Colombo Today Local News

බුරවිට සුළි කුණාටුවට මුහුණදෙන්න ත්‍රිවිධ හමුදාව සීරුවෙන්

තවත් පැය කිහිපයකින් දිවයිනට ඇතුළු වන බුරවි සුළි කුණාටුවෙන් පසු සිදුවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සදහා යුධ හමුදා සෙබළුන් සූදානමින් සිටින බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුධ හමුදාපතිවරයා සදහන් කළේ ආපදා තත්ත්වයන් ඇති විය හැකි ප්‍රදේශ සොයාබලා එවැනි සියලු ස්ථානවල යුධ හමුදාවේ භට පිරිස් අතිරේක භට පිරිස් ස්ථාන ගත කර ඇති බවයි.

සුළි කුණාටුවෙන් පසු ඇති විය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සහ මහජනතාව රැකබලා ගැනීම සදහා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් මේ වන විට සූදානමින් සිටින බව හමුදාපතිවරයා සදහන් කරයි.

එම කටයුතු නිසියාකාරව සිදුවනවා ද යන්න සොයා බැලීම සදහා යුධ හමුදාපතිවරයා අද (02) උදෑසන වවුනියාව බලා පිටත්ව ගොස් තිබේ.

Related posts

කෝටි 23ක කොකේන් කටුනායකදී රේගුව අල්ලයි

Admin

ගෝඨාට එල්ලවෙන මංගලගේ මඩ

colombotoday

පළමු වරට ගුවනින් හා ගොඩබිමින් STF නිලධාරින් හා ගුවන් හමුදාව එක්ව ගංජා හේන් වටලයි

colombotoday

දුම්රියක ගැටී 16 හැවිරිදි දැරියක් මිය යයි

Admin

සේවකයින්ගේ මාසික වැටුප් සතිපතා ගෙවන්නැයි යෝජනාවක්

Admin

ලෝක ජල දිනය අදයි

colombotoday