Colombo Today Local News

රිෂාඩ්ගේ නිවසේ දැරියක් මිය යාම; අත්අඩංගුවට ගත් සැකකරුවන්ට උපරිම දඩුවම් ඉල්ලා තලවකැලේ උද්ඝෝෂන

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගියේ යැයි කියන ජේ.ඉෂාලිනි නැමති 16 හැවිරදි දැරියගේ මරණය සම්බන්ධයෙන් දැනට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ට අධිකරණය හමුවේ උපරිම දඩුවම් ලබාදෙන ලෙස බල කරමින් තලවකැලේ ප්‍රදේශවාසින් පිරිසක් තලවකැලේ බස් නැවතුම්පොල අසල (25) දින උද්ඝෝෂනයක නිරත විය.

තලවකැලේ ලිදුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා විසින් ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගය ඇතිව මෙම උද්ඝෝෂනය සංවිධානය කර තිබුණි.

මෙම උද්ඝෝෂණයේදි අදහස් දැක් වු අශෝක සේපාල මහතා කියා සිටියේ වතු ආශ්‍රිත ළමුන් විශාල පිරිසක් මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල ගෘහ සේවයේ යෙදවා ඇති බවත්, එම දරුවන් මෙහෙකාර සේවයෙන් මුදාගෙන යලිත් මේ රටේ ළමුන් මෙහෙකාර සේවයේ යොදා ගැනිමට නොහැකි ආකාරයට ළමා ආරක්ෂක පනත සංශෝධනය කල යුතු බවයි.

මෙහෙකාර සේවයට යොදා ගන්නා වයස් සිමාව වැඩි කල යුතු බවත්, එම නිතිද නොතකා මෙහෙකාර සේවයේ දරුවන් යොදා ගන්නා අයට සහ එම දරුවන් මෙහෙකාර සේවයේ යොදවන දෙමව්පියන්ට දැඩි දඩුවම් ලබාදිමට නිති සම්පාදනය කල යුතු බවයි අශෝක සේපාල මහතා රජයෙන් ඉල්ලා සිටින්නේ.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

සා.පෙළ ප්‍රවේශපත්‍ර බෙදාහැරීම අද සිට

colombotoday

22 ගැන සාකච්ඡා කරන්න පක්ෂ නායක රැස්වීමක්

colombotoday

මහර ගැටුම – විමර්ශන කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

colombotoday

කම්සැප විදින්න කෝටියක ත්‍රීවිල් උස්සලා

Admin

තෙල්දෙණියේ ගැටුම නිසා අගමැතිට සුබ ආරංචියක්

colombotoday

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කරයි

colombotoday