Colombo Today Local News

STF එස්.අයි. කුඩු සල්ලි මුස්ලිම් ජාතිකයෙක් ළග ආයෝජනය කරලා

ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක අජිත් ප්‍රේමලාල් නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් ලක්ෂ 25ක මුදලක් මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයකු ළඟ ආයෝජනය කර ඇති බව හෙළි වී ඇත.

එමෙන්ම ඔහු අක්කරයක ඉඩමක් මිලදී ගෙන තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25)දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි සැකපිට එම කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගොනු කර තිබෙන පැමිණිල්ලකට අදාළව කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම දැනුම් දීම කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වැඩිදුර වාර්තා වේ සඳහන් කර තිබෙන්නේ එම ආයෝජනය වෙනුවෙන් ඔහුට මාසිකව 2.5%ක ​පොලි මුදලක් හිමිවී තිබෙන බවයි. ඊට අමතරව අදාළ පොලිස් පරීක්ෂකවරයා සිය නිවස ආසන්නයේ පිහිටි අක්කරයක පමණ ඉඩමක් මිලදී ගෙන තිබෙන බවත් ඔහු පදිංචි නිවස අසාමාන්‍ය ආකාරයෙන් වරින් වර නවීකරණය කර ඇති අතර අවස්ථා ගණනාවකදී විශාල සාද පවත්වා තිබෙන බවටත් විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවෙන් සඳහන් කර ඇත.

Related posts

හෝමාගම කර්මාන්තශාලාවේ ගින්නෙන් වායු ගෝලයට සහ අවට පරිසරයට හානි

Admin

ආර්ථික විද්‍යාව ගැන මා සමග විවාදයකට එන්නැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට මං අභියෝග කරනවා.

colombotoday

කූරගල අනවසර මුස්ලිම් පල්ලියට ඊයේ රාත්‍රියේ හෙන ගහලා

colombotoday

කොටි පිළිරු ඉදිකිරීමට පැමිණි ශිවාජිලිංගම් හා සෂීදරන් ප්‍රදේශයේ තරුණයෝ පන්නා දමති

colombotoday

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගත් 8 දෙනා රිමාන්ඩ්…

colombotoday

ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය ලංකාවේ නිපදවයි

colombotoday