Colombo Today Local News

ඉති­හා­සයේ ප්‍රථම වතාවට දෙමල සන්ධානය එලියට විසි වෙයි | උප්පු­වේ­ලි­න­ගර කඩ­වත් සතර ප්‍රා/ සභාවේ බලය පොහො­ට්ටු­වට

පළාත් පාලන මැති­ව­රණ ඉති­හා­සයේ ආර­ම්භයේ සිටම දමිළ ජාතික සන්ධා­නය බලය හිමි කර ගෙන සිටි ත්‍රිකු­ණා­ම­ලය දිස්ත්‍රි­ක්කයේ “උප්පු­වේ­ලි­න­ගර කඩ­වත් සතර” ප්‍රාදේ­ශීය සභාවේ පාලන බලය තහ­වුරු කර ගැනී­මට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ නියෝ­ජ­නය කර­මින් කඩ­වත් සතර ප්‍රාදේ­ශීය සභාවේ නව සභා­ප­ති­ව­රයා වශ­යෙන් ආර්. ඒ. ටී. එස්. ඩී. රත්නා­යක මහතා ඊයේ (15) වැඩ භාර ගත්තේය.

ත්‍රිකු­ණා­මල දිස්ත්‍රි­ක්කය පළාත් පාලන ආය­තන 13කින් සම­න්වි­තව ඇති අතර “උප්පු­වේ­ලි­න­ගර කඩ­වත් සතර”ප්‍රාදේ­ශීය සභාව සඳහා හිමි මන්ත්‍රි ධුර සංඛ්‍යාව 22කි.

2018 පැවති පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී දමිළ ජාතික සන්ධාන මන්ත්‍රී ධුර 07ක් ලබා ගනි­මින් එහි බලය පිහි­ටු­වනු ලැබීය. ප්‍රාදේ­ශීය සභාවේ පසු­ගිය වාර්ෂික අය­වැය ලේඛ­නය දෙව­රක් පරා­ජ­යට පත්වීම හේතු­වෙන් දමිළ ජාතික සන්ධා­න­යට සිය බලය අහිමි වූ අතර ඊයේ පැවති ඡන්ද විම­සී­මේදී මන්ත්‍රී­වරු බහු­ත­ර­ය­කගේ ඡන්දය ලබා ගනි­මින් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ නියෝ­ජ­නය කරන ආර්. ඒ. ටී. එස්. ඩී. රත්නා­යක මහතා සභා­පති ධුර­යට පත් විය. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ සහෝ­දර පක්ෂ එක­මු­තු­වෙන් ඡන්ද 12ක් ලබා­ගත් අතර දමිළ සන්ධාන පාර්ශ්ව­යට ඡන්ද 10ක් පම­ණක් හිමි විය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ මන්ත්‍රී­වරු 05 දෙනා සමඟ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය නියෝ­ජ­නය කරන මන්ත්‍රී­ව­රුන් දෙදෙ­නාද එක්සත් ජාතික පක්ෂය නියෝ­ජ­නය කරන මන්ත්‍රී­ව­රුන් දෙදෙ­නාද සිය ඡන්දය භාවිත කළ අතර ඊ. පී. ඩී. පී. සංවි­ධා­නය, දමිළ සමාජ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍ර­සය යන පක්ෂ­ව­ලින් ප්‍රාදේ­ශීය සභා­වට පත්ව සිටි මන්ත්‍රී­ව­රුන් තිදෙ­නාද ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණට පක්ෂව සිය ඡන්දය භාවිත කළහ.

Related posts

“මුස්ලිම් ජනතාවගේ ප්‍රදේශයක බුදු පිළිම තැබීම යහපාලනයට පටහැනියි.. ඉවත් කරනු!“ – මහඇමති නසීර් සැර වෙයි

colombotoday

පොලිස් නිලධාරියෙක් දුන් දඩ කොලේට වෙනත් නිලධාරියෙකුට ට පොරෝ පහරක්

colombotoday

සංකූලතා නොමැති ආසාදිතයින් සඳුදා සිට නිවෙස් නිරෝධායනයට

colombotoday

පොහොට්ටුවේ සහය පක්ෂයේ අපේක්ෂක ඩලස්ට

colombotoday

ප්‍රදේශ 2 කින් නාඳුනන කාන්තා මළ සිරුරු 2ක් සොයා ගනී

colombotoday

මම පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තෙ නෑ… මම ශ්‍රීලනිප සාමාජිකයෙක් – මහින්ද

colombotoday