Colombo Today Local News

පාස්කු වාර්තාව වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය වෙන ප්‍රකාශනයක් | අස්ගිරි සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමියෝ කියති.

මේ වනවිට පෞද්ගලික අදහස් තමන්වහන්සේ දක්වා ඇති බවත් ඉදිරියේදී සංඝ සංහාවේ මතය ප්‍රකාශ කරන බවත් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද අනුනායක ස්වාමින් වහන්සේ ඊයේ (8) දින ප්‍රකාශ කර සිටියා.

“පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව බැලුවහම ජාත්‍යන්තරය වුනත් හිතන්න පුළුවන් මේ දේ කලේ සිංහල බෞද්ධයා කියලා. ඒ තරමටම මේක වාර්තාව වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය වෙන විදිහේ ප්‍රකාශනයක්” යැයි අනුනායක හිමියෝ අවධාරණය කර සිටියහ.

බොදු බල සේනා සංවිධානයේ නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු ජාතික සංවිධාන නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේලා පිරිසක් ඊයේ (8) මහනුවරදී හමුවූ අවස්ථාවේදී අනුනායක හිමියෝ මෙම අදහස් දැක්වීම සිදුකරන ලදි.

Related posts

සමරිසි ආලය පිහි ඇනුමකින් කෙළවර වෙයි…

colombotoday

දූෂණ චූදිතයෙක් මීළග අගවිනිසුරු පුටුවට ගෙන ඒමේ මෙහෙයුමක්.. – 2020 නාගානන්ද සමග

colombotoday

ජාතික ආරක්ෂාව තර්ජනයක් කියා Facebook පාලනයට දැඩි නීති ගෙනෙයි !

colombotoday

පුතෙක් ‘පියාට’ ජනෙල් කූරකින් පහර දී මරලා

colombotoday

උඩරට විවාහ සහ දික්කසාද පනත සංශෝධනයට අලි සබ්රි, ඉදිරිපත් කල යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

colombotoday

ජෝසප් ස්ටාලින් රෙගුලාසි කඩ කල නඩුවක් කල් යයි

Admin