Business

ගිය වසරේ ශ්‍රී ලංකන් පාඩුව කෝටි 1370 ක්‌

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් අලාභය ගිය වසරේ (2017) දී රු. බිලියන 13.7 ක්‌ (රු. කෝටි 1370 ක්‌) දක්‌වා ඉහළ ගොස්‌ ඇත.

2016 වසරේදී එම සමාගම වාර්තා කළ අලාභය රු. කෝටි 1040 ක්‌ වන අතර මේ අනුව ගිය වසරේ (2017) දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අලාභය රු. කෝටි 330 කින් ඉහළ ගොස්‌ තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්ෂික වාර්තාවේ (2017) මේ බව සඳහන් වේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආදායම ගිය වසරේදී රු. කෝටි 14800 ක්‌ දක්‌වා සියයට 13.7 කින් ඉහළ ගියද, එම සමාගමේ මෙහෙයුම් වියදම රු. කෝටි 16170 ක්‌ දක්‌වා සියයට 13.7 කින් ඉහළ යැම නිසා මෙසේ එම සමාගම අඛණ්‌ඩව අලාභ වාර්තා කළ බවද මහ බැංකු වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

ආර්ථිකමය වශයෙන් වාසිදායක නොවූ මාර්ගවල අඩු මගී ආසන පිරීමේ අනුපාතය මෙම අලාභයට හේතු වී ඇති බවද මහ බැංකු වාර්තාව කියයි.

මේ නිසා මේ වසරේ (2018) දී නවදිල්ලිය හයිද්‍රdබාද් සහ ලාහෝර් දක්‌වා ගමන්වාර ඉහළ නැංවීමට සහ සීෂෙල්ස්‌, මාලේ සහ ගෑන් දූපත්වලට පවත්නා ගමන්වාර අඩු කිරීමටද එසේම චීනයේ කුන්මින්ග් වෙත පැවැති ගුවන් ගමන් වාර අත්හිටුවීමට ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සැලසුම් කර ඇතැයි මහ බැංකු වාර්ෂික වාර්තාවේ තවදුරටත් සඳහන්ය.

Related posts

ගිණුමේ මුදල් සොරාගෙන. දේපලත් වෙන්දේසි කරලා. | හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක්

colombotoday

අවසන් මාස 9ට ශ්‍රී ලංකන් ශුද්ධ අලාභය රු.බි. 40ක්

colombotoday

ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට සියල්ල සූදානම්

colombotoday

ජනපතිවරණ උණුසුම අස්සේ ඩොලරය රු. 183ට නගී…

colombotoday

ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG විදුලිබලාගාරයට කැබිනට් අනුමැතිය

colombotoday

ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිෂ්පාදිත නව ප්‍රිමියම් හයිබ්‍රිඩ් ගෑස් | ලිට්‍රෝ සමාගමේ නව්‍ය හා ආරක්ෂිත LPG විසඳුම.

colombotoday