Colombo Today Local Newsfeatured

සෞදි අරාබිය තහනම් කෙරූ තබ්ලිග් ජමාත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විදිහ මෙන්න.

“සමාජයට අනතුරක් සහ ත්‍රස්තවාදයේ දොරටුවලින් එකක්” ලෙස හඳුන්වමින් සෞදි අරාබිය විසින් තබ්ලිග් ජමාත් (Tablighi Jamath) සහ Da’wah කණ්ඩායම තහනම් කර ඇත.

“මෙම තබ්ලිග් ජමාත් කණ්ඩායම මුස්ලිම් සමාජය නොමග යැවීම සිදුකරන බවත් ඔවුන් අන්තරාදායක ත්‍රස්තවාදයේ එක් දොරටුවක් බවත් එරට රජය ට්විටර් පණිවුඩයක් මගින් අවධාරණය කර සිටියි.

2013 වසරේ දී කසකස්තානය තබ්ලිගි ජමාත් සංවිධානය තහනම් කර එය අන්තවාදී මතවාදයක් ලෙස නම් කළේය. ඉරානය, රුසියාව, ටජිකිස්තානය, ටර්ක්මෙනිස්තානය සහ උස්බෙකිස්තානය ඇතුළු රටවල ද මෙම ව්‍යාපාරය තහනම් කර ඇත.

ඉල්ලියාස් මෞලානා නැමැත්තා විසින් මුස්ලිම්වරුන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යැයි පවසමින් තබ්ලීග් ජමාතය ඉන්දියාවේදී ස්ථාපිත කර ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම.

ශ්‍රී ලංකාවේ තබ්ලීග් ජමාතය මතවාද සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වේ.

මෙම කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී ලෙස කටයුතු කරනුයේ ක්‍රි.ව 1950 ට පසුව ය. ශ්‍රී ලංකා තබ්ලීග් ජමාතය ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ලියාපදිංචි වී නොමැති නමුත් ලංකාවේ බොහෝ ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇතික්‍රියාකාරී සංවිධානයකි.

මොවුන්ගේ මූලස්ථානය (මර්කසය) කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටා ඇත. වර්තමානයේදී මෙම තබ්ලීග් ජමාතයට පූර්ණ අනුග්‍රහය දක්වන්නේ සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයයි. මෙයට හේතුව වන්නේ උලමා සංවිධානයේ සභාපති තබ්ලිග් ජමාත් රිස්වි මුෆ්ති වීමයි.

මොවුහු මුස්ලිම් ජනයාගේ ගෙයින් ගෙට ගොස් ඉස්ලාමීය නැමදුමේ වැදගත්කම කියා දෙමින් මුස්ලිම්වරුන් නැමදුම කරා කැඳවති. මොවුන් නිවසෙන් බැහැර වී දින ගණනක් හෝ මාස හතරක කාලයක් විවිධ මුස්ලිම් පල්ලිවල ලැඟුම් ගෙන ආගම ප්‍රචාරය කරයි.

මිය ගිය මුස්ලිම් සාන්තුවරුන් ඇදහීම ඇතුළු ප්‍රධාන සාම්ප්‍රධායික ඇදහිලි ක්‍රම මොවුන් ප්‍රතික්ෂේප කරති. ලෝකයට මිනීමරු වහබ්වාදය හඳුන්වාදෙමින් මුහම්මද් ඉබ්නු අබ්දුල් වහාබ් විසින් දේශනා කළාක් මෙන් සොහොන් වන්දනාව හා මළවුන් ඇදහීම තබ්ලීග් ජමාතය ද ප්‍රතික්ෂේප කරයි.

මුස්ලිම් කාන්තාවන් මුහුණ ආවරණය අනිවාර්ය වේ යන මතයේ මොවුන් දැඩිව සිටියි.

තබ්ලිග් ජමාත්, දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබා දීම ප්‍රතික්ෂේප කරයි. කුඩා කලදීම මද්‍රසා වෙත යොමු කරයි. ගැහැණු දරුවන් වැඩිවියට පත්වූ සැනින් විවාහ කර දෙයි.

බාමියන් බුදු පිළිම විනාශ කල තලේබාන් සංවිධානය ද තබ්ලික් ජමාත් මතවාදයෙන් බිහිවුණු ත්‍රස්ත සංවිධානයකි.

පාස්කු ඉරුදින කින්ග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කල අසාද් තබ්ලිග් ජමාත් සාමාජිකයෙකි.

ශ්‍රී ලංකා තබ්ලීග් ජමාත් සතු සිව්ල් සංවිධාන

NIDA Foundation

රාජගිරියේ කුරේ මාවතේ පිහිටා ඇති මෙම සංවිධානය මගින් ඉස්ලාම් ආගමට වෙනත් ආගම්වල අය හරවමින් එම ජනතාව මංමුලා කර අතහැර දමා ඇත.
වෙනත් ආගමිකයින් ඉස්ලාම් ආගමට හැරවීම සඳහා ඉතා පහසුවෙන් ජාත්‍යන්තර මුදල් ආධාර ලබා ගත හැකි වීම NIDA Foundation (නිඩා පදනම) සිය වාසියට ගෙන ඇත. Non Muslim DAWA ලෙස ඔවුන් මෙය හඳුන්වයි.

ඉස්ලාම් ආගමට හැරුණු පුද්ගලයින්ගේ ඡායාරූප පෙන්වා මුදල් ලබා ගැනීමෙන් පසුව ඔවුන්ව අතහැර දමයි.
තබ්ලිග් ජමාත් ප්‍රභල ක්‍රියාකරුවෙකු වන හසන් ෆරීද් මෙ සඳහා නායකත්වය ලබා දුන් අතර ඔහු කෝටි ගණනක මුදලක් අන්‍යාගමිකයින් මුස්ලිම් ආගමට හැරවීමෙන් උපයා ඇත.

Zam Zam Foundation

දෙහිවල පිහිටි මෙම ආයතනය විසින් පීඩිතයන් සඳහා ජාති භේදයකින් තොරව විවිධ සමාජ සුභ සාධන ක්‍රියා සිදුකරන බව පෙන්වමින් වක්‍රාකාරව ආගම ප්‍රචාරය කරමින් සිටියි.

මෙම ආයතනය සඳහා නායකත්වය දෙන යුසුෆ් මුෆ්ති මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ගුවන්විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය තම ප්‍රචාරක කටයුතු සඳහා දායක කරගෙන ඇත.

අන්තවාදය ප්‍රචලිත කරන නැවැත්විය යුතු ක්‍රියාකාරකම්

● පල්ලියේ නැමදීමට පැමිනෙන්න යැයි පවසමින් මොවුන් ශබ්ද විකාශන යන්ත්‍රවලින් පවසන අතර, ඊට අමතරව ගෙයින් ගෙට ගොස් පල්ලියට පැමිනෙන්න යැයි බලකරන “ගස්තු” ආගමික ප්‍රචාරණ කටයුතු නැවතිය යුතුය. (ගස්තු යනු උර්දු වචනයකි. ගම පුරාම ඇවිදීම මෙම වචනයේ අර්ථයයි)

● පල්ලිය තුල කරන “ මහල්ලා” තබ්ලික් වැඩසටහන් නැවැත්විය යුතුය. (මහල්ලා යන අරාබි වචනයේ අර්ථය ජීවත්වන ප්‍රදේශය යන්නයි)

● පල්ලි වාස භුමියක් කරගනමින් සිදු කරන “චිල්ලා” තබ්ලික් වැඩසටහන් නැවැත්විය යුතුය. (චිල්ලා යනු උර්දු වචනයකි. දින 40 ක් එක් ප්‍රදේශයක සැරිසරමින් ආගම ප්‍රචාරය කිරීම මෙයින් අදහස් වේ.)

● බ්‍රහස්පතින්දා පල්ලිය තුල කරන “මර්කස්” වැඩමුළු නවතා දැමියයුතුය. (මේ සඳහා 500-1000ක පමණ පිරිසක් එකතු වේ. එකතුවී කුඩා කණ්ඩායම් සකස්කර දිවයිනේ විවිධ ප්‍රදේශවල ආගම ප්‍රචාරය කිරීම සඳහා පිටත් කර යවයි.

තබ්ලිග් ජමාත් ප්‍රකාශන.

මෙම සංවිධානය මෙරට ක්‍රියාත්මක බවට කිසිදු ලිඛිත සාක්ෂියක් නොමැත. සත්‍යවශයෙන්ම “තබ්ලිග් ජමාත්” අන්තවාදී මතවාදයකි. එම මතවාදයේ එල්බගෙන සිටින පුද්ගලයින් තමන්ගේ සාමාන්‍ය ජිවිතයේ ක්‍රියා කාරකම් පවා සිදුකරන්නේ අදාළ මතවාදයට අනුවයි.

එම මතවාදය අඩංගු ග්‍රන්ථ 6ක් ඇත. Shaykh Muhammad Zakariyya Kandhelvi නමැති පුද්ගලයා විසින් එම ග්‍රන්ථ 6 රචනා කර ඇත. මෙම රචකයා තබ්ලිග් ජමාත් නිර්මාතෘ ඉල්ලියාස් ගේ දියණියගේ සැමියායි.

අදාළ පොත් 6 වන්නේ,

  1. Riyadus Salehin,
  2. Muntakhab Ahadith,
  3. Hayatus Sahaba,
  4. Fazael e Amaal,
  5. Fazail -e- Durood,
  6. Fazail-e-Sadqaat.

1941 වසරේදී තබ්ලිග් ජමාත් මතවාදය බිහිවීමෙන් පසු මේ දක්වාම භාවිතා කරන්නේ මෙම පොත් 6 පමණකි.

මෙම පොත් කියවීම “තාලීම්” ලෙස හඳුන්වයි.
අදාළ ග්‍රන්ථවල මිනි මැරීම ආදී ප්‍රචණ්ඩකාරී ඉගැන්වීම් නැත. නමුත් අන්ධ භක්තිය දරුණු ලෙස උගන්වයි.

Related posts

ජාත්‍යන්තර පොලීසිය ලවා අර්ජුන් මහේන්ද්‍රන් අල්ලා කුදලාගෙන මෙරටට ගෙනෙන්නැයි ඉල්ලයි

colombotoday

සන්නස්ගල වන්දි නඩුවෙන් පරාදයි.. ලක්ෂ 25ක් ගෙවන්න අධිකරණයෙන් තින්දුයි

colombotoday

දොළ පිදේණි ලෑස්තියි… ෆෙඩරල් ව්‍යවස්ථාවට අත් උස්සන එක් ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකුට රු මිලියන 400ක්…

colombotoday

ඉෂාලිනිගේ දේහය දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අද ගොඩ ගැනේ

colombotoday

ඒකාබද්ධ විපක්ෂයත්, ශ්‍රීලනිපයත් අතහරී… මහින්ද එන ඡන්දයේදී ස්වාධීන වෙයි

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව අද තවත් පැමිණිල්ලක් – ඉතා කාර්යක්ෂමව විභාගය හෙට

colombotoday