Articles

කොටින්ට අනියමින් ඊලම දෙන්න ගිය චන්ද්‍රිකා දණ ගැස්සවූ මෙහෙයුම. | ඥානසාර හිමි නොසිටියානම් ඕමල්පේ සෝභිත නාහිමි අපවත් වෙලා.

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය විසින් සුනාමි සහන මණ්ඩලය නමින් කොටි සංවිධානයට, අනියමින් ඊලම හා සාමන බලතල ලබාදිම ආපසු හැරවිම සදහා එදා දේශප්‍රේමින් දිවි හිමියෙන් කටයුතු කලහ. ඕමල්පේ සෝභිත හිමි මහනුවර දළදා මාලිගාව අභියස උපවාසය සිදු කරත්දි එයට ශක්තියක් විම පිණිස කොළඹ ජනාධිපති මන්දිරය අභියස අපි දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකලහ. කඳුළු ගැස් ජලප්‍රහාර මැදින් අවසානයේ සුනාම් සහන මණ්ඩලය රජය විසින් අකුලාගත් ගත්හ..

ඉතිහාසයේ ජාතියට විජයග්‍රහණක් උදාකර දුන් එකම මාරාන්තික උපවාසය

ඓතිහාසික කන්ද උඩරට ගිවිසුම හරහා බ්‍රිතාන්‍ය කිරීටයට ශ්‍රී ලංකාව පාවා දීමෙන් අනතුරුව කොටි ත්‍රස්තවාදයට ජාත්‍යන්තරව තාන්ත්‍රික භාවයක් සහ බිලියන ගණනක විදේශ මුදල් අත්පත් කරදීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් යෝජනා කිරීම එදා මෙදා ඉතිහාසයේ විශාලතම දේශද්‍රෝහී පාවාදීමකි.
2005 මැයි මාසයේ අගදී එවකට එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය විසින් ඉන්දියාව ඇතුළු බටහිර රටවල් සහ ප්‍රභාකරන් ඇතුළු කොටි ඩයස්පෝරාව ඉදිරියේ දනින් වැටෙමින්, සුනාමි සහන මණ්ඩලය නමින් විපතට පත් උතුරු නැගෙනහිර ජනතාවට සහන සලසන බව රටට කියමින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යාන්ත්‍රණය (P-TOM) පරාජය කිරීම සඳහා දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක සහ “එවකට” ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමියන් විසින් “රට දැය සමය වෙනුවෙන් ජීවිතය අත්හරිමි” යැයි අධිෂ්ඨාන කරමින් මාරාන්තික සත්‍ය ක්‍රියාවක් ආරම්භ කළ අතර එකී උපවායෙන් ඇති වූ පීඩනය නිසා ඒකාබද්ධ යාන්ත්‍රණය අත්හැරීමට එවකට පාලක පක්ෂයට සිදුවිය. එලෙස ඉතිහාසයේ ජාතියට විජයග්‍රහණක් උදාකර දුන් එකම මාරාන්තික උපවාසය සිදුකර අද ට වසර (16) දාසයක් සම්පූර්ණවේ.

ඥානසාර හිමි නොසිටියානම් ඕමල්පේ සෝභිත නාහිමි අපවත් වෙන්න ඉඩ තිබ්බා.

එම අරගලයේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේගේ නිර්භීත භාවය සහ ඒ මොහොතේ උන්වහන්සේ සිද්ධකල තීරණාත්මක කාර්යභාරය නොවන්නට අද පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමියන්, රටත් ජාතියත් රැකගැනීමට මාරාන්තික උපවාසයකින් අපවත්වූ ප්‍රථම සංඝ පීතෘන් වහන්සේ වීමටද ඉඩ තිබුණි.

උපවාසය ගැන එවක ජනාධිපතිනිය වූ චන්ද්‍රික ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ මතය වුයේ ඕමල්පේ ස්වාමින් වහන්සේ අපවත් වූවත් ප්‍රභාකරන් සමග සුනාමි ඒකාබද්ධ යාන්ත්‍රණය අත්සන් කරන බවයි.

උපවාසය සිදුකලේ මහනුවර දළදා මාලිගාවේ වූ නිසා කොළඹට එහි රස්නය දැනුනේම නැති තරම්ය. දැනුනත් එය ආණ්ඩුව ගණන් ගත්තේ ද නැත.
මේ සිදුවීමට යන බැරෑරුම් තත්වය හොඳින් තේරුම් ගත් ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ, අප කිහිප දෙනෙක් මහනුවර දළදා මාලිගාවේ සිට කොළඹ පැමිණියෙමු.

පසුව උන්වහන්සේලාට කොළඹ රත් කිරීමට පමණක් නොව කොළඹ ගිනි ගැන්වීමටද, එමගින් චන්ද්‍රිකා ඇතුළු ආණ්ඩුවද, ඉන්දියාව ඇතුළු බටහිර රටවල්ද අවසානයේ ප්‍රභාකරන් ඇතුළු කොටි ඩයස්පෝරාවද දණ ගැස්සවිමටද හැකිවිය.

එදා “සුදු නෙලුම්” සහ “තවලම්” පවත්වමින් චන්ද්‍රිකා රජය, කොටි හිතවාදී මතවාද සහ සිංහල සමාජය තුල ජනප්‍රිය කරන ලද යුද විරෝධී හැඟීම්, පොංගු තමිල් උත්සව, පරාජය කිරීමට අප දිවිහිමියෙන් කල සටනේ, එක් පරිච්චේදයක් නන්දිකඩාල් වලින් අවසන් කළේ ය.

පාලිත වික්‍රමරත්න

Related posts

පාරේ ලිංගිකව හැසිරීමම කලාව කරගත් වැලිකඩ සිට එලියට ආ ඉරාජ් – සිල් බිදගත්තේ නදීශාම විතර ද?

colombotoday

පෙරටුගාමී ෆනී බෝයිලාගේ අයවැය විරෝධයට පසුවදනක්…

colombotoday

“නව ව්‍යවස්ථාවක් හදන්න මේ ආණ්ඩුවට බෑ” – ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි

colombotoday

නාග විහාරාධිපති නාහිමිගේ ආදාහනය සහ යාපනයේ අළු යට ගිනි පුපුරු

colombotoday

බෝඩ් ගහගෙන ‘වෙනසක්‌’ කරන මොකක්‌ද මේ අලුත් සෙල්ලම

colombotoday

යාපනේ ගිය සජිත් ප්‍රේමදාස හා 13 වන සංශොධනය

colombotoday