Covid 19World

සනී ඩියෝල්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වෙයි.

බොලිවුඩ් රංගන ශිල්පියෙකු මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සනී ඩියෝල් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඔහු මේ බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

64 හැවිරිදි සනී ඩියෝල් උරහිසෙහි ඇති වූ ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර සිදුකළ පරීක්ෂාවකදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර මේ වන විට නිරෝධායනය සඳහා යොමුව ඇති බව සනී ඩියෝල් ප්‍රකාශ කර ඇත.

තමන් සමීපව ඇසුරු කළ පුද්ගලයින්ට ද නිරෝධායනය සඳහා යොමු වීමට පියවර ගන්නා ලෙස ඔහු සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

අද කොවිඩ් ආසාදිතයින් 741ක්

colombotoday

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති රට හැර යයි. – ජනපති මන්දිරයේ පාලනය තලේබාන් සංවිධානය අතට

colombotoday

කොරෝනා අසාදිත සංඛ්‍යාව 248 දක්වා ඉහළට

colombotoday

කොවිඩ් වැළදී ප්‍රතිකාර ලබමින් සිටි දැරියක් රෝහල තුළදී දූෂණය කරලා

colombotoday

හදවත් සසල කළ අකුණු පහර කැමරාවේ

Admin

රුසියාවෙන් 100% සාර්ථක කොවිඩ් එන්නතක්.

colombotoday