Colombo Today Local News

මැතිවරණයක් පැවැත්වීම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ විශිෂ්ට ක්‍රියාවක් – ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි

මැතිවරණයක් මගින් ජනතා කැමැත්ත තීරණය කිරීමට ඉඩ සලසා දීම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ විශිෂ්ට ක්‍රියාමාර්ගයක් බව, ඉන්දියාවේ භාරතීය ජනතා පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා ප්‍රකාශ කරයි. විපක්‍ෂය විරෝධය පළකිරීම කනගාටුදායක තත්ත්වයක් බවද ඒ මහතා පෙන්වා දෙයි.

විපක්‍ෂ කණ්ඩායම් මෙලෙස මැතිවරණ අනවශ්‍ය බව ප්‍රකාශ කරන්නේ ඇයි දැයි ප්‍රශ්න කරන ඒ මහතා ඔවුන් එය සුබවාදීව පිළිගත යුතු බවද, මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනු ඇති බවද සඳහන්කරයි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සදහන්කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සුබ්‍රමනියම් මහතා පෙන්වා දී තිබෙන්නේ ශ්‍රී ලංකාව ඉලක්කකර ගන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා වැනි ස්වාධීන පුද්ගලයකු ආපසු බලයට එන නිසා බවත් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කරුණුවල දී ඉන්දීය රජය පසුවන්නේ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක බවත්ය. ශ්‍රී ලංකාවට ව්‍යවස්ථාවක්, අධිකරණයක් තිබෙන බව පෙන්වා දී තිබෙන ඒ මහතා කුමක් කළ යුතුද යන්න සම්බන්ධයෙන් ක්‍රමානූකූලව මැතිවරණ මගින් ජනතාව තීරණය කරනු ඇති බවද, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතැම් බලතල දියකර හැරිය ද ඇතැම් වගන්ති හරහා ඔහුට බලය පැවරෙන බවද පෙන්වා දී තිබේ. මෙහිදී නීත්‍යානූකූල නොවන දෙයක් සිදුකළේ නම් මැතිවරණයක් මඟින් විරෝධය දැක්වීම සඳහා ජනතාවට ඉඩදිය යුතු බවද ජනතාවගේ කැමැත්ත තීරණය කරන හොඳම ක්‍රමය ඡන්දය බවද සඳහන්කර ඇත.

Related posts

ඩොලරයේ අද මිල

colombotoday

හිටපු හමුදා බුද්ධී ප්‍රධානියා FCID යට.. පැය 8ක් ප්‍රශ්න කරයි !

colombotoday

අසහාය සිනමාවේදියා දැයෙන් සමුගනිද්දී සම්මානය හොරු ගනී…

colombotoday

දින තුනකට යළි ඇඳිරි නීතිය පනවන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක්

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුළු තිදෙනෙකුට රටින් පිට වීම වළක්වමින් අධිකරණ නියෝගයක්

colombotoday

නසීර්ගේ පුටුව හිස් බව මැතිසබා ලේකම්වරිය මැතිවරණ කොමිසමට දන්වයි

Admin