Colombo Today Local News

වල් ඌරන් ඝාතනයට, ප්‍රවාහනයට සහ අලෙවියට පනවා තිබූ තහනම ඉවතට

වල් ඌරන් ඝාතනයට, ප්‍රවාහනයට සහ අලෙවියට පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ යෝජනාව ඉදිරි සතියේදී අමාත්‍ය මණ්ඩලයට යොමුකරන බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ.

දැනට පවතින නීතිය අනුව වල් ඌරන් ඝාතනය කිරීම, ප්‍රවාහනය සහ අලෙවිය තහනම් කර තිබුණා.

කෘෂිභෝගවලට වැඩිම හානිය සිදුවන්නේ වල් ඌරන්ගෙන් බවට කෘෂිකර්ම අමාත්‍යාංශය සිදුකළ සමීක්ෂණයකදී හෙලිව තිබෙනවා.

ඒ අනුව එම හානිය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

එළ ගවයන් 21ක් මස්කල දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

අද විදුලිය විසන්ධි කරන කාල සටහනේ වෙනසක්

colombotoday

සමාජය තුළ කොවිඩ් ආසාදිතයින් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවනතාවයක්

colombotoday

මුරලිගේ ප්‍රකාශයට ගෝඨාභයගෙන් මල්, මනෝ ගනේෂන්ගෙන් ගල්…

colombotoday

වැඩතහනමකට ලක්වු විනිසුරු ගිහාන් පිලපිටිය නැවත සේවයේ පිහිටුවයි

colombotoday

ඉන්ධන මිල ඉහළට

colombotoday