Colombo Today Local News

“බෙල්ල මිරිකා දැමීමට නොහැකි වීම ගැන මට සමාවෙයන්.” – එච් එම් ජයවර්ධන සහ කසුන් කල්හාර ගැන සන්නස්ගල කතා කරයි

තරුණ හදවත් ආදරයෙන් වැළඳගත් කසුන් කල්හාර ජයවර්ධන ඔහුගේ පියා වන මහා සංගීතඥ එච් එම් ජයවර්ධනයන් අසනීපව රෝහලේ ප්‍රතිකාර ලබන මේ මොහොතේ තම පියා පිළිබඳව සොයා නොබලන බව පවසමින් facebook තුල ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා. නමුත් එය ප්‍රතික්ෂේප කරමින් උපුල් ශාන්ත සන්නස්ගල facebook සටහනක් එක් කර තිබෙනවා.

“ආදරණීය කසුන් කල්හාර ඇතුළු මිතුරියනි මිතුරනි;

මා මේ අදහස පසුගිය කාලයේ කොහේ හෝ තැනකදී කෑගසා කියන්නට සිටි වේදනාවකි. එහෙත් දැන් බලා සිටියා ඇති යැයි සිතෙන නිසා කෙටි පෝස්ටුවකින් මෙසේ කියමි.

එච්. එම්. ජයවර්ධන සංගීතවේදියා රෝගාතුරව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ලෙඩ දුක් කරදර විපත් අනතුරු මරණ අප කාටත් පොදු ය. එවැනි වේදනාකාරී අවස්ථාවක පසුවන එච්. එම්. ජයවර්ධනගේ ඡායාරූපයක් ගත් අධම මිනිසෙක් එය මුහුණු පොතේ ෂෙයා කරමින් සිටී. එය පසුබිම් කොටගෙන මානුෂවාදී ලෙස පෙනෙන ගොන් කතා ඕපදූප සහ මඩ පෝස්ටු නිර්මාණය කරමින් සිටිනු පෙනේ.

අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරාට ද, අවස්ථාවක් ලද සැනින් කළණ ගුණසේකරට ද පසුගිය සතියේ මඩ ගැසූ බව දුටිමු. චරිතවලට අහේතුකව, ද්වේශ සහගතව කුණු කතා ගොතන සියල්ලනි, ඕපදූප ගොතන්නනි, ගොන් කොමෙන්ටු දමන අමනයනි, ඉතිහාසයේ කිසිවෙකුටත් වඩා තොප මඩ ගැසුවේ මට ය. මගේ දුප්පත් අම්මාට අප්පච්චිට ය. අප අතර තිබූ පොහොසත් ආදරය තොප දන්නේ නැත.

මිතුරියනි මිතුරනි, මෙම පෝස්ටුව සමඟ අමුණා ඇති සේයාරුව ගන්නා ලද්දේ මගේ බිරිඳ විසිනි. ඒ අප විවාහ වී ගමට ගිය පළමු දවසේ ය. අප සතරදෙනා ගමේ පීල්ලෙන් දිය නා ගෙදරට එන අතරතුර යහළබැද්ද පන්සල ළඟ පාරේදී ය. අප ගමේ යන විට අපට කුඩා කැමරාවක් දුන්නේ උපාලි කන්නංගර මිතුරා ය.

මා අම්මා අප්පච්චි බැලීමට ගමට ගිය හැම විටම මිතුරෝ දෙතුන් දෙනෙක් ද නො වරදවා අපේ ගමට ආහ. අප්පච්චිගේත් අම්මාගේත් අවමංගල්‍යයන්ට දහස් ගණනක් මිතුරෝ සහභාගි වූහ. මා අම්මා පොත ලියූ පසු මඩ ප්‍රහාරය ඇරඹිණ. මගේ අම්මා නගරයේ සිඟමන් යැද කළුබෝවිල රෝහලේ අසරණව මියගිය බව එක් අමනුස්ස ලියන්නෙක් මුහුණු පොතේ ලියා තැබී ය. ඒ මුසාවේ එල්ලුණු දහස් ගණනක් මට ශාප කරමින් කොමෙන්ටු දැමූහ. දහස් ගණනක් ලොව පුරා එය ෂෙයා කළෝ ය. මේ ඡායාරූපය යොදාගත් තවකෙක් “සන්නා තමන්ගේ දෙමාපියන් මොරටුවේ අනාථ නිවාසයකට රැගෙන යන අවස්ථාව” යනුවෙන් ලියා තැබී ය. මුහුණු පොතේ කාලකණ්ණින්ගේ ශාපය තවමත් මා පසුපස එන බවත් විනාශකාරී වේදනාවකින් මා දවන බවත් කාලකණ්ණි සතුට ලබන සියල්ලන් වෙනුවෙන් ලියා තබමි.

ආදරණීය කස්සා ;
මා ලබා ඇති ගිනියම් වේදනාවේ එක කඳුළක්වත් උඹේ ඇහේ නළියනු දකින්නට මා කැමති නැත. මගේ ජීවිතේ ඇස ගැසී ඇති දුලබ මිනිස්කමින් උඹ ගුණවන්ත ය. උඹේ සත්පුරුෂකම්, උඹේ ජනප්‍රියකමටත්, දක්ෂකමටත් වඩා බොහෝ උස ය.

උඹ කොටට කොටේ බරට බරේ කදමලු බැඳගෙන තාත්තා බලන්නට යන හැටි හොඳින් දන්නා මට, මේ එක කාලකණ්ණියෙක් අල්ලා බෙල්ල මිරිකා දැමීමට නොහැකි වීම ගැන මට සමාවෙයන්.”

Related posts

තායිවාන බැංකුවට විද්ද “හංසයා” පක්ෂයේ සභාපති මෙරට පුරවැසියෙකු නොවන බව හෙළිවේ !

colombotoday

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිදරු මවක් මිය යයි

colombotoday

සුදු මල්ලී හෙරෝයින් සමග පොලීසියට කොටු වෙයි

colombotoday

කාන්තාවකට පහරදුන් ස.ජ.බ.යේ ආණමඩුව ආසන සංවිධායක අත්අඩංගුවට

colombotoday

රටේ ව්‍යවස්ථාටවත් යටත් නැති සිංගප්පූරු පුරවැසි දූෂණ චූදිත මහෙන්ද්‍රන් මහබැංකු අධිපතිකමට එපා !

colombotoday

අගමැතිතුමා බැදුම්කර වංචාවේ සියළු මුදල් සාක්කුවේ දාගත්තේ නෑ… එතුමා පාරිශුද්ධ බෝධිසත්වයෙක් නෙවෙයි – රංජන් අගමැතිගේ ක්ලීන් සූට් ගලවයි

colombotoday