ArticlesColombo Today Local News

අද වනවිට තරුණ පරපුර ආගම ධර්මයෙන් ඈත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි

පූජ්‍යපාද කුඹුරුගමුවේ වජිර හිමියන්ගේ ඇසුර නිසාවෙන් තමන් බෞද්ධයකු වේ දැයි සිතුණ බව කොළඹ අගරදගුරු  මැල්කම් රංජිත් කාදිනල්තුමා පවසා තිබෙනවා.

වසර 20 කට පමණ පෙර දැන හඳුනාගත් වජිර හිමියන් තථාගතයන් වහන්සේගේ ධර්මය ඒ ආකාරයෙන්ම පිළිපදින යතිවරයාණන් වහන්සේ නමක්‌ ලෙසද හැඳින්විය හැකි බවත්, පොදු ආගමික සංහිඳියාව සඳහා උන්වහන්සේගේ ශ්‍රී ලංකාවේ ආගම් සහ සංස්‌කෘතිය පොත අත්වැලක්‌ ගෙන දෙන බවත් කාදිනල්තුමා වැඩිදුරටත් පැවසීය.

එතුමා එසේ අදහස්‌ පළ කර සිටියේ සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ගමහා පණ්‌ඩිත මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියන්ගේ 88 වැනි ජන්ම දිනයට සමගාමීව උන්වහන්සේ විසින් රචිත ‘ශ්‍රී ලංකාවේ ආගම් සහ සංස්‌කෘතිය’ ග්‍රන්ථය එළිදැක්‌වීමේ උත්සවයට එක්‌ වෙමිනි.

පෑලියගොඩ විද්‍යාලංකාර පුස්‌තකාල පරිශ්‍රයේ පැවැති මෙම උත්සවයට මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයන්, සාහිත්‍යධරයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, දේශපාලනඥයන් ඇතුළු බොහෝ පිරිසක්‌ සහභාගි වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ කාදිනල්තුමා

“බුදු දහම පිළිබඳව මා බොහෝ දුරට ඉගෙන ගෙන තියෙනවා. ඒ ඇසුරු කරන යතිවරයාණන් වහන්සේලාගෙන් බව කිව යුතුයි. ඒ අතර වජිර හිමියන්ගේ ජීවිත චරිතය වටා මහා ආදර්ශයක්‌ ගෙන දුන්නා. උන්වහන්සේගේ සරල ගති පැවතුම් ද මට අභියෝගයක්‌ ද වුණා. වජිර හිමියන් කිසි දිනක පාවහන් පැලඳීමක්‌ කරන්නේ නෑ.

එය පුදුම සිතෙන ක්‍රියාකලාපයක්‌. මගේ උත්සව අවස්‌ථාවකට රෝමයට වැඩම කළ උන්වහන්සේ මහා සීතලේ ඇවිද ගියේ සුපුරුදු ලෙස පාවහන් නොමැතිවයි. එය වජිර හිමියන්ගේ ගති ස්‌වභාවයක්‌. උන්වහන්සේ මට මනා සැනසිල්ලක්‌ ගෙනදෙන චරිතයක්‌. මේ නිසාම මා බෞද්ධයකු වේදැයි මට සිතුණු වාර අපමණයි.

බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක නමක්‌ මෙන් පොතක්‌ ලියා අනෙකුත් ආගම් පිළිබඳවද විශ්ලේෂණයක යෙදීම කිතුනු අපට කරන ලද උපහාරයක්‌ කොට සලකනවා. ආගම් වශයෙන් බෙදී කුලල් කා ගත යුතු කාලයක නොවේ අප පසුවන්නේ.

ආගමික චින්තනයන්ට පහර දෙන සංස්‌කෘතියක්‌ මේ වනවිට ලෝකය පුරා බිහි වෙමින් පවතිනවා. මේ සඳහා ආර්ථික ලෙසින් ලබන පසුබෑමද හේතුවක්‌ වෙලා. එනම් නිදහස්‌ ආර්ථික වෙළෙඳ ක්‍රමය මූලික කොට ගත් සමාජ ක්‍රමයක්‌ තුළ මූලික කොට ගෙන ඇත්තේ මුදල් වීමයි.

අද වනවිට ලෝකයේ සෑම මිනිස්‌ ජීවිතයකම විශාලතම වින්නැහිය ලෙස තණ්‌හාව දැක්‌විය හැකියි. වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය තුළිස්න් තණ්‌හාව ඇතිකර වර්ධනය කරනු ලබනවා තණ්‌හාවට මූලික වස්‌තු බීජය සපයන මුදල් පසුපස හඹා යන මිනිසා ආගමික චින්තනවලින් බැහැර වීමට පටන් අරන්.

අද දවසේ මිනිසා ආගම වෙළෙඳ භාණ්‌ඩයක්‌ කොට ගෙන ඒ තුළින් තම තමන්ගේ ප්‍රශ්න විසදා ගැනීමට සිතනවා, ක්‍රියා කරනවා. ආර්ථික වශයෙන් තමන්ගේ පොහොසත් බව විදහා දක්‌වන මිනිසා ශිෂ්ටාචාරයෙන් දිළිඳු බවට පත් වෙමින් සිස්ටිනවා.

මානව ශිෂ්ටාචාරයේ මුල් බැස ගත් ස්‌වභාව ධර්මය හා බැඳුනු විධි පද්ධතීන්ටද පටහැනි දේ පිළිගනිමින් ක්‍රියා කරන්නට මිනිසා යොමු වෙලා ඇති බවක්‌ දක්‌නට ලැබෙනවා. පිරිමි දෙදෙනකු විවාහ වීම ලෝකයේ කතාබහට ලක්‌ වන්නක්‌. ඇතැම් රටවල් මෙය නීතිගත කොට පිළිගැනීමට පටන් අරන්.

මෙවැනි සංසිද්ධි සමාජ සදාචාරයට පටහැනියි. මෙවැනි විකාර රූපී සංකල්ප ඉස්‌මතු වන්නේ මිනිසා ආගමික චින්තනයෙන් බැහැර වූ සමාජ ක්‍රමයකදීයි. ආගම අතකොළුවක්‌ බවට පත් කරගෙන මිනිසා එය තමන්ට අවශ්‍ය වූ විටෙක පාවිච්චි කරන්ට සූදානම් වෙනවා. ඇතැම් බලවතුන් ද මේවාට අනුබල දීමෙන් මිනිසා සිරකරුවකු බවට පත්ව සිටිනවා.

මේ ක්‍රමය අපේ රටට ඇතුළු වන්නේ ආසන්න ලෙසින් 1980 සිටයි. වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය තුළ නොයෙක්‌ ආකාරයේ ව්‍යසනයන් සමාජගත කර ඒවාට ගෞරව ප්‍රමුඛතා ලබා දෙන තත්ත්වයක්‌ නිර්මාණය වෙනවා. මේ නිසා තරුණ පරපුර ආගම ධර්මයෙන් ඈත් කරන බලවේග කතාබහ බිහි වී තිබෙනවා. මෙය මුදල් මත සිදුවීම දකින්නට පුළුවන්.

‘පුංචි පවුල රත්තරන්’ කියා සංකල්පයක්‌ බිහි වුණා මතක ඇති. දරුවන් බිහිකිරීම කරදරයක්‌ බවට මිත්‍යා මත පැතිරවීමෙන් සමාජය දුබල කිරීම මෙහි මූලික අරමුණයි.

දරුවන් ඕනේ නෑ. හොඳට කලා බිලා විනෝදයෙන් ජීවත් වෙන්න කියා ඔවුන් මතවාදයක්‌ හදනවා. මෙවැනි මතවාද පතුරුවන අය තරුණ පරපුර ගිලගැනීමට යත්න දරමින් සිටිනවා. මෙයින් මනුෂ්‍ය වහල් භාවයට යොමු කිරීමේ ක්‍රමවේදයක්‌ නිර්මාණය වෙනවා.

මේ නිසා අප එකිනෙකා ආගම් වශයෙන් කලබල ඇතිකර නොගෙන හැකි තරම් තේරුම් ගෙන සෑම ආගමකටම ගරු කරමින් ජීවත්වීමට හුරු පුරුදු විය යුතුයි. සමාජයේ පොදු ආගමික ප්‍රබෝධයක්‌ මතුවීම තුළින් සංහිඳියාව මතු වෙනවා. මේ සඳහා මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියන්ගේ ශ්‍රී ලංකාවේ ආගම් සහ සංස්‌කෘතිය පොත අපට අත්වැලක්‌ ගෙන දෙනවා” යනුවෙන් පවසා තිබුනි.

Related posts

මගේ ජාතික නායකයා ප්‍රභාකරන් පමණයි

colombotoday

17ක් රෝහලට යැවූ අනතුර නිසා ඩුප්ලිකේෂන් පාර වැසේ

Admin

ලක්විජය බලාගාරයේ ඉන්දීය ජාතිකයින් 31 නිරෝධායනයට

colombotoday

මාසෙකට ලක්ෂ 24ක් ලාබ ලැබූ වඩේ බිස්නස් එක වැහුනේ ගෝඨා නිසා – නිරෝෂන්

colombotoday

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2017

colombotoday

කදුකරයේ කළු කොටියා මද්දකට හසුවෙයි

colombotoday