Colombo Today Local News

එජාපය තුළ තරුණයන්ට තැනක් නෑ… අපි ඉන්නේ කලකිරීමෙන් – සුජීව

එක්සත් ජාතික පක්ෂය තුළ වැඩ කළ හැකි තරුණ නායකයින් සිටියද, ඒ සඳහා පක්ෂය තුල අවස්ථාවක් හිමි නොවන බව ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ මහරගම පැවති උත්සවයකින් අනතුරුව ය. වැඩිදුරටත් අදහස් දැක්වූ එම මහතා කියා සිටියේ තමාට හිමි රාජ්‍ය ඇමති ධූරය සමථ මණ්ඩලයේ සභාපති ධූරයක් වැනි අමාත්‍යාංශයක් බවයි. ඉන් තමාට කිසිවක් කිරීමට ඉඩ නොලැබෙන බවත් රටට කිසිවක් කිරීමට හැකියාවක් නොමැති බව ද පැවසී ය.

පවතින ආණ්ඩුව නිර්මාණය කිරීමේදී මෛත්‍රිපාල සිරිසේන මහතා හෝ රනිල් වික්‍රමසිංහ මහතාට වඩා විශාල කාර්යභාරයක් තමා වැනි තරුණ නායකයින් ඉටු කල බවත් මේ වන විට ඔවුන් නොසලකා හැර ඇති බවත් සුජීව සේනසිංහ මහතා පවසයි. එසේම පක්ෂයෙන් ඉවත්වසිට නැවත පක්ෂයට සම්බන්ධ වූ පුද්ගලයන්ට පක්ෂය තුළ ලැබෙන පිළිගැනීමවත් තරුණ නායකයන්ට නොලැබෙන බව ඔහු පවසයි.

එසේම පක්ෂය ගැන කලකිරීමෙන් සිටින බවත් පක්ෂයේ අනාගතය පිළිබඳ කණගාටුවන බවත් සේනසිංහ මහතා පවසයි.

Related posts

අරලියගහ මැදුරේ භික්ෂූන් දහසකට ෆෙඩරල් දානයක් !

colombotoday

කොරෝනා මෘත දේහ බහාලන්න කාඩ්බෝඩ් මිනිපෙට්ටි හදයි

colombotoday

පාසල් මුරකරු සිසුවියන් තිදෙනෙක් අපයෝජනය කරලා

colombotoday

ලබන සඳුදා දුම්රිය ධාවනයේ වෙනසක්

colombotoday

තිරිඟු පිටි මිල යලිත් රු 40කින් වැඩිවෙයි

colombotoday

රාජ්‍ය මාධ්‍ය පක්ෂග්‍රාහීයි… ගුවන්විදුලි සභාපති, ජනමාධ්‍ය ලේකම් කථානායක හමුවට කැදවයි…

colombotoday