Colombo Today Local NewsHot News

සෝභිත හිමි අපවත් වීමට ‍හේතු වූ හදවත් සැත්කමේ අභිරහස…?

sobitha himiකොළඹ පෞද්ගලික රෝහලකදී මාදුළුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන් සිදුකළ හදවත් සැත්කමේදී වෛද්‍යවරුන් අතින් සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් රුධිර නාලයකට හානි සිදුවී ඇති අතර සැත්කමෙන් පසු සෝභිත හිමියන්ගේ තත්ත්වය බරපතල වූ බැවින් හිමි භාරව සිටි ප්‍රධාන වෛද්‍යවරයා කැදවූ නමුත් ඔහු පැමිණ ඇත්තේ ඔහුගේ පෞද්ගලික චැනල් සේවාවේ රෝගීන් 21 දෙනෙකු පරීක්ෂා කිරීමෙන් අනතුරුව බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම ප්‍රමාදය සෝභිත හිමියන්ගේ ජීවිතය බේරා ගැනීම සදහා තිබූ අවස්ථාව අහිමිවීමට බලපෑ බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි. ඉන්පසු ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සිංගප්පූරුවේ මව්න්ට් එලිසබෙත් රෝහලට උන් වහන්සේ මාරුකර යැවීමට කටයුතු කළද එහිදී හිමියන්ට තිබූ අධික උණ සහ අධික රුධිර පීඩනය යම් ප්‍රමාණයකට සමනය කළද හදවත් සැත්කම හේතුවෙන් ඇති වූ ජීවිත තර්ජණය මගහැරවීමට නොහැකි වී ඇත.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වසන් කර මෙම සෞඛ්‍ය සේවාව හා වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබදව වැඩිදුර හෙලිදරව් කිරීමට ColomboToday ඉදිරියේදී කටයුතු කරනු ඇත.

Related posts

ගාලු මුවදොර අනතුරක්

Admin

හම්බන්තොට වරාය වසර 200ක චීනයට දෙන ගිවිසුම ජනවාරි 6-7 අත්සන් කරයි

colombotoday

එජාප නායකත්වයේ වෙනසක් ගැන නවීන් කියයි

colombotoday

ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවතට

colombotoday

වසර දෙකහමාර තුළ 31,000කට ද්විත්ව පුරවැසිභාවය !

colombotoday

එක රටයි.. එක නීතියයි.. එක හාමුදුරුවොයි.. කමිටුවේ සභාපති ධුරයට සුදුසුම ඥානසාර හිමියි. – නලින් ද සිල්වා

colombotoday