Colombo Today Local News

බන්ධනාගාර කැරලි මර්දනයට බන්ධනාගාර බුද්ධි අංශයට අනුබද්ධ විශේෂ ඒකකයක්

බන්ධනාගාරවල විශේෂ ගණයේ රැඳවූවන් ආරක්ෂණය කිරීමට හා බන්ධනාගාර වල ඇතිවන කැරලි මර්දනය කිරීමට බන්ධනාගාර බුද්ධි අංශයට අනුබද්ධව විශේෂ ඒකකයක් පිහිටුවන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

මේ සඳහා අනුමැතිය ඉල්ලමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව ඒ මහතා කීවේය.

මහනුවර අද (23) පැවැති මාධ්‍ය හමුවකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුව මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත සහ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෑතක් වන තුරු දෙපාර්තුමේන්තුවේ පවතින නිලධාරී හිඟයත් ජ්‍යෙෂ්ඨ නිලධාරී පුරප්පාඩු පිරවීමට අවස්ථාව නොලැබීමෙන් පරිපාලන ගැටලු මතුවූ බවත් එම පුරප්පාඩු ලොහාන් රත්වත්තේ ඇමැතිවරයාගේ මැදිහත් වීමෙන් දැන් පුරප්පාඩු පිරවීම සිදුකරන බවත් ඒ මහතා කීවේය.

ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ පැවැත්වෙන බවත් සහකාර බන්ධනාගාර අධිකාරීවරුන්ගේ පුරප්පාඩු පිරවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා තිබෙන බවත් උපුල්දෙණිය මහතා එහිදි සදහන් කළේය.

බන්ධනාගාර නියාමකයින්ගේ විශාල හිඟයක් ඇති වි තිබෙන බවත් විභාග දෙපාර්තුමේන්තුව මගින් ඊට අදාළව 2019 දී පවත්වන ලද විභාගයේ ප්‍රතිපල අනුව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්වූ 950 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයට කැඳවා තිබෙන බවත් ඒ අතරින් 586 දෙනෙකු තෝරා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කීය.

බන්ධනාගාර කැරලි මර්දනය කිරීමටත් විශේෂ ගණයේ රැඳවූවන් ආරක්ෂණය කිරීමටත් බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය තහනම් ද්‍රව්‍ය ගෙන ඒම වැලක්වීමත් අරමුණු කර ගනිමින් ස්ථාපිත කෙරෙන විශේෂ ඒකකයේ රාජකාරී සඳහා සේවක හිඟය පියවීම සඳහා කඩිනම් පියවරක් ලෙස යුද හමුදාවෙන් වසර 12 ක සේවා කාලය අවසන් කර ඉවත්වූ 500 දෙනකු ජනපති උපදෙස් මත බඳවා ගැනීමට පියවර ගන්නා බවත් කීවේය.

යුද හමුදා පුහුණුව ලබා තිබෙන බැවින් ඔවුන් කෙටි පුහුණුවකින් පසු සේවයේ යෙදවීමට හැකියාව තිබෙන බවත් මෙම පිරිස බන්ධනාගාර කැරලි මර්දනය කිරීමටත් විශේෂ ගණයේ රැඳවූවන් ආරක්ෂණය කිරීමටත් බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය තහනම් ද්‍රව්‍ය ගෙන ඒම වැලක්වීමත් යෙදවීමට අපේක්ෂා කරන අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදි සදහන් කළේය.
.
මෙම අවස්ථාවට බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජනරාල් තුසිත උඩුවර,බන්ධනාගාර කොමසාරිස්,බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක යන මහත්වරුද සහභාගි වූහ.

Related posts

අල්ලස් ගත්බව පැවසුවාට රාජිත හා චම්පික ඇවන්ගාඩ් නිශ්ශංකගෙන් පළි ගනියි

colombotoday

මාළු අමුවෙන් ආහාරයට ගැනීමෙන් රෝගාබාධ ගණනාවක් ඇති විය හැකියි. | විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.

colombotoday

සුනිල් හඳුන්නෙත්තිගේ පාර්ලිමේන්තු සිහිනය මාතරින් බොඳවෙයි

colombotoday

ජනපති, අගමැති වනජීවී නිලධාරිනිය සමගයි !

colombotoday

CID භාරයේ සිටි ‘පොඩි ලැසී’ රක්ෂිත බන්ධනාගාරගත කරේ

colombotoday

ශ්‍රී ලංකාව උද්ධමනය 54% සීමාව ඉක්මවමින් අධි උද්ධමන කලාපයට

colombotoday