ArticlesColombo Today Local NewsTop Stories

පුරාවිද්‍යා බලධාරීන්ගේ නොසැළකිල්ල නිසා දැයට අහිමිවන වසම්මලේ චිත්‍ර ලෙන් සංකීර්ණය (Photo)

ජාතියට සම්පතක් බදු වූ මිහින්තලා කදු පන්තියේ වසම්මලේ කන්ද ආශ්‍රිතව අති පෞරාණික වටිනාකමින් සමන්විත වසම්මලේ ලෙන් චිත්‍ර විනාශවෙමින් පවති.

මිහින්තලේ සිට රඹෑව ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් කිහිපයක් ගිය පසු වසම්මලේ චිත්‍ර ලෙනට ඇතුළු වීම සදහන් කරමින් පුරාවිද්‍යා පුවරුවක් සවිකර ඇත.එතැන් පටන් එකී පුරාවිද්‍යා රක්ෂිතය තුලට පයින් යායුතුය.පුවරුවේ සදහන් ආකාරයට මෙකී ලෙනට මීටර් හත්සියයක් යා යුතුය.

රක්ෂිතය තුලට මීටර් කිහිපයක් ගමන් කල පසු ප්‍රථමයෙන් හමුවන්නේ ගවමඩුවකි. ඉතා විශාල ප්‍රදේශයක් ආවරණය කරමින් කටුකම්බි වැටක් ගසමින් තම සීමාවන් වෙන්කරගත් ගවමඩුවක් මෙවන් රක්ෂිතයක් තුල හමුවීම ඉතාම ගැටළු සහිතයි. මෙකී ගවුමඩුව මුවාවෙන් පුරාවිද්‍යා බළධාරීන් හෝ වනරක්ෂණ බළධාරීන් විසින් නිදන් මංකොල්ලයක යෙදෙන බව පැහැදිළිව දක්නට ලැබේ. මක්නිසාද යත් සාමාන්‍ය වැසියෙකුට රක්ෂිතයකින් ලීයක් හෝ කපාගැනීමට තහනම් කර ඇති මුත් පෞරාණික නටඹුන් විසිරී ඇති බිමක කටුකම්බි වැටවල් ගසා ප්‍රදේශයක් වෙනකර එහි ගවමඩුවක් ඉදිකිරීම සාමාන්‍ය ජනතාවට කල නොහැක්කකි…

නිවරදි මාර්ගෝපදේශනයක් වනය තුල සටහන් කර නැත.එම නිසා වසම්මලේ ලෙන් සොයා ගැනීම ඉතා අපහසු කාර්‍යයකි.එමෙන්ම වනය තුල ගමන් ගැනීම අනතුරුදායක බවක් පෙන්නුම් කෙරෙනුයේ වනසතුන් දඩයම් කිරීම උදෙසා බදින තුවක්කු පවා දක්නට ලැබෙන නිසාවෙනි.කෙසේ කෝ වසම්මලේ ලෙන් බැලීමට නම් කටුකම්බි ගසා ඇතුල්වීමට නොහැකී ලෙස ඉදිකර ඇති ගවමඩුව හරහා යා යුතුය…

ඉන්පසු කිලෝමීටරයක් පමණ වනය තුල ගමන් කිරීමෙන් පසු විශාල ගල්කුළු වලින් සමන්විත වසම්මලේ කන්ද හමුවේ.එහි ඇතැම් ස්ථාන නිධන් ගැනීම සදහා විනාශ කර ඇති බව පැහැදිලිව දක්නට ලැබේ.එහිද කිසිම අයුරකින් චිත්‍ර ලෙන් පිහිටා ඇති දිශාව හෝ දැක්වෙන පුවරු සවිකර නැත.බොහෝ වේලාවක් ගල්කුළු මත ඇවිදිමින් අවසානයේ චිත්‍ර ලෙන් සොයාගැනීමට අපට හැකි විය…

පුරාවිද්‍යා පුවරුවේ සදහන් ආකාරයට රක්ෂිතයට ඇතුල්වන ස්ථානයේ සිට මීටර් හත්සියයක් දුරින් මේ ලෙන් පිහිටා ඇතිබව සදහන් උවද සත්‍ය වශයෙ කිලෝමීටර් එක හමාරක් පමණ වනයේ පැමිණිය යුතුය.

අති රමණීය පරිසරයකින් හෙබි වසම්මලේ කන්ද ආශ්‍රිතව පිහිටි විශාල සිරස් ගල් කිහිපයක පෙර ලෙන් කුටි සංකීර්ණයක් තිබී ඇතිබව පැහැදිළිව පෙනේ. එම ලෙන් ඉහලින් කටාරම් කොටා ජලය ලෙන තුලට ඇතුල්වීම වලකා ඇත.ප්‍රධාන වශයෙන් ගල්කුළු හතරක් පෙනීමට තිබුනද ඊට මදක් එහායින් බිමට පෙරළී ඇති ගල්කුලද සමග ගල්කුළු දහයකට ආසන්න සංක්‍යාවක ලෙන් කුටි ඉදිකර තිබූ බව හොදින් නිරීක්ෂණය කිරීමෙන් තහවුරුවේ…

එම ලෙන් වලින් ප්‍රථමයෙ හමුවන ගල් ලෙන් සංකීර්ණයේ සුදු බදාමයක් ගල්වා එහි අලංකාර චිත්‍ර නිර්මාණය කර තිබූ බවට සාක්ෂි පවති.නමුත් බොහෝමයක් විනාශ වී ඇත.ස්වභාවික හේතු මෙන්ම සමහරක් ගොන් හරක් තම නම පවා මෙකී වටිනා චිත්‍රමත ලියා ඇත…
එමෙන්ම පැහැදිලිව දක්නට හැකිවූයේ පුරාවිද්‍යා බළධාරින්ගේ අනුදැනුම මත හෝ නිදන් හොරුන්ගේ විශාල ජාවාරමක් ක්‍රියාත්මක වන බවයි.පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමක් මෙහි කිසිදු අයුරකින් සිදුවී නැත.

මතු පරපුරේ දැනගැනීම උදෙසා අතිශය වටිනාකමකින් යුක්ත මෙකී ස්ථානය වට කොට වීදුරු සවිකර හෝ ආරක්ෂා කලයුතු බව අපගේ නිගමණයයි.

එම චිත්‍රයන්හි පැහැදිලිව කාන්තාරුවක් දැකගැනීමට ලැබේ.අනෙකුත් චිත්‍ර විනාශයට පත්වීම නිසා හරියාකාරව හදුනාගත නොහැකිව තිබේ.එම ලෙනට පහළින් විශාල ප්‍රමාණයේ ස්වභාවික පොකුණක් ගල්තලාවේ දක්නට ලැබේ.එම ස්ථානයේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් වරයා යැයි සදහන් පුවරුවක් සවිකර ඇත.එහි සදහන් වන්නේ පණ්ඩුකාභය කුමාරයා සැගවී සිටි ස්ථානයක් බවත්, පසුකාලිනව කාෂ්‍යප රජු සැගවී සිටි ස්ථානයක් බවත්, මහනුවර යුගයට අයත් චිත්‍ර මේ ලෙනක ඇති බවත්ය…

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන නිළධාරීන් තවත් එක් රජයේ රැකියාවක් කරන පිරිසක් පමණි.එම දෙපාර්තමේන්තුවට ජාතික උරුමයන් වලට පෙම්බදින පිරිසක් බදවා ගන්නවා වෙනුවෙට දේශපාලන බලය මත පිරිස් සේවයට බදවා ගන්නා බව ප්‍රසිද්ධ කාරණයකි.එවන් සේවක පිරිසක් ජාතියේ උරුමය රැකගැනීමට කටයුතු කරාවියැයි සිතීම පවා විහිළුවකි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්තුමණි,

* වසම්මලේ චිත්‍ර මහනුවර යුගයට අයත් යැයි කීමට කාබණික පරීක්ෂන පවත්වා කාලය තීරණය කලේද ?
* එමෙන්ම තවත් කරුණක් නම් චිත්‍රයක් දුටු සැනින් කාෂ්‍යප රජු සිහියට නගන්නේ මන්ද ?
* මේ හෙළදිව චිත්‍ර කලේ කාෂ්‍යප රජු පමණක්ද ?
* ඊටත් එහා ඉතිහාසයට මෙකී ලෙන් උරුමකම් කියනා බව නොපවසන්නේ මන්ද ?
* පුරාවිද්‍යා රක්ෂිතය තුල කටුකම්බි මායිම් ගසා ගවමඩු ඉදිකර ගොපල්ලන්සේ වනයේ සැරිසරමින් නිදන් සොයන්නේ පුරාවිද්‍යා නිළධාරින්ද ?

අසන්නට නම් ප්‍රශ්න ගොඩක් ඇත.එහෙත් පුරාවිද්‍යා අධ්‍යක්ෂක නම් බීරි අලියාට විනා වයා වැඩක් නැත.

අවට නිරික්ෂණයන්ගෙන් පැහැදිලි වූ තවත් කරුණක් නම් පණ්ඩුකාභය කුමාරයා පොකුණක සිය මිතුරන් සමග දිය කෙලියේ සිටියදී මාමාවරුණ් විසින් සියළු දරුවන් ඝාතනය කරද්දී දිය යට සැගවුණ ස්ථානය මෙය යැයි සිතිය හැක.දිය යටින් තවත් පොකුණු සමග උමං ආකාරයෙන් තවත් පොකුණු කිහිපයක් ගල්තලාව යටින් එකිනෙකට සම්බන්ධ වී ඇත.ගල්තලාව යටට පිවිසිය හැකි රහස් උමං මාර්ගයක්ද පැවති බවත් එය ගල්දමා වසා ඇතිබවත් පැහැදිළිව දක්නට ලැබේ…

කෙසේ නමුත් මෙකී සුවිශේෂී උරුමය නුදුරේදීම විනාශ වන බව ඉතා පැහැදිළිය….

මෙකී උරුමය රැකුමට කිසිවෙක් ඉදිරිපත් නොවෙන බව පැහැදිලිය. එමෙන්ම විනාශවීමට දිනකට හෝ කලියෙන් වසම්මලේ චිත්‍ර සහිත ලෙන දෑසින් දැක බලාගැනීමට යන ලෙස හෙළ ඉතිහාසයට පෙම්බදින ඔබෙන් ඉල්ලා සිටිමු !

 Eye capture

සංරක්ෂණය නොකිරීම නිසා අභාවයට යමින් පවතින ඉපැරණි සිතුවම්
පණ්ඩුකාභය කුමරුන් සැගවුණු බව සැළකෙන පොකුණ
ඉපැරණි ලෙන් භූමිය නිධන් හොරුන්ගේ ග්‍රහණයට
ඓතිහාසික උරුමයේ අගයක් නොදත් අමනයන් මිසින් ඉපැරණි චිත්‍ර විනාශ කර ඇති ආකාරය

 

 

Related posts

UN, යුරෝපා සංගමය, බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය දේශපාලන පරිවර්තනය පිළිබඳව කනස්සල්ලෙන්

colombotoday

ඔසුසල්වල ඖෂධ හිඟයක්.. ඩොලර් නොදුන්නොත් බෙහෙත් ගෙන්වීමත් නවතී.

colombotoday

එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් දහයක් ඉල්ලා අස්වෙයි !

colombotoday

මන්නාරමේ සිංහල සොහොන් අන්තවාදීන් කඩා දමයි

Admin

දිගන කෝටිපති ව්‍යාපාරිකයා මිය ගිය හැටි හෙළි වෙයි

Admin

ඡන්දෙන් පස්සේ ශ්‍රීලනිපය පොහොට්ටුව සමගයි – ඇමති සුසිල්

colombotoday