Colombo Today Local Newsfeatured

කොරෝනා මරණ වැළලීමට ඉල්ලු පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභා කරයි. – Breaking News

කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන් ආදාහනය නොකොට භූමිදානය කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් මුස්ලිම් සහ ක්‍රිස්තියානි කණ්ඩායම් කිහිපයක් විසින් ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම් නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(01) තීන්දු කර තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසුරිය, මුර්දු ප්‍රනාන්දු, පද්මන් සුරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීරණය ලබා දී ඇත.

පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන්, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, පුලස්ති රූපසින්හ, කනිශ්කා දේවේන්ද්‍ර, පුලස්ති හේවාමාන්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත නීතිඥ මඩුල්ලක් පෙනී සිටින ලදි.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජෙශ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ සහ කනිෂ්ක බාලපටබැඳි යන මහත්වරු ද මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සමග නීතිඥ රුක්ෂාන් සේනාධීර මහතා පෙනී සිටින ලදි.

Related posts

අලුත් ව්‍යවස්ථාව මර උගුලක් – අමරපුර ධර්මරක්ෂිත මහා නිකායත් විරෝධය පළකරයි !

colombotoday

හිංදු විද්‍යාලයේ මුස්ලිම් ගුරුවරුන්ට අන්තවාදී ඇඳුම්. සිද්දිය පිටුපස ත්‍රිකුණාමලයේ මුස්ලිම් දේශපාලකයෙක්

colombotoday

මහින්ද අධිකරණයට

colombotoday

තවත් කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු හදුනා ගැනේ

colombotoday

ජනපතිගෙන් ගවයන්ට තාවකාලික සහනයක් !

colombotoday

විදෙස් ප්‍රේෂණ ඉහළ යයි

Admin