව නිවසකින් හමුවෙයි

Admin

ගොඩනැගිලි‍ ද්‍රව්‍ය මිල සීඝ්‍රයෙන් ඉහළට. වැලි කියුබ් එකක මිල පමණක් රු. 8,000කින් ඉහළ ගිහින්

colombotoday

උදයංගව නිදහස් කල බව අපි දන්නෑ.. ඔහුව අත්අඩංගුවට ගන්න කණ්ඩායම් දෙකක් යැව්වා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

රවණා රජු ත්‍රස්තවාදියෙක් – ඉන්දීය අගමැති කියයි.. පිළිරුවටත් ගිනි තබයි !

colombotoday

කෘතිම කහ නිසා රට ලෙඩවීමේ අවදානමක්

colombotoday