ArticlesColombo Today Local News

යුද හමුදා විශේෂ බළකායේ සහයෝගයෙන් පාසල් රුක් රෝපණ වැඩසටහනක් !

විවිධ බාධක, දුෂ්කරතා මැද අධ්‍යාපනය ලබන සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහා උපකාර කරන ‘විදුසත් මෙහෙවර‘ සමාජ සත්කාරක සේවය, ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකායේ සහයෝගය ඇතිව පාසල් උපකරණ බෙදාදීම හා රුක් රෝපණ වැඩසටහනක් පසුගිය 16 වනදා පදවිය, කෝන්කැටියාව විදුහලේදී සිදු කෙරිණි.

‘විදුසත් මෙහෙවර‘ විසින් පාසල් සදහා සිදු කරන සෑම සත්කාරක සේවාවක්ම සංඛේතවත් කරමින්, පාසල් දරුවන් ද සහභාගී කරවාගෙන රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර, පරිසරය සුරැකීම හා සොබා දහම පිළිබදව පාසල් දරුවන් තුළ යහපත් ආකල්ප ගොඩනැගීම හා සිසුන් ඒ සදහා නැඹුරු කරවීම එහි අරමුණ වේ.

දුෂ්කර පාසලක් වන පදවිය, කෝන්කැටියාව ප්‍රාථමතික විදුහලේ දරුවන් 204 දෙනෙකු සදහා පාසල් උපකරණ බෙදා දීම සහ රුක් රෝපණ සත්කාර්යය සදහා පූර්ණ දායකත්වය දැක්වූයේ විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන්වහන්සේගේ, ඉල්ලීම පරිදි දෙහිවල හරෙන්ද්‍ර පෙරේරා, මලිත් ජයතිලක, ඩී.එස්. බණ්ඩාර යන මහත්වරුන් විසිනි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බළකායේ මුලතිව්, නයාරු කදවුරේ නිලධාරීන් විසින් මෙම සත්කාර්යය සංවිධානය හා පූර්ණ සහයෝගය ලබා දී තිබුණු අතර, ‘මනුසත්දම්‘ සමාජ සත්කාරක සංවිධානය විසින් පූර්ණ සම්බන්ධීකරණය සහ සංවිධාන කටයුතු සිදු කරන ලදි.

විදුසත් මෙහෙවර‘ ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර්ජාල සමාජ සත්කාරක වේදිකාව (Online Social Charity Platform) වන අතර, සමාජ සුබලපෑමක් සහිත ඩිජිටල් නවෝත්පාදන සදහා, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) ඉ-ස්වාභිමානී 2018 සම්මානයද හිමිකරගෙන ඇත.

vidusath.lk ඔස්සේ ප්‍රවේශ වී දුෂ්කර පාසල් සහ ආර්ථික සහ විවිධ ගැටළු හේතුවෙන් අධ්‍යාපන අවස්ථා ගිලිහීගිය සහ, ඉතා අසීරුවෙන් අධ්‍යාපන කටයුතු සිදු කරන සිසු දරුවන් සදහා උපකාර ඉල්ලීම් යොමු කළ හැකිය. එමෙන්ම ඕනෑම පරිත්‍යාගශීලියෙකුට, එම වේදිකාව ඔස්සේ උපකාර අවශ්‍ය පාසල් සහ සිසුන් සම්බන්ධ කරගෙන සිය උපකාරය සෘජුවම ඔවුන් වෙත යොමු කිරීමේ හැකියාවද පවතී.

විශේෂ ස්තූතිය – පූජ්‍යපාද මාතර මහින්ද හිමිපාණන් වහන්සේට, හරේන්ද්‍ර පෙරේරා, මලිත් ජයතිලක, ඩී.එස්. බණ්ඩාර මහත්වරුන්ට. ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකායේ මුලතිව්, නයාරු කදවුරේ අණදෙන නිලධාරීතුමන්, මේජර් දිලන්ත විතාන, කපිතාන් සිසිර කුමාර, ලුතිනන් අසේල රාජකරුණා මහත්වරුන් ප්‍රමුඛ සියළුම නිලධාරීන් සහ සෙබළ රණවිරුවන්. මනුසත්දම් සමාජ සත්කාරක සංවිධානයේ නිර්මාතෘ පාලිත ප්‍රේමලාල් මැතිතුමන්, විදුහල්පතිනිය, ගුරු මණ්ඩලය, සිසු දරුවන් සහ දෙමාපියන්ට.

විදුසත් මෙහෙවර

https://vidusath.lk

Related posts

පක්ෂ නායක රැස්වීමේදී මනෝ ගනේෂන් ජනපතිගේ මුහුණටම කී‌ දේ

colombotoday

කොවිඩ් ආසාදනය වූ 60ට වැඩි අයට තෙවන මාත්‍රාව ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පණිවිඩයක්

colombotoday

ඉල්ලා අස් වූ ඇමතිවරු 5කට ලිපි භාරදෙන්න ජනපති නෑ

colombotoday

ජීප් රිය පැදෙව්වේ ඇමති චම්පිකමයි.. අනතුර ඇසින් දුටු සාක්ෂිකරුවන්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday

වෘක්ෂලතා පනත කැඩීයැයි චෝදනා.. අලි පැටියා ළග තබාගත්තාට උඩුවේ හිමිට නීතිපති නඩු දමයි

colombotoday

යුද හමුදාපතිට උසාවියේ පෙනී සිටින්නැයි නොතීසි !

colombotoday