Colombo Today Local NewsHot News

ආණ්ඩුවේ අනුග්‍රහයෙන් බුදු සසුන අද විනාශ කරනවා – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ

අද බුදුදහම විනාශ කිරීම සඳහා රජයේ අනුග්‍රහයෙන් සිදුවන කටයුතු දිහා බලනකොට අපේ හාමුදුරුවරු බුදුදහම රැකගැනීමට බෞද්ධයන්ව පන්සලට ළං කරගන්න මෙවැනි කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. අද බුදුහාමුදුරුවන්ට අපහාස කරලා පොත් ලියනවා. බුදු දහමට විරුද්ධව කටයුතු කරනවා. එවැනි අය අද මහ උගතුන් විදියට හඳුන්වනවා යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ 9 වැනිදා ගිරිඋල්ල – මැද්දේපොළ රජමහ විහාරාධිකාරි මිරිහානේ ධම්මපාල ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් එම විහාරස්ථානයේ ඉදිකරන ලද රන් වැට සහිත බෝධි ප්‍රාකාරය, අටවිසි බුද්ධ මන්දිරය විවෘත කිරීම හා ලොව විශාලතම සැතපෙන ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය ආරම්භ කිරීමේ පුණ්‍ය මහෝත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.

අපි හදපු ආර්ථිකය වෙනස් කළා. අපිට මීටත් අන්ත ආණ්ඩුවක් ලැබුණේ. නමුත් අපි යුද්ධය අවුරුදු 3න් අවසන් කළා. අවුරුදු 30කට ආසන්න කාලයක් තිබ්බ යුද්ධයක් අවුරුදු 3කින් අවසන් කළා. අපි එතැනින් නොනැවතී ආර්ථිකය ගොඩනැඟුවා. පාරවල් හැදුවා. අධිවේගී මාර්ග හැදුවා. වාරයවල්, ගුවන්තොටුපොළ හැදුවා. රටේ වටිනාකම සිය දහස් ගුණයකින් වැඩි වුණා. ලංකා භූමිය ගැන මෙතෙක් කල් ඇහුවේ මුහුදට හේදිලා ගිහින් කුඩා වන රටක් විදියටයි. නමුත් දැන් අක්කර 500 ගණනක් එකතු වෙලා කොළඹින්. හම්බන්තොටින් අක්කර 100ක දූපතක්. මේවා වික්කේ නෑ. අවුරුදු 200කට බදු දුන්නා.

අපේ කාලයේ ඒකපුද්ගල ආදායම වැඩි වුණා. විරැකියාව අඩු වුණා. නමුත් අද ඒවා විනාශ වෙලා. දැන් කියනවා ආර්ථිකය ගොඩනඟන්න තව කාලයක් දෙන්නලු.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට පාවා දීම නිසායි පොහොට්ටුව ජයග්‍රහණය කළේ. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුන්ගේ ආණ්ඩුවක් හදන්න මුක්කු ගැහිල්ල තමයි අපිට තියෙන කැක්කුම. ඒකයි අපිට තියෙන විරෝධය. අද මේ ආණ්ඩුවේ බඩු මිල වැඩිවෙනවා වගේම ජනාධිපතිතුමාගේ උපන් දිනයදාම පාන් ගෙඩියේ මිල රුපියල් 5කින් වැඩි කළා. ඒ වුවමනාව තිබුණේ කාටද? ඇයි මේ 5කින් වැඩි කළේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ජනාධිපතිතුමාගේ උපන් දිනයට ජනතාවට දුන්න තෑග්ග. කුඹුරු පාළු වුණා. අද පොල් පිටරටින් ගේන්න යනවා. බුලත් මිල අඩු වුණා. මේ හැමදේකම මිල අඩු වුණා. මෙවැනි තත්ත්වයකට රට පත් වුණා. පෙට්රලුත් වැඩිවෙයි. පාසල් යන දරුවන්ට වෑන්වලට වැඩියෙන් ගෙවන්න වෙයි. කොහොම වුණත් අපි රට ගැන හිතන්න ඕන. ශාසනය ගැන හිතන්න ඕන. සියලු ජාතීන්ට, සියලු ආගම්වලට නිදහසක් තියෙන්න ඕන.

Related posts

“ජන.8 විප්ලවයට වැඩියෙන්ම දායකවූයේ මුස්ලිම්වරුන්.. මා මුස්ලිම් අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා” – රාජිත

colombotoday

ජනපති පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය හමුවෙයි

Admin

Braking : CSN විකාශන බලපත්‍රය අත්හිටුවයි

colombotoday

රට හදන්න අපිත් එක්ක එක්වන්න.. ජනපති සියළු පක්ෂවලට අඬගහයි

colombotoday

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

අතුරුදන්වූවන් පිළිබද පනත කල් දමයි !

colombotoday