World

කරුණු 4කින් යුත් ට්‍රම්ප්-කිම් ප්‍රඥප්තියට අත්සන් තබයි…

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කොරියානු නායක කිම් ජොන්ග් උන් අතර අද සිංගප්පූරුවේදී පැවති ඓතිහාසික හමුවේදී දෙපාර්ශවය අතර කරුණු හතරකින් යුත් ප්‍රඥප්තියකට අත්සන් කර තිබේ.

දෙරටේම ජනතාවගේ කැමැත්ත පරිදි සාමය හා සමෘද්ධිය අත්පත් කරගැනීම සදහා ඇමරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර නව සබදතා ඇතිකරගැනීම.

කොරියානු අර්ධද්වීපය තුළ දීර්ඝ කාලීන සාමයක් ස්ථාපිත කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට අධිඨන් කරගැනීම.

2018 අප්‍රේල් 27 වැනිදා ඇති කරගත් පැන්මුන්ජොම් ප්‍රඥප්තිය අනුව යමින් කොරියානු අර්ධද්වීපය සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික හරණයකට ලක්කිරීමට යළි ප්‍රතිඥාදීම.

යුද සිරකරුවන් පෙරළා සියරටට ගැනීම සහ ගැටුම්වලදී අතුරුදන් වූවන්ගේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට දෙරටම කැපවීම.

යන කරුණු 4කින් යුතු ට්‍රම්ප්-කිම් ප්‍රඥප්තියට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන්ග්-උන් අත්සන් තබා තිබුණි.

Related posts

සෞදි අරාබිය 2020දී බංකලොත් වෙනවා – IMF

colombotoday

තුර්කියට සහ ග්‍රීසියට බලපෑ භූ කම්පනයෙන් 22ක් ජීවිතක්ෂයට

colombotoday

මාලදිවයින් ජනපතිවරණයේ විපක්ෂයේ අපේක්ෂක ඉදිරියෙන්

colombotoday

ජෝ බයිඩ්න් ආසියාවේ සංචාරයක

colombotoday

පැය 12ක් තුළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් 714 ක් මිය ගිහින්

Admin

ඉරානයේ ස්ථාන 52කට පහර දෙනවා ! ට්‍රම්ප් මහා යුද්ධයකට සැරසෙයි !

colombotoday