Colombo Today Local NewsHot News

බැලුම්ගල පුරාවිද්‍යා භූමිය විනාශ කලේ එජාප මන්ත්‍රී චන්දිම ගමගේ දැනුවත්වයි – ගම්මුන්ගෙන් චෝදනා

ඓතිහාසික විජිතපුර බැලුම්ගල පුරාවිද්‍යා භූමිය, නිවාස ව්‍යාපෘතියක් මුවාවෙන් නිධන් හැරීම සඳහා හෙළිපෙහෙළි කර ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කර සිටිනවා. ඊයේ (8) බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම ස්ථානයට වැඩම කෙරූ අවස්ථාවේදී ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මෙම විනාශය සඳහා සම්බන්ද බවට ප්‍රදේශවාසීන් විසින් කරුණු දක්වා සිටියා.

අදාල විනාශය පිලිබදව විස්තර අන්තර්ජාලයට එක් කළායැයි පවසමින් මන්ත්‍රීවරයාගේ ආධාර කරුවන් පිරිසක් කන්තවකටද තර්ජනය කර ඇති බවයි එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් සඳහන් කර සිටියේ. මන්ත්‍රීවරයාගේ ආධාර කරුවන් ප්‍රදේශය පුරා අවිදිම්න් මෙම ස්ථානය පිලිබදව විමසිලිමත්ව කටයුතු කරන බවටත් ප්‍රදේශවාසීන් සඳහන් කර සිටියා.

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විජිතපුර බලකොටුවට ආසන්නයෙන් පිහිටා ඇති බැලුම්ගල නම් වූ පුරාවිද්‍යා භූමිය නිවාස සංවර්ධන අධිකාරිය මඟින් යන්ත්‍ර සුත්‍ර යොදා එම ස්ථානයේ පුරාවිද්‍යා ස්මාරක විනාශ කර ඇතැයි පසුගිය දා මාධ්‍ය මගින් හෙළිදරව් විය.

ඒ සමඟ 07 වැනිදා පස්වරුවේ බොදු බල සේනා සංවිධානය සහ තවත් බෞද්ධ සංවිධාන නියෝජනය කරන භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම එම ස්ථානයට පැමිණ සිදුව ඇති විනාශය පිළිබඳව නිරීක්ෂණය කරන්නට වූහ.

භික්ෂූන් වහන්සේලාගේ නිරීක්ෂණයේදී තවදුරටත් නිධන් හෑරූ ස්ථාන රැසක් අනාවරණය විය. විශාල ගල් ආරුක්කු වලින් ගල් පියන්වලින් වසා ඇති ස්ථාන හාරා ඇති අයුරු මෙහිදී භික්ෂූන්වහන්සේලා විසින් සොයාගනු ලැබ ඇත.

පහළ සිට බැලුම්ගල නම් වූ ගල් තලාවට ගොඩවීම සඳහා ඉපැරණි පඩිපෙල් සහිත ස්ථානය සොයා ගැනීමද මෙහිදී සිදු විය. බැලුම්ගල නම් වූ ස්ථානයට ගොඩ වූ විට අනුරාධපුර , විජිතපුර, අවුකන, රිටිගල, උස්ගල ආදී අවට ණ ප්‍රදේශය දර්ශනය වේ.

මේ ස්ථානය එළාර රජු හා සේනාව විසින් දුටුගැමුණු රජුට හා සේනාවට පහරදීමට යොදාගත් ඔවුන්ගේ අවි ගබඩාව තිබු ස්ථානය ලෙස ගම්වැසියෝ හදුන්වති .මේ ස්ථානයේදී අවසන් සටන එළාර රජු පරාජය වීමත් සමඟ බලකොටුව තුළ විහාර ආරාම කරවා මහා සංඝරත්නයට පුජා කර ඇතැයි ජනප්‍රවාදයේ සදහන්වේ.

Related posts

කට වසනු.. හිටපු ජනපතිට හා පෞද්ගලික ලේකම්ට පාස්කු කොමිසමෙන් දැඩි නියෝගයක්!

colombotoday

වෛරස් උණ රට පුරා.. මධ්‍යම පළාතේ මරණ 17 ක්

colombotoday

ඉතිහාසයේ මුල්වරට ඉස්ලාම් දරුවෙක් දිඹුලාගලදී පැවිදි බිමට

colombotoday

උතුරු පළාතට වෙනම ජාතික ගීයක්… ඔක්තෝබර් 23ට පෙර අනුමත කරගැනීමට විග්නේෂ්වරන් දත කයි…

colombotoday

ගංජා හේනක් කල තරුණයෙක් අත්අඩංගුවට

Admin

පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ ඒකක 2ක් ස්ථාපිත කරයි

colombotoday