Colombo Today Local News

භික්ෂු පනත ව්‍යවස්ථාවට පටහැනියි.. සම්මත කරන්න පාර්ලිමේන්තුවේ 3/2, ජනමත විචාරනයක් ඕනෑ – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

supreme courtථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතේ ඇතැම් දේවල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවත්, එබැවින් එය සම්මත කිරීමටනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇතැයි කථානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුට දැනුම්දී ඇත.

එහෙත් ව්‍යවස්ථාවට අනනුකූල නොවන කොටස් ඉවත් කරන්නේනම් සාමාන්‍ය බහුතර බලයකින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමට හැකියාවක් පවතින බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් බව කථානායකවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුවට පෙන්වාදී තිබේ.

මෙම පනත් කෙටුම්පත 2015 දෙසැම්බර් මස 14 වන දින රජයේ ගැසට්පත්‍රයේ පළකොට බුද්ධ ශාසන අමාත්‍යවරයා විසින් 2016 ජනවාරි මස 12 වන දින ඉදිරිපත් කර ඇත.

Related posts

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අද රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට

Admin

කුළියට සාමාන්‍ය පෙළ ලියු අයෙක් අත්අඩංගුවට

colombotoday

විශ්වවිද්‍යාල තුළට මත්ද්‍රව්‍ය පැමිණීම ගැන පරීක්ෂණ කරන්න – ජනපතිගෙන් ආරක්ෂක අංශයට උපදෙස්

Admin

විදෙස්ගතව සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday

ගංජා ගෙන්වීමේ ප්‍රබල ජාවාරම්කරුවෙකු වන ටාසන් නැමැත්තාට අයත් කේරළ ගංජා තොගයක් අල්ලයි

colombotoday

21 දක්වා පාර්ලිමේන්තුව කල් තැබේ

colombotoday