Colombo Today Local NewsTop Stories

ඥානසාර හිමිගෙන් ප්‍රශ්න අහන්න ආ උලමාට කටඋත්තර නැතිවෙන්න නිසි පිළිතුරු

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ලබාදුන් සාක්ෂිය හේතුවෙන් සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයට අගතියක් සිදු වූ බවත් එම නිසා එම නිසා උන්වහන්සේගෙන් ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් උලමා සංවිධානය ඉල්ලීම හේතුවෙන් එම අවස්ථාව පසුගිය 8,9,10 යන දිනයන්හී ලබා දීමට කොමිෂන් සභාව කටයුතු සුදානම් කර දී තිබුනා.

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය වෙනුවෙන් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගෙන් ප්‍රශ්න ඇසීම සඳහා පැමිණියේ සෞදි අරාබියේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයකු වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සංවිධාන නියෝජිතයෙක් ද වන ජාවෙඩ් යූසුෆ් නැමති නීතිඥ වරයායි.

හලාල් සහතිකකරණය මුස්ලිම් ජනතාවට අයත් දෙයක් බවත් ඊට විරුද්ධ වන්නේ කුමක් නිසාද යන්න ඔහු ඥානසාර හිමිගෙන් විමසා සිටි අතර හලාල් මුස්ලිම් ජනතාවගේ ශුද්ධ අයිතියක් බව පිළිගන්නා නමුත් හලාල් සමස්ත ජනතාවට කැවීමට අවශ්‍ය නොවන බවත් උලමා සභාව හලාල් සහතිකරණය පටන් ගැනීමට පෙර මෙරට මුස්ලිම් ජනතාව ආහාර අනුභව කල බවත් හලාල් බලහත්කාරය මගින් සමාජ බෙදුම්වාදය ඇති කරන බවත් පිළිතුරු ලබා දෙමින් ඥානසාර හිමි සඳහන් කර සිටියා.

උලමා සභාවේ වහාබි නියෝජනය පිළිබඳව ඥානසාර හිමි සිදුකල චෝදනාව පිළිබඳව ඥානසාර හිමිගෙන් නීතිඥ ජාවෙඩ් යූසුෆ් ප්‍රශ්න කර සිටි අතර උලමා සංවිධානයේ සභාපතිවරයා සොහොන් තිබෙන නිසා සූෆී මුස්ලිම් පල්ලියක්වන දවටගහ පල්ලියටවත් නොයන දැඩි මතදාරී පුද්ගලයෙක් බවත් අවධාරණය කර සිටියා.

කාන්තාවන්ට “ගෝනි බිලි ඇඳුම” ඇන්දවීම පිළිබඳව ඥානසාර හිමි මීට පෙර දක්වා තිබූ අදහස් පිළිබඳව ප්‍රශ්න නගා සිටි නීතිඥවරයා පාස්කු ප්‍රහාරයෙන් පසුව උලමා සභාව විසින් ආරක්ෂක අංශවලට සහය වීම සඳහා මුහුණු ආවරණ ඉවත් කර පෙන්වන ලෙස නිකුත් කර තිබු මාධ්‍ය නිවේදනයක් උන්වහන්සේට පෙන්වා සිටියා. එම අවස්ථාවේ උලමා සභාව විසින් කාන්තාවන්ගේ සම්පුර්ණ ශරීරයම (ඇඟිලි පවා) වැසෙන සේ ඇඳුම් ඇඳීම අනිවාර්ය කර නිකුත් කර තිබූ ෆාත්වා නියෝගයක් නීතිඥවරයාට පෙන්වා සිටි අතර එම අවස්ථාවේදී නීතිඥවරයා දැඩි අපහසුතාවයකට පත්වන දක්නට ලැබුනා. “වහන්න කියන්නෙත් උලමා ගලවන්න කියන්නෙත් උලමා” යැයි ඥානසාර හිමි එම අවස්ථාවේදී සභාවට ප්‍රකාශ කර සිටියා.

කාන්තාවන් සම්පුර්ණයෙන් වැසෙන සේ ඇඳුම් ඇඳීම පිළිබඳව සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ මතය කුමක්දැයි කොමිෂන් සභාව නීතිඥවරයාගෙන් විමසා සිටි අතර ඔහුට ඒ සඳහා නිසි පිළිතුරක් නොවුණු අතර උලමාගෙන් විමසා කියන්නම් යැයි ඔහු සඳහන් කර සිටියා.

Related posts

රවුෆ් හකීම් ත්‍රස්තවාදී සහරාන් සමග ගනුදෙනුවක. වීඩියෝ සාක්ෂි මෙන්න

colombotoday

ලන්ඩන් කොටි ඩයස්පෝරා ප‍්‍රධානියා කටුනායකදීම හරවා යවයි

colombotoday

ඔක්තෝම්බර් 15 වැනිදා සිට දුම්රිය ධාවනය යළි අරඹයි

colombotoday

නිවැරදි දේ කිරීමට නොහැකි රාජ්‍ය නිලධාරියා රටට බරකි.මගේ ක‍්‍රමයට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න..- ජනපති

colombotoday

BBC වැඩසටහනක චතුර සේනාරත්න විහිළුවක් වෙයි

colombotoday

ඒකාබද්ධ පොදුජන පෙරමුණ ජනවාරි 2 කරළියට.. මහින්ද තීරණාත්මක තීන්දුවක් ගනී !

colombotoday