World

ප්‍රංශයට කොරෝනා ගෙනා දේවමෙහෙය

ප්‍රංශයේ ජර්මන් හා ස්විට්සර්ලන්ත දේශසීමා ආසන්නයේ පිහිටි මුල්හවුස් නගරයේ එවැන්ජලිස්ත දේවස්ථානයක වාර්ෂික පූජ්‍යෝත්සවය ආරම්භ වීමට තිබුණේ සුළු වේලාවකි.

“අපි දෙවියන්ගේ මහිමය වර්ණනා කිරීමට සූදානම් වී සිටිමු. ඔබට එහි සතුට දැනෙනවාද” යයි දේශකයාණෝ රැස්ව සිටි ජනකායෙන් විමසූහ.

“ඔව්” යයි ‘ක්‍රිස්ටියන් ඕපන් ඩෝර්’ යනුවෙන් හැඳින්වෙන දේවස්ථානයේ රැස්ව සිටි දහස් ගණනක් එක හඬින් පැවසූහ. ඒ පසුගිය පෙබරවාරි 18 වැනිදාය.

එදින ආරම්භවුණු මෙම දේව මෙහෙය දින පහක් පුරා පවත්වා තිබේ. ඒ සඳහා බැතිමත්හු සැතපුම් දහස් ගනනක් දුර ගෙවා පැමිණ ඇත. ඔවුන්ගේ වන්දනා කැලැන්ඩරයේ උච්චතම අවස්ථාව මෙයයි. එහෙත් මේ වතාවේදී එතැන කොරෝනා වයිරසය ආසාදිත වූවෙක් සිටියේය.

ජර්මනියත් ස්විට්සර්ලන්තයත් ප්‍රංශයෙන් වෙන් කෙරෙන දේශසීමාව ආසන්නයේ පිහිටි මුල්හවුස් නම් කුඩා ග්‍රාමයේ ජනගහණය 100,000 කට ආසන්නය.

සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ ප්‍රංශයේ කොවිඩ් – 19 ආසාදනයවුණු විශාලම කණ්ඩායම මෙම දේව පූජාවෙන් ආරම්භ වී ඇති බවයි. මේ දක්වා තහවුරු වූ රෝගීන් 2500 ක් පමණ දෙනා එහි සිට ඇත. මෙහිදී වයිරසය ආසාදනය වූවන්ගෙන් 17 දෙනකු මියගොස් ඇති බවද ඔවුහු පවසති.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මෙම උත්සවයට සහභාගී වූ පිරිස විසින් නොදැනුවත්වම ලෝකයේ රටවල් ගනනාවකට ද කොවිඩ් වයිරසය ගෙන ගොස් ඇති බවයි. බටහිර අප්‍රිකාවේ බර්කිනා ෆාසෝ, මධ්‍යධරණී දූපතක් වන කොර්සිකාව, ලතින් ඇමරිකාවේ ගයනා සහ ස්විට්සර්ලන්තය ද ප්‍රංශයේ න්‍යෂ්ටික බලාගාරයක් වෙත ද මෙන්ම යුරෝපයේ දැවැන්තම මෝටර් රථ නිෂ්පාදනාගාර තුළටත් ඔවුහු වයිරසය ගෙනගොස් ඇතැයි පැවසේ.

සති කිහිපයකට පසු ජර්මනිය ප්‍රංශයේ දේශ සීමා අර්ධ වශයෙන් වසා දැමූහ. එහෙත් ඒ වන විට වෙන්නට ඕනෑ හරිය සිදුවී හමාරය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව මෙම උත්සවය පැවැත්වෙන විට ප්‍රංශයේ ආසාදිතයන් සංඛ්‍යාව 12කි. මුල්හවුස් පළාතේ ආසාදිතයන් කිසිවකු නොසිටියේ ය.

උතුරු යුරෝපයේ අනෙක් රටවල් මෙන් ප්‍රංශයද විශාල රැස්වීම් වලට කිසිදු තහංචියක් පනවා නොතිබිණි. අත් සේදීමට මධ්‍යසාර මිශ්‍රිත විෂබීජ නාශක නොතිබිණ. අතට අත දීම වෙනුවට වැලමිටෙන් සුබපැතුම් පිරි නැමීම නොකෙරිණ. එහෙත් මේ වන විට ප්‍රංශය පුරාම භයංකාර තත්ත්වයක් ඇතිවී තිබේ.
ප්‍රංශයේ මේ වනවිට කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යන අතර රෝගීන් 40,174ක් වාර්තා වී ඇත. මරණ 2,606ක් සිදුවී තිබේ. සුව වූ සංඛ්‍යාව 7 202කි.

(රොයිටර් පුවත් ඇසුරිණි)

Related posts

අල්ලාහු අක්බර් කියමින් ජර්මනියේ දුම්රිය මගීන්ට පොරොවෙන් කොටයි !

colombotoday

කොරෝනා සුව වූ රෝගීන්ට යළි වයිරසය සක්‍රීය වීමේ ප්‍රවණතාවක් – දකුණු කොරියාවේ රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය කියයි

colombotoday

වහාම ඉන්දියාවෙන් පිටවන්නැයි අමෙරිකානුවන්ට එක්සත් ජනපද රජය දන්වයි

colombotoday

වේගවත්ම සෙල්ලම් මෝටර් රථය

Admin

නරේන්ද්‍ර මෝදිගේ මැණියන් අභාවප්‍රාප්ත වෙයි

Admin

එක්සත් ජනපදය ලොව පළමු පියාසර මෝටර් රථයට අනුමැතිය දෙයි

Admin