Colombo Today Local News

උදයංග වීරතුංග මෙරටට ගෙනෙන්න බැරිවෙන ලකුණු

එක්සත් ආරාබි එමිර් රජ්‍යයේ ආගමන විගමන නිලධාරින් විසින් රදවා ගෙන සිටින රුසියාවේ  හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට ලබා  දීමට නම් උදර්පන  නීතයට අනුව කරුණු ඉදිරිපත් කරන ලෙස  අන්තර් ජාතික පොලිසිය හරහා ශ්‍රී ලංකාව දැනුවත් කර ඇතැයි වාර්තා වේ.

එරට ආගමන විගමන නීතී උල්ලංඝනය කිරීම නිසා රදවා ගෙන සිටින උදයංග වීරතුංග මහතා දඩයකට යටත්කර පැමිණි රටටම පිටුවහල් කිරීමට පෙර අදාළ කරුණු ලබාදෙන ලෙස ද දන්වා ඇති බව පැවසේ.

කෙසේවුවද, වීරතුංග මහතාට සෘජු නඩු පැවරීමක් සිදු නොකර ඇති බැවින් ඔහුට අන්තර් ජාතික පොලිසිය ඉල්ලා සිටින වාර්තා ලබා දීමේ ගැටලුවක් මතුව ඇති බවද මේ අතර වාර්තා වේ.

එසේම වීරතුංග මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති අතර අපරාධයක් සිදුව තිබේද යන්න සොයා බැලීම සදහා  අධිකරනයට කරුණු වාර්තා කිරීමක් පමණක් සිදු කර ඇති නිසා උදර්පනයට අදාළ නිල ලේඛණ ඉදිරිපත් කිරිමට නොහැකී වී ඇති බවද පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඔහුට මේවන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත්කර ඇත්තේ මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයකට පොලිස්  මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවස්ථා තුනකදී නොතීසී නිතුක් කළද එයට නොපැමිණීම නිසාය.

ඩුබායි ඔස්සේ මැලේසියාවට ගමන් කිරිමට ගත් උත්සහයේදී පසුගිය පෙබරවාරි 04 වැනිදා වීරතුංග මහතා එරට අගමන විගමණ නිලධාරින් විසින් රදවා ගත්තේය.

කෙසේවුවද, මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ, නීතීපති දෙපාර්තමේනතුවේ හා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරින් 15 දෙනෙකු පමණ අවස්ථා තුනකදී විරතුංග මහතා මෙරටට රැගෙන ඒම සදහා ඩුබායි වලට ගියද එම උත්සහයන් ව්‍යාර්ථ විය.

Related posts

මෛත්‍රී ගොඩගියේ එජාප ඔරුවේ නැගලයි – මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

colombotoday

තවත් ග්‍රාම නිලධාරි වසම් 11ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ

colombotoday

ගෑස් සිලින්ඩරයක් පුපුරා පුද්ගලයින් 6ක් රෝහලේ…

Admin

මෛත්‍රී – මහින්ද සාකච්ඡා ඇරඹෙයි.. අගමැතිකම ශ්‍රීලනිපයට.. කැබිනට් සංශෝධනයක් ??

colombotoday

අධිකරණ ඇමති දැඩි තීරණයක් ගනී !

colombotoday

හිරුණිකා ඇතුළු පිරිස ඇප මත මුදා හරී

Admin