Colombo Today Local NewsCovid 19featured

ගෙයින් ගෙට ගොස් වෛරසය පතුරුවන තබ්ලික් ජමාත් – ආරක්ෂක අංශ, රජය නොදන්නා තිත්ත ඇත්ත.

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ කොරෝනා ආසාධිතයකු හමුවීමත් සමගම එම පුද්ගලයා ප්‍රදේශයේ නිවාස රැසකට ගොස් තිබූ බැවින් කිසිදු පුද්ගලයෙකුට එම ප්‍රදේශයෙන් පිටතට පැමිණීමට හෝ පිටතින් එම ප්‍රදේශයට යාම තහනම් කිරීමට බලධාරීන් ක්‍රියා කරන ලදි.

ඉතා කෙටි කාලයක් තුල නිවාස විශාල ප්‍රමාණයකට අදාළ පුද්ගලයා ගමන්කිරීමට හේතුව තබ්ලික් ජමාත් ආගමික සම්ප්‍රධායක් බව බහුතර සමාජය නොදන්නා මුස්ලිම් සමාජය දන්නා රහසකි. ඇඳිරි නිතිය ක්‍රියාත්මක වුවද මේ මොහොතේ පවා මුස්ලිම් ගම්මානවල තබ්ලික් ජමාත් ආගමිකයින් ගෙයින් ගෙට යමින් සිටියි.

තබ්ලික් ජමාත් අනුගාමිකයින් රටින් රටට, නගරයෙන් නගරයට, ගමින් ගමට, නිවසින් නිවසට ඉස්ලාම් ආගම ප්‍රචාරය කිරීම සඳහා ගමන්ගන්නා පිරිසකි. ඔවුන් සාම්ප්‍රධායික සුෆි මුස්ලිම්වරුන් තමන්ගේ මතවාදයට හරවා ගනියි. සාම්ප්‍රධායික මුස්ලිම් පල්ලි ක්‍රම ක්‍රමයෙන් තම අනසකට ගනියි. නිවසට පැමිණ පල්ලියට පැමිණෙන ලෙසට හොඳින් හෝ නරකින් පවසයි. කොරෝනා රෝගීන් වාර්තා වී දැනට වසා දමා ඇති බණ්ඩාරගම අටළුගම, මහනුවර අකුරණ, පුත්තලම කඩුමයන්කුලම තබ්ලික් ජමාත් බහුතරයක් වෙසෙන ස්ථානයන් වේ.

මේ අතරින් බණ්ඩාරගම අටළුගම ප්‍රදේශය තබ්ලික් ජමාත් රාජධානියක් බව කිව යුතුය. සිංහල ජාතිකයෙකු හා විවාහ වීම හේතුවෙන් පසුගිය වසරේදී “අබ්දුල් හසන් ෆාතුමා හයිෆා” නැමති කාන්තාවට විරුද්ධව ෂරියා නිතිය ක්‍රියාත්මක කර ගල් ගසමින් පාරේ ඇඳගෙන ගියේ මේ කියන අටලුගමදිය. ෂරියා නීතිය ක්‍රියාත්මක කීරීමට පෙර මරාව පල්ලියේ පිරිස් උදේ හවස නිවසට පැමිණ මුස්ලිම් ජාතික කාන්තාව හා විවාහ වූ සිංහල ජාතිකයාට මුස්ලිම් ආගමට පැමිණෙන ලෙස බලපෑම් කර තිබේ. එයට අවනත නොවූ තැන මුස්ලිම් කාන්තාව දික්කසාද කරගැනීමට උත්සහ කර ඇත. එම උත්සාහය ද සාර්ථක නොවීම හේතුවෙන් මුස්ලිම් කාන්තාවට විරුද්ධව ෂරියා නීතිය ක්‍රියාත්මක කර ඇත. ඒ සඳහා මුලිකත්වය ගෙන තිබුනේ ද අටළුගම මරාව මුස්ලිම් පල්ලියයි. ඊට සම්බන්ධ බවට චෝදනා එල්ලවූ මරාව පල්ලියේ සභාපති හැර අනෙකුත් සියලු දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදි. එලෙස ඉදිරිපත් කරන ලද පුද්ගලයින් විසි දෙදෙනෙකුගෙන් තිදෙනෙක් තවමත් සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගතවය. ඒ අතර එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන ඉමිතියාස් හාජියාර් නැමැත්තා ද වේ. කෙසේ වෙතත් පල්ලියේ සභාපතිට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීම අලස ස්වරූපයක් ගෙන තිබේ.

ආරක්ෂක අංශ මුස්ලිම් ගම්මාන තුලට පැමිණ පරික්ෂා නොකරන බැවින් ඇඳිරිනීතිය පනවා ගමනා ගමනය තහනම් කර තිබුන ද තබ්ලික් ජමාත් අනුගාමිකයින් උදේ හවස මුස්ලිම් ගම්මානවල ගෙයින් ගෙයට ඇවිදීම තවමත් සිදු කරමින් පවතී. රජයෙන් කෙතරම් උපදෙස් දුන්නද ඔවුන්ගේ අන්ධ භක්තිය ඊට වඩා විශාලා ප්‍රමාණයකින් වැඩිය. එබැවින් ආරක්ෂක අංශ මුස්ලිම් ගම්මාන තුලට පැමිණ මෙම තත්වය වැලක්වීමට වහා ක්‍රියා මාර්ග ගත යුතුව ඇත.

මෙරට ක්‍රියාත්මක වන සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන මුෆ්ති නියෝජනය කරන්නේ ද තබ්ලික් ජමාත් ඉස්ලාම් ආගමික කණ්ඩායමයි. පල්ලි වසා දමන ලෙසට ප්‍රසිද්ධ නිවේදන උලමා සංවිධානය සිදුකල ද තබ්ලික් ජමාත් කණ්ඩායම් සිදුකරන ගෙයින් ගෙට යෑම නැවත්වීමට ඔවුන් ක්‍රියා කරන්නේ නැත. එනිසා තත්වය පාලනය කිරීමට ඔවුන් දක්වන සහයෝගය විශ්වාස කල නොහැකිය. වෙනත් ආගමික සංවිධාන විශ්වාස නොකොට වහා නිතිය අකුරටම ක්‍රියාත්මක කර කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට ආරක්ෂක අංශ සහ රජය වහා ක්‍රියා කල යුතුය.

එම්. නජීම්

Related posts

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහළට

colombotoday

“රනිල් “උසී” කීවාම ෆොන්සේකා බුරන්න ඕන.. යුද විරුවෙකුට ගිය කලක් !” – ගෝලීය ශ්‍රී ලංකා සංසදය

colombotoday

වසර 7ක් හරක් මස් නොතිබූ ඇඹිලිපිටියට හරක් මස් කඩයක්… භික්ෂූන් වහන්සේ විරෝධය දක්වති

colombotoday

පොල් ගෙඩිය මැනීමේ නවතම මිනුම ගල් යුගයේ වැඩක්. නීති අධ්‍යක්ෂකවරියට චෝදනා

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් සමග මගේ කිසිම සම්බන්ධයක් නෑ.. එනිසා ඔහු ලංකාවට ගෙන්වන්න බෑ..- අගමැති

colombotoday

මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි අයෙක් අල්ලයි

Admin