Colombo Today Sports News

ශ‍්‍රී ලංකාව සමඟ ඇති මාවතේ අවසානය ගැන කනගාටුයි – සමුගන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු මිකී ආතර් කියයි.

එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියෙන් පසු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමගින් ක‍්‍රියාත්මක තමාගේ ගිවිසුම අවසන් බවත් එම තරගාවලිය ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග තමන් කටයුතු කරන අවසන් තරගාවලිය බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් කියා සිටී. සිය පෞද්ගලික ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඊයේ (17 වැනිදා) ඔහු මේ බව ප‍්‍රකාශ කර තිබිණි.

2019 වසරේදී ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාරගත් මිකී ආතර්ගේ වසර දෙකක කොන්ත‍්‍රාත් කාලය ලබන දෙසැම්බර් මසයෙන් පසු අවසන් වීමට නියමිතව තිබේ. එ් අනුව ඔහුගේ කොන්ත‍්‍රාත් කාලය දීර්ඝ කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තවදුරටත් පියවර නොගැනීම මත මිකී ආතර් ශී‍්‍ර ලංකාවෙන් ඉවත්ව ඉදිරියේදී එංගලන්තයේ ඩාබිෂයර් ප‍්‍රාන්ත කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබේ.

සිය සමුගැනීම පිළිබඳ සටහනක් තැබූ මිකි ආතර් ‘කොදෙව් ටෙස්ට් තරඟාවලියෙන් පසු ශ‍්‍රී ලංකාව සමඟ ඇති මාවතේ අවසානය ගැන කනගාටුයි. මම මේ ශ්‍රේෂ්ඨ රට පුහුණු කිරීමේ සෑම මිනිත්තුවක්ම ප‍්‍රිය කළෙමි. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින්ට සහ ජනතාවට මම විශාල ස්තූතියක් දෙනවා. මම දන්නවා මම පටන් ගත්තට වඩා දැන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හොඳ තැනක තියෙනවා’ යැයි එහි සඳහන් කර තිබේ.

මිකී ආතර් ශී‍්‍ර ලංකාවේ පුහුණුකාරිත්වයට පැමිණීමට පෙර දකුණු අපි‍්‍රකාව, ඔස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානයේ පුහුණකරුවකු ලෙස කටයුතු කර තිබිණි. 2019 දෙසැම්බර් මාසයෙන් පසු මිකී ආතර්ගේ පුහුණුකාරිත්ව යටතේ ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 25ක් කී‍්‍රඩා කර ඇති අතර එහිදී ජයග‍්‍රහණ 8ක් වාර්තා වී තිබේ. එක්දින තරග 18කදී පරාජයන් 10ක් සමගින් ජයග‍්‍රහණ 7ක් පමණක් වාර්තා වී තිබේ. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අනාගතය වෙනුවෙන් තරුණ කණ්ඩායමක් නිර්මාණය කිරීම ආතර්ගේ දර්ශනය වූ අතර නිමාවට පත් වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී එම නවක කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමේ වටයේ සිට සුපිරි 12 දෙනාගේ වටයට පැමිණීමට සමත්වීම කැපී පෙනුනි. එහිදී ශී‍්‍ර ලංකාව සහභාගි වූ අවසන් විස්සයි විස්ස තරග 8න් තරග 5ක්ම ජය ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් 2012 වසරේ සිටි මේ දක්වා පුහුණුකරුවන් 07 දෙනකුගේ සහාය ලබා ගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කටයුතු කර ඇති අතර ජෙෆ් මාෂ්, ග‍්‍රැහැම් ෆෝඞ්, පෝල් ෆාබ්‍රේස්, මාවන් අතපත්තු, චන්දික හතුරුසිංහ සහ මිකී ආතර් එ් අතර වේ. එ් අතරින් කොන්ත‍්‍රාත් කාලය අවසන්වන තුරු එම ධුරයේ රැුඳී සිටි එකම පුහුණුකරු මිකී ආතර් පමණක් වේ.

Related posts

ගුවන් ටිකට්පත් වෙන් කර දෙන්න බැරි වුණු බලධාරීන් නිසා ආසියානු පාපන්දු තරඟාවලිය ලංකාවට අහිමි වෙයි

colombotoday

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය අද ඇරඹේ..

Admin

චීනය සාර්ථකව කොරෝනා පාලනය කළ හැටි මෙන්න !

colombotoday

සනත් ජයසූරියගේ සම්බාධක කාලය අවසන් වෙයි

colombotoday

ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සිහිනය අවසන් – ඕස්ට්‍රේලියාවට ජය

Admin

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

colombotoday