Colombo Today Local News

භූමිදානය අවශ්‍යනම් කලයුත්තේ පාරේ උද්ඝෝෂණ රංගන දැමීම හෝ අමාත්‍ය ධුර අවභාවිතා කරමින් වංගු ගැසීම නොවෙයි.

කොරෝනා වෛරසය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමිදානය කිරීමට ඉල්ලා සිදුවන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා facebook සටහනක් යොදා තිබෙනවා.

එම සටහන පහත පරිදි වේ…

COVID 19 අසාදිත බවට තහවුරු වූ මෘත දේහ බැහැරලීම.

බෝවන රෝග පාලනය සඳහා වූ දැනට දිවයින තුල බලපවත්වන සක්‍රියම නීතිමය ප්‍රතිපාදනය 1897 අංක 03 දරන නිරෝධායන රෝග ස්පර්ශකයින් වෙන්කර තැබීමේ සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පණතය.(මෙම ආඥා පණත 1917 අංක 07,1919 අංක 14, 1920 අංක 14,1936 අංක 13,1939 අංක 11,1941 අංක 05 , 1943 අංක 38 සහ 1952 අංක 12 දරණ සංශෝධන වලින් සංශෝදිතව ඇත).

මෙම ආඥා පණත මගින් බෝ වන රෝග පාලනය සඳහා රෝග දැනුම් දීම,රෝගීන් විමර්ෂණය,නිරෝධායනය,රෝහල් ගත කිරීම,රෝහල් තුල රඳවා තබාගැනීම,රෝගීන් වෙන්කර තැබීම සහ බෝවන රෝගයකින් පෙළුන අයෙකු ලෙස තහවුරු වූ මෘතදෙහයක් බැහැරලීම සඳහා වූ නෛතිකමය ප්‍රතිපාදන ස්ථාපිත කර ඇත.

එකී ප්‍රතිපාදන අනුව සහ ආඥා පණතේ ප්‍රතිපාදන අනුව බලධරයා ලෙස ගරු සෞඛ්‍ය අමාත්‍ය වරියට පැවරී ඇති බලතල අනුව COVID 19 අසාදිත බවට තහවුරු වූ මෘතදේහයක් අවසන් බැහැරලීම කලයුතු ආකාරය 2020.04.11 දින නිකුත් කල අංක 2170/8 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් නීතිගත කර ඇත.

එහි 4 (අ) වගන්තිය අනුව එම මෘතදේහය සෙල්සියස් අංශක 800 සිට 1200 දක්වා වූ උෂ්ණත්වයක විනාඩි 45 සිට පැය 01 ක් දක්වා වූ කාල සීමාවක් නිසිබලධරයා නියම කරන ස්ථානයකදී ආදාහනය කල යුතුය.

එය දැනට ස්ථාපිතව පවතින නීතිය වන අතර එය වෙනස් කල හැක්කේ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් එම ගැසට් පත්‍රයේ අදාළ වගන්තිය ගැසට් පත්‍රයක් මගින් වෙනස් කිරීමකින් පමණකි.යම් ජන කණ්ඩායමකට එය වෙනස් කිරීමට අවශ්‍යනම් විශේෂඥ උපදෙස් මත පදනම්ව එම වගන්තිය වෙනස් කරගත යුතු බව අවධාරණය කරගත යුතුය.එසේ නොමැතිව පාරේ උද්ඝෝෂණය කරමින් රංගන දැමීම හෝ ජනතා පරමාධිපත්‍යයේ බලයෙන් ලබාගත් තම අමාත්‍ය ධුර අවභාවිතා කරමින් වංගු ගැසීම නොවන බවත් අවබෝධ කරගත යුතුය.අපි වර්තමානයේ කටයුතු කලයුත්තේ පවතින නෛතික ප්‍රතිපාදන වලට මිසක අනාගතයේ වෙනස් වීමට නියමිත සංශෝධන වලට අදාලව නොවන බව ආණ්ඩුවේ, විපක්ෂයේ සහ විකල්ප දේශපාලන නළුවන්ට අවධාරණය කරවමි.

උපුල් රෝහණ (සභාපති ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය)

COVID 19 අසාදිත බවට තහවුරු වූ මෘත දේහ බැහැරලීම බෝවන රෝග පාලනය සඳහා වූ දැනට දිවයින තුල බලපවත්වන සක්‍රියම නීතිමය…

Posted by Upul Rohana on Wednesday, 23 December 2020

Related posts

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) පස්වරුවේ දී නිකුත් කෙරේ

colombotoday

ඊළම දකුණු පළාත දක්වා දිගුවෙයි.. කොටි සමරන්න අවසර දෙන්නැයි රජයෙන් ඉල්ලයි

colombotoday

විරෝධතාකරුවන්ට පොලීසියෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

වංචා දුෂණවලට සම්බන්ධ පුද්ගලයින් හෙළිදරව් කිරීමට සුදානම් – පුජ්‍ය ඇල්ලේ

colombotoday

විශේෂ මහාධිකරණයෙන් ගෝඨාභයට ඇප…

colombotoday

ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිල අහස උසට නගී

Admin