Colombo Today Local News

වෘතිය සමිතියක් ආරම්භ කලාට ස්වර්ණවාහිනී සේවකයන් 15 ක් රැකියාවෙන් දොට්ට

“ස්වර්ණවාහිනී” රුපවාහිනී නාලිකාව තුල සේවය කරන සේවකයන් විසින් වෘතිය සමිතියක් ආරම්භ කර ඇති අතර එහි පළමු රැස්වීම ඊයේ (18) දහවල් කෑම පැය තුල පවත්වා තිබෙනවා. ඒ පිළිබඳව කළමනාකාරිත්වය දැනුවත් කර තිබූ බවත් එම රැස්වීමෙන් පසුව ආයතනයේ සේවකයින් 15 දෙනෙකු සාධාරණ හේතුවකින් තොරව ආයතනයෙන් ඉවත් කර දැමීමට ප්‍රධාන විධායක නිලධාරී මහේන් පෙරේරා කටයුතු කර ඇති බවත් සේවකයින් චෝදනා කර සිටිනවා.

මෙලෙස ඉවත් කරන ලද සේවකයින් අතර ජනප්‍රිය ඉදිරිපත් කරන්නන් වන නදීක කරුණානායක, අරුණ බණ්ඩාර වාසුන්දර, තිලිනි පෙරේරාද ඇතුලත් වී ඇත.

මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇති අතර කම්කරු දෙපාර්තමෙන්තුවටද පැමිණිලි කර ඇති බවට අප වෙත වාර්තා වෙනවා.

“ස්වර්ණවාහිනී” මාධ්‍යආයතනය “LTTE කළු සල්ලි” මත ක්‍රියාත්මක වෙන බවට චෝදනා එල්ල වී ඇති බ්‍රිතාන්‍ය “ලයිකා මොබයිල්” සමාගමේ සින්ගපුරුවේ ලියාපදිංචි වෙනත් සමාගමකට විකුණා දමා තිබෙනවා. එම ගනුදෙනුව ඉතා දුෂිතව සිදුවී ඇති බවට පසුගිය කාලය පුරාම විවිධ පාර්ශව චෝදනා කර සිටි අතර සිංහල රුපවාහිනී නාලිකාවක් කොටි ඩයස්පොරා ග්‍රහණයට ලක් වූ පළමු අවස්ථාවද මෙයයි.

Related posts

නවක වදය ගැන පරීක්ෂණ CIDට පවරයි

Admin

2020 අවසන් වනතුරු GSP බදු සහනය ලබා දීමට ඇමරිකානු ජනපති ට්‍රම්ප් එකග වෙයි

colombotoday

විදුලිය බිඳවැටීමෙන් පාරිභෝගිකයන් 475,000ට බලපෑම්

colombotoday

ඉන්ධන ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ පාර වසති

colombotoday

බොදුබල සේනාව ජනාධිපති හමුවුණේ ඇයි?

colombotoday

හම්බන්තොටින් ඉදිරිපත් වෙන්න ඇති බව නිසා සජිත් කොළඹින් මැතිවරණයට ඉදිරිපත් වෙන්න සුදානම් වෙනවා- මහින්ද

colombotoday