Colombo Today Local News

TNA පළුවක් ගැලවේ, විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක්?

TNA-logo_CIමෙරට සිදු වූ බව කියන යුධ අපරාධ පිළිබද සිදුකිරිමට නියමිත අන්තරජාතික විමර්ශනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් දෙමළ රාජ්‍ය පක්ෂයේ ක්‍රියාකලාපය කෙරෙහි කලකිරුණු පිරිසක් නව සන්ධායනක් බිහි කිරීමට සූදානම් වන බව වාර්තා වනවා. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් මෙම සන්ධානය පිහිටුවීමට සූදානම් වන බවයි පැවසෙන්නේ.

සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, ආනන්දි ශශිධරන්, එම්. ශිවාජිලිංගම්, යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිට්ට්‍රම්බල් යන පිරිස ඒ අතර වන බවටයි තොරතුරු වාර්තා වන්නේ. එම නව සන්ධානය පිහිටුවීම සම්බන්ධයෙන් පසුගිය සතියේ ජිනීවා හිදී දෙමළ සම්බන්ධීකරණ කමිටුවේ නියෝජිතයන් පිරිසක් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ ගජේන්ද්‍ර කුමාර් පොල්නම්බලම් යන අය සමග සාකච්ඡා පවත්වා තිබෙන බව පැවසෙනවා.

Related posts

මන්නාරම සමූහ මිනිවලේ කැනීම් දිගටම සිදු කිරීමේ අර්ථයක් නෑ. අධිකරණ නියෝගයෙන් පස්වලින් වසා දමයි

colombotoday

නව ව්‍යවස්ථාවට යෝජනාවක් : 55 පැන්නොත් ජනාධිපතිකමට ඉල්ලන්න බැහැ

colombotoday

මත්ස්‍ය ආනයන වියදම් සීමා කිරීමට අංශ කිහිපයක් යටතේ සැලසුම් සකසන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

රතන හිමිත් භාරකාර ආණ්ඩුවක් ඉල්ලයි…

colombotoday

අපේ ජන බල පක්ෂයෙන් පාර්ලිමේන්තු යන ඥානසාර හිමිගේ අතීතය

colombotoday

ගිං-නිල්වලා ගංගාවල ජලය ජනතාවට අහිමි කර චීන සමාගම් වලට ලබා දිමේ සැලසුමක්…

colombotoday