Colombo Today Local News

මළවුන් වඳින සාලිට අපි බය නෑ. රජයෙන් අවසර දුන්නා, අපි ලොක්කව ලංකාවට ගේනවා – තව්හීද් ජමාත්

තම සංවිධානයට අන්තවාදීන් යැයි චෝදනා කරන අසාද් සාලි සොහොන්වලට නැමදුම් කරන පහත් පෙළේ පුද්ගලයෙකු බවත්, ඔහු මුස්ලිම් ජනතාවගේ නායකයකු නොවන බවත්, අවස්ථාවාදී දේශපාලනයක් කරන පහත් පෙළේ පුද්ගලයකු බවත්, අනුන්ගේ ස්ත්‍රියක් බලෙන් රදවාගැනීමේ සිද්ධියක් නිසා චරිතය කෙළෙසාගත් ඔහු තමන්ගේ ක්‍රියාකාරකම්වලට බාධා කිරීම නින්දිත පහත් ක්‍රියාවක් බවත් තව්හිද් ජමාත් සංවිධානය පවසනවා. කුරාණයේ දෙමළ පිටපතක සිංහළ අර්ථ නිරෑපණය එළි දැක්වීම සදහා තමිල්ණාඩුවේ ජයිනුල් ආබ්දීන් නම් ආගමික වියතෙකු තම සංවිධානය මගින් ලංකාවට ගෙන්වීමට සූදානම් වද්දී මුස්ලිම් ප්‍රජාවේ ඇතැම් දේශපාලකයන් ඔහු අන්තවාදියෙකු බව පවසමින් තමන්ට විරෝධය දක්වන බවයි එහි ලංකාවේ ප්‍රධානී අබ්දුල් රසීක්දීන් පවසන්නේ.

[mom_video type=”youtube” id=”_Vk_YI8zdKg”]


 

ජයිනුල් ආබ්දීන් ලංකාවට ගෙන්වීමට රජය අවසර දී නැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් ප්‍රකාශ කළත් තම ප්‍රධානියාගේ ලංකා ගමනට මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ අවසරය ලිඛිතවම ලබා දී ඇති බවද රසීක්දීන් පවසනවා. එමෙන්ම තම කටයුතු වලට හොට දැමීමෙන් වැළකී දන්නා දේශපාලනයක් කරගෙන පාඩුවේ සිටියොත් එය මරික්කාර්ගේ දේශපාලන අනාගතයටත් සුවදායක වනු ඇති බවද රාසික්දීන් ප්‍රකාශ කරනවා. ජයිනුල් ආබ්දීන්ගේ ප්‍රධානාත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැත්වීමට සූදානම්වන සමුළුව සදහා චම්පික රණවක, සජිත් ප්‍රේමදාස, රන්ජන් රාමනායක ඇතුළු රජයේ මැති ඇමතිවරුන් ගණනාවක්ම සහභාගී වන බවද ඔහු සදහන් කළා.

මීට පෙර තමන් විසින් බුදුන් වහන්සේට අපහාස කළ බව චෝදනා කළත් එය අපහාසයක් නොව අත් වැරදීමක් බවයි රසීක්දීන් කියා සිටියේ. ඒ පිළිබද නඩුවක් ද මේ වන විටත් ක්‍රියාත්මකව පවතිනවා. ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රවාදී රටක් වන බැවින් ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමට නිදහස ඇති බවයි රාසික්දීන් පවසන්නේ. අසාද් සාලි මෙන්ම මොහොමඩ් නියාස් නම් වූ මවුලවි වරයෙක්ද හිටපු අමාත්‍ය අලෙවි මවුලානා ද තමන්ගේ කටයුතු වලට බාධා කළබවද ඔහු ප්‍රකාශ කරනවා.

මීට කලකට පෙර මිය ගිය මොහොමඩ් නියාස් මව්ලවිතුමා ශ්‍රී ලංකාව තුළ ආගමික ජාතික සංහිදියාව ගොඩනැගීම සුවිශේෂී මෙහෙවරක් කළ අයෙකු ලෙස ප්‍රකටයි. ඔහු මුස්ලිම් මෙන්ම සිංහල සහ දමිළ ප්‍රජාව අතරත් ගෞරවයට පාත්‍ර වූ මවුලවිවරයෙක් බව සදහන් වනවා.

jainul abdeenතමිල්ණාඩුව කෙන්ද්‍රකරගනිමින් ක්‍රියාත්මක වන තව්හිද් ඇතුළු ඉස්ලාමීය කණ්ඩායම් ගණනාවක් මෙහෙයවන ජයිනුල් ආබ්දීන් ඉස්ලාමීය මූලධර්මවාදී අදහස් ප්‍රචාරය කරන දේශකයෙකු ලෙසයි සැලකෙන්නේ මිට පෙර මැලේසියාවේදී ඔහුගේ දේශන තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබුණා. ඔහුගේ වහාබ්වාදී රැඩිකල් ඉගැන්වීම් මෙරට සාම්ප්‍රධායික ඉස්ලාමීය ආගමික පරිසරයට ඉතාමත් අහිතකර අන්දමින් බලපෑ හැකි බවත් ඒ තුළින් තරුණ ඉස්ලාම් ප්‍රජාව අන්තවාදය දෙසට නැඹුරු විය හැකි බවත් ඔහුගේ පැමිණීමට විරෝධය දක්වන මැදහත් ඉස්ලාමීය විචාරකයන් කිහිපදෙනෙක් අප සමග පැවසූවා. ඔහු විසින් දමිළ බසට පරිවර්ථනය කර ඇති කුරාණයේ ඉගැන්වීම් වඩාත් අන්තගාමී ලෙස අර්ථ නිරෑපණය කර ඇති බවත් ලංකාවේදී එළි දැක්වීමට සූදානම් වන්නේ එහි සිංහල පරිවර්ථනය බවත් ඔවුන් පවසනවා. මෙම ඉගැන්වීම් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවටත් ජාතීන් අතර සහජීවනයටත් අනාගතයේදී ඉතාමත් අහිතකර අන්දමින් බලපාන බවයි ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

අබ්දුල් රාසික්දීන් විසින් ලංකාවට ගෙන්විමට නියමිත ජයිනුල් ආබ්දීන් ඉස්ලාමීය ආගමික නායකයකු ලෙස හැදීන් වුවත් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි පවසන්නේ ජයිනුල් ආබ්දීන් “අන්තවාදී කාලකන්නියෙකු බවයි” එමෙන්ම මෙම පුද්ගලයා ලංකාවට ගෙන්වීම සදහා අනුග්‍රහය දක්වන බවට අගමැතිවරයා ඇතුළු රජයට බරපතල චෝදනාවක්ද ඔහු එල්ල කරනවා.


අසාත් සාලි මහතා දැක්වූ අදහස්


පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා දැක්වූ අදහස්…

Related posts

මිළදී ගත්, ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

දැනට පනවා ඇති ඇඳිරිනීතිය 12 වැනි දා උදෑසන 7 දක්වා දීර්ඝ කෙරේ

colombotoday

මියන්මාර් නියෝජිත පිරිසක් ඥාණසාර හිමි හමුවෙයි !

colombotoday

ඡන්ද ප්‍රතිපල වැරදියි.. පරිපූරක ඇස්තමේන්තුවට නැවතත් ඡන්දයක්

colombotoday

වැලිකන්ද තරුණියගේ මරණයට හේතුව ගෑස් උදුන, සිලින්ඩරය හෝ රෙගියුලේටරයේ දෝෂයකින් සිදුවූ ගිනිගැනීමක් නොවේලු

colombotoday

කොරියාවෙන් ගේන සල්ලි වියදම් කරන හැටි කියා දෙන්න තලතාගෙන් ක්ලාස් එකක්

colombotoday