Colombo Today Local Newsextremism & terrorism activities

පුත්තලමේ සුෆි බැතිමතුන් ඉලක්ක කර වහබ්වාදීන්ගෙන් ප්‍රහාරයක්

පුත්තලම මන්නාරම පාරේ පිහිටි අම්බලම් මොහාදීන් මුස්ලිම් පල්ලියට කඩා වැදුණු වහබ්වාදී කණ්ඩායමක් විසින් එම පල්ලියේ “සුබ්හානු මව්ලුත් පරායනය” කියවමින් සිටි සුෆි මුස්ලිම් බැතිමතුන් ඉලක්ක කරගෙන පිහි ප්‍රහාරයක් එල්ල කර බව එම ප්‍රදේශයේ සුෆි මුස්ලිම් ජනතාව සඳහන් කර සිටිනවා.

ප්‍රහාරකයන් කිහිප දෙනෙකු මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

අල්ලාහ් දෙවියන්ගේ පණිවුඩ කරු ලෙස ඉස්ලාමයේ සඳහන් වන නබි තුමාට වැඳීම හෝ වතාවත් කිරීම වහබ්වදීන් ප්‍රතික්ෂේප කරන අතර ඔවුන්ගේ මතය වන්නේ වැඳුම් ලැබීමට එකම සුදුස්සා වන්නේ අල්ලාහ් දෙවියන් පමණක්ම වන බවයි. කෙසේ වෙතත් මෙරට සුෆි මුස්ලිම් ප්‍රජාව නබි තුමාගේ ජන්ම දිනය සැමරීම ඇතුළු වතාවත් සිදුකරන අතර එනිසා ඔවුන් නිරන්තරයෙන් වහබ් වාදීන්ගේ ඉලක්ක බවට පත්වෙමින් තිබෙනවා. ඉස්ලාම් බැතිමතුන්ගේ අග්‍රගන්‍යම ස්ථානය ලෙස තමන්ව හඳුන්වා ගන්නා සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය පවා මෑතක් වන තුරු නබි තුමාගේ ජන්ම දිනය වෙනුවෙන් නිවේදනයක් හෝ නිකුත් නොකළ අතර බොදු බල සේනා නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ පිළිබඳව ප්‍රශ්න කිරීමෙන් පසු උලමා සභාව යම් වෙනස් ස්ථාවරයක් මේ වන විට දරන ආකාරයක් පෙනෙන්නට ඇත.

මේ අතර බොදු බල සේනා සංවිධානය විසින් පොලිස්පතිවරයාට සුෆි මුස්ලිම්වරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් ලිපියක් යවා තිබෙනවා..

පොලිස්පති තුමා,
පොලිස් මුලස්ථානය,
කොළඹ.
2021/10/15

නබි තුමාගේ ජන්ම දිනය සමරන සුෆි මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර වහබ්වාදීන් එල්ලකරන ප්‍රහාර සම්බන්ධවයි.

නබි තුමාගේ ජන්ම දිනය වෙනුවෙන් මෙ මාසයේදී මෙරට සුෆි මුස්ලිම් ප්‍රජාව විසින් සිදුකරන සැමරීමේ අවස්ථා ඉලක්ක කර වහබ්වාදී කණ්ඩායම් විසින් නොයෙක් කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන ආකරයක් නිරීක්ෂණය වෙයි. ඒ අතර බැනවැදීම්, තර්ජනය කිරීම් පසුගිය සති කිහිපය පුරා වාර්තා වෙමින් තිබුණු අතර එහි උච්චතම අවස්ථාව ලෙස පුත්තලම මන්නාරම පාරේ පිහිටි අම්බලම් මොහාදීන් මුස්ලිම් පල්ලියේ “සුබ්හානු මව්ලුත් පරායනය” සිදුකරමින් සිටි සුෆි බැතිමතුන් කිහිප දෙනෙකු ඉලක්ක කරගෙන වහබ්වාදීන් විසින් පිහි ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා විය.

අල්ලාහ් දෙවියන්ගේ පණිවුඩ කරු ලෙස ඉස්ලාමයේ සඳහන් වන නබි තුමාට වැඳීම හෝ වතාවත් කිරීම වහබ්වදීන් ප්‍රතික්ෂේප කරන අතර ඔවුන්ගේ මතය වන්නේ වැඳුම් ලැබීමට එකම සුදුස්සා වන්නේ අල්ලාහ් දෙවියන් පමණක්ම වන බවයි. කෙසේ වෙතත් මෙරට සුෆි මුස්ලිම් ප්‍රජාව නබි තුමාගේ ජන්ම දිනය සැමරීම ඇතුළු වතාවත් සිදුකරන අතර එනිසා ඔවුන් නිරන්තරයෙන් වහබ් වාදීන්ගේ ඉලක්ක බවට පත්වෙමින් තිබේ.

එම නිසා මෙම මාසය තුල නබි තුමාගේ ජන්ම දිනය සමරන ශ්‍රී ලංකාවේ සුෆි මුස්ලිම් ප්‍රජාවේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

තෙරුවන් සරණයි,

රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි.
මහ ලේකම් – බොදු බල සේනා.

Related posts

අගමැති ගන්න කාර් දෙක මිලියන 600ක් වුණාට පාඩු නෑ.. බදු ආදායම රජයටයි

colombotoday

හිටපු ජනපතිගෙන් බ්‍රිතාන්‍ය නව අගමැතිණියට සුබ පැතුම්.. දේශපාලන පාඩමකුත් ලියා යවයි!

colombotoday

අදත් පැය 3ක විදුලි කප්පාදුවක්

colombotoday

කොරියාව සමඟ දේශගුණ විපර්යාස සදහා වන සහයෝගීතා ගිවිසුමක්

Admin

දඩුවම දෙවසරක සිර දඩුවමක්… කොටි ඉල්ලූ විජයකලාට එරෙහිව පියවර ගන්න… නීතිපති පොලිස්පතිට දන්වයි…

colombotoday

“මම කෑ ගහනකොට ඔයාලත් කෑ ගහන්න” අගමැති රනිල් එජාප මන්ත්‍රීන් පෙළඹවූ හැටි මෙන්න (Video)

colombotoday